7.
(ආගන්තුක ව්යසන හේතු වූ) ඊතිය ද ගණ්ඩය ද උපද්රවය ද රාගය ද (ඇතුළත පෙළන) ශල්යය ද භය ද යන තෙල පස්කම් ගුණයෙහි ආදීනව දැක කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
ඊතී ච ගණ්ඩො ච උපද්දවො ච, රෝගො ච සල්ලඤ්ච භයඤ්ච මෙතං යනු: මෙ වදාරනලද මැ යි භාග්යවතුන් විසින්: “මහණෙනි, තෙල “භය” යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘දුක’ යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘රෝග’ යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘ගණ්ඩ’ යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘ශල්ය’ යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘සඞ්ග’ යනු කාමයට නමෙක. මහණෙනි, තෙල ‘ගර්හ’ යනු කාමයනට නමෙකි. මහණෙනි, වැළිත් කවර හෙයින් තෙල “භය” යනු කාමයට අධිවචන වේ යැ යත්: යම් හෙයකින් මහණෙනි, කාමරාගයෙන් රක්ත වූයේ ඡන්දරාගයෙන් බැඳුණේ දෘෂ්ටිධාර්මිකහයෙනුදු නො මිද්දේ ද, සාම්ප්රරායික භයෙනුදු නො මිද්දේ ද, එහෙයින් තෙල ‘භය’ යනු කාමයනට අධිවචන වෙයි. කවර හෙයින් මහණෙනි, තෙල ‘දුක’ යනු රෝග යනු ගණ්ඩ යනු ශල්ය යනු- සඞ්ග යනු දුක යනු- ගර්හ යනු කාමයනට අධිවචන වේ යැ යත්: යම් හෙයකින් මහණෙනි, කාමරාග යෙන් රක්ත වූයේ ඡන්දරාගයෙන් බැඳුණේ දෘෂ්ටිධාර්මිකගහයෙනුදු නො මිදේ ද සාම්පරායික ගර්හයෙනුදු නො මිදේ ද එහෙයින් තෙල ‘ගර්හ යනු කාමයනට අධිවචන වේ” යයි.
1-2. ‘භය ද දුක ද රෝගය ද ගණ්ඩයද ශල්යයද සඞ්ගයද පඞ්ක යැ ගර්භය යන දෙක ද යන මොහු කාමයෝ යි කියනු ලැබෙති යම් කාමයෙක්හි ඇලුණු මධුරස්භාවයෙන් බැසගත් පෘථග්ජන තෙම පුනර්භවයට (පරලෝකයෙහි ෂඩායතන ගර්හයට) යේ නම් ඔහු යැ.
3. යම් හෙයකින් මහණ තෙම කෙලෙසුන් තවන වීර්ය්යය ඇත්තේ සම්යග්ඥානය නො හරී ද, එබඳු වූ හෙතෙම මේ කර්දම (මඩ) දුර්ගය ඉක්මවා ජාතියෙන් යුක්ත වූ සැලෙන ප්රජාව බලා”යි.
ඊතී ච ගණ්ඩො ච උපද්දවො ච, රෝගො ච සල්ලඤ්ච භයඤ්ච මෙතං; එතං භයං කාමගුණෙසු දිස්වා, යනු: පස්කම්ගුණයෙහි තෙල බිය දැක බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්රකට කොට නුයි ‘එතං භයං කාමගුණෙසු දිස්වා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො යනු වේ.
එයින් වදාළහ එ පසේබුදුහු:
ඊතී ච ගණ්ඩො ච -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
8.
සිහිලස ද උණුසුම ද සාපවස් ද වා - අවු- වැසි - මදුරුවන් හා සපුන්ද යන තෙල සියල්ල මැඩ ගෙන කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙම්.
සීතඤ්ච උණ්හඤ්ච ඛුදං පිපාසං, - ‘සීතං’ යනු: දෙ කරුණෙකින් ශීත වෙයි: ඇතුළත ධාතුකෝප වශයෙන් හෝ ශීත වෙයි: පිටත ඍතු වශයෙන් හෝ ශීත වේ. උණ්හං යනු: දෙ කරුණෙකින් උෂ්ණ වෙයි: ඇතුළත ධාතුකෝප වශයෙන් හෝ උෂ්ණ වෙයි, පිටත ඍතු වශයෙන් හෝ උෂ්ණ වේ. බුදා යි සාය කියනු ලැබෙයි. පිපාසා යි පැන් බොනු කැමැත්ත කියනු ලැබේ නුයි “සීතඤ්ච උණ්හඤ්ච ඛුදං පිපාසං, -’ යනු වේ.
වාතාතපෙ ඩංසසරීසපෙ ච - ‘වාතා’ යනු: පෙරදිග වාතයෝ යැ පැළදිග වාතයෝ යැ උතුරුදිග වාතයෝ යැ දකුණුදිග වාතයෝ යැ රජස් සහිත වාතයෝ යැ රජස් රහිත වාතයෝ යැ ශීතවාතයෝ යැ උෂ්ණ වාතයෝ යැ මඳපවන් යැ අධිකවාතයෝ යැ කාලවාතයෝ යැ වේරම්බ වාතයෝ යැ පියාපත් පවන යැ ගුරුළුපවන යැ තල්පත්වන යැ (වල්විදුනා ආදියෙන් සලන) විධූපන වාතයෝ යි. ‘ආතප’ යි සූර්යසන්තාපය කියනු ලැබෙයි. ‘ඩංස’ යි ඇට මැස්සෝ කියනු ලැබෙති. ‘සිරිසංපා’ යි සර්පයෝ කියනු ලැබෙත් නුයි ‘වාතාතපෙ ඩංසසරීසපෙ ච’ යනු වේ.
සබ්බානිපෙතානි අභිසම්භවිත්වාති යනු: අභිභවනය කොට වතුරුවා හාත්පසින් මැඩගෙන නුයි ‘සබ්බානිපෙතානි අභිසම්භවිත්වාති එකොචරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ ඒ පසේ බුදුහු:
“සීතඤ්ච උණ්හඤ්ච -පෙ- එකොචරෙ ඛග්ගවිසාණකප්පො” යි