4.
තරහල් පුතක්හු විසින් මැනැවින් නිමවන ලද දිළියෙනසුලු රන්වලය දෙක අත්හි ගැටෙනු දැක කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
දිස්වා සුවණ්ණස්ස පභස්සරාති- ‘දිස්වා’ යනු: දැක බලා තුලනය කොට තීරණය කොට විමසා ප්රකට කොට සුවණ්ණස්ස යනු: රත්රනැ. පහස්සරානි යනු: පරිශුද්ධ වූ පර්ය්යවදාත වූ නුයි ‘දිස්වා සුවණ්ණස්ස පහස්සරානි’ යනු වේ.
කම්මාරපුත්තෙන සුනිට්ඨිතානි- ‘කම්මාරපුත්ත’ යි රන්කරු කියනු ලැබෙයි. කම්මාරපුත්ත සුනිට්ඨිතානි යනු: රන්කරු විසින් මොනොවට නිමවන ලද මැනැවින් කළ මොනොවට පිරියම් කරන ලද නුයි ‘කම්මාරපුත්තෙන සුනිටඨතානි’ යනු වේ.
සංඝට්ටයන්තානි දුවෙ භූජස්මිං- ‘භූජ’ යි හස්තය කියනු ලැබෙයි. යම්සේ එක් අතෙකැ නුරුවලා දෙක ගැටේ ද, එසෙයින් මැ සත්ත්වයෝ තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නරකයෙහි ගැටෙති, තිරිසන්යොන්හි ගැටෙති. ප්රේතවිෂයෙහි ගැටෙති මිනිස්ලොවැ ගැටෙති, දෙව්ලොව ගැටෙති, ගතියෙන් ගතිය උපපත්තියෙන් උපපත්තිය ප්රතිසන්ධියෙන් ප්රතිසන්ධිය භවයෙන් භවය සසරින් සසර වටින් වට ගටති මොනොවට ගටති ගැටෙමින් හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති පවතිති රැකෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘සංඝට්ටයන්තානි දුවෙ භූජස්මිං ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. එ පසේබුදුහු:
“දිස්වා සුවණ්ණස්ස -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
5.
මෙසෙයින් (ගණවාසය ඇති කල්හි) මට දෙ වැන්නකු හා සමග වාග්භිලාපය (දෙතිස් තිරිසන් කථා) වන්නේ යැ, (ඔහු කෙරෙහි) ඇල්ම හෝ වන්නේ යැ, ආයතිභවයෙහි තෙල බිය දැක්මින් කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙම්.
එවං දුතියෙන සහා මමස්ස යනු: තෘෂ්ණාව දෙ වැනි කොට ඇත්තේ හෝ පුද්ගලයකු දෙ වැනි කොට ඇත්තේ හෝ වෙයි. කිසෙයින් ‘තණ්හාදුතිය වේ’ යැ යත්: ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ....ධර්මතෘෂ්ණ යි, යමක්හු විසින් තෙල තෘෂ්ණාව ප්රහාණය නො කරන ලද ද හේ ‘තණ්හාදුතිය’ යි කියනු ලැබෙයි.
තෘෂ්ණාව දෙ වැනි කොට ඇති පුරුෂ තෙම දිගුකලක් මුළුල්ලෙහි සැරිසරනුයේ මෙ අත්බැවින් අන් අත්බවකට පැමිණීම වූ සසර නොඉක්මවා යි.
මෙසෙයින් ‘තණ්හාදුතිය’ නම් වෙයි.
කිසෙයින් ‘පුද්ගලදුතිය’ වේ යැ යත්: මෙලොවැ ඇතැමෙක් අර්ත්ථ හේතුයෙන් නො වැ කාරණහේතුයෙන් නොවැ උද්ධත වූයේ නො සන්හුන් සිත් ඇත්තේ එකකුට දෙ වැන්නෙක් හෝ වෙයි, දෙදෙනකුන්හට තෙ වැන්නෙක් හෝ වෙයි තිදෙනකුන්හට සතරවැන්නෙක් හෝ වෙයි, එහිදී බොහෝ කොට හිස් බස් තෙපලයි: හේ මෙසේයි: රාජකථා චෞරකථා මහාමාත්ර (මහඇමැතියන් පිළිබඳ) කථා සේනා කථා භය කථා යුද්ධකථා ආහාරකථා පානකථා වස්තුකථා යානකථා ශයනකථා මාලාකථා ගන්ධකථා ඥාතිකථා ග්රාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ස්ත්රීකථා