3.
එකත්නෙන් සහායසම්පත් පසසම්හ. ශ්රේෂ්ඨ වූ සම වූ සහායයෝ සෙවියයුත්තාහ. නිරවද්ය භෝජන (ආජීව) ඇත්තේ තුලුන් නො ලැබ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
අද්ධා පසංසාම සහාය සම්පදං - ‘අද්ධා’ යනු: ඒකාන්තවචන යැ නිසැක වචන යැ නිශ්ශඞ්කාවචනයැ අදෛවධවචන යැ නො දෙහිත් වචන යැ නියොගවචන යැ නො බොල් වචන යැ අවිරුද්ධවචන යැ තෙල ‘අද්ධා’ යනු සනිටුහන් වචන යි. සහාය සම්පදං යනු: යම් සහායයෙක් අශෛක්ෂ වූ ශීලස්කන්ධයෙන් සමන්වාගත වේ ද අශෛක්ෂ වූ සමාධිස්කන්ධයෙන් - අශෛක්ෂ වූ ප්රඥාස්කන්ධයෙන්- අශෛක්ෂ වූ විමුක්තිස්කන්ධයෙන්- අශෛක්ෂ වූ විමුක්තිඥානදර්ශන ස්කන්ධයෙන් සමන්වාගත වේ ද, හේ සහායසම්පත් යි කියනු ලැබේ. අද්ධා පසංසාම සහාය සම්පදං යනු: සහායසම්පත් පසසම්හ තෙමම්හ කීර්තනය කරම්හ ගුණකියම්හ නුයි. ‘අද්ධා පසංසාම සහායසම්පදං’ යනු වේ.
සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා යනු: සහායයෝ ශීලයෙන් සමාධියෙන් ප්රඥායෙන් විමුක්තියෙන් විමුක්තිඥානදර්ශනයෙන්ශ්රේෂ්ඨ වෙති සහායයෝ ශීලයෙන් සමාධියෙන් ප්රඥායෙන් විමුක්තියෙන් විමුක්තිඥාන දර්ශනයෙන් සමසදෘශ වෙති. ශ්රේෂ්ඨසහායයෝ හෝ සදෘශ්සහායයෝ හෝ සේවනය කළයුත්තාහ. භජනය කළයුත්තාහ පර්ය්යුපාසන කළ යුත්තාහ පිළිවිසිය යුත්තාහ පරිප්රශ්න කළ යුත්තාහු නුයි ‘සෙට්ඨා සමා සෙවිතබ්බා සහායං’ යනු වේ.
එතෙ අලද්ධා අනවජ්ජභෝජි යනු: ‘සාවජ්ජභෝජි’ පුද්ගලයෙක් ඇත, ‘අනවජ්ජොභොජි’ පුද්ගලයෙක් ඇති.
සාවජ්ජභෝජී පුද්ගල කවරැ යත්: මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් විස්මය කරවීමෙන් උසස් කොට බිණීමෙන් නිමිති කරන බැවින් මෙරමා ගුණ නසන බැවින් ලාභයෙන් ලාභය සොයන බැවින් දැව දීමෙන් හුණදඩු දීමෙන් (තල් ආදී) පත්ර දීමෙන් පුෂ්පදානයෙන් ඵලදානයෙන් නහනු දීමෙන් සුණු දීමෙන් මැටි දීමෙන් දැහැටිදඬු දීමෙන් මුවදෝනා දිය දීමෙන් චාටුබස් කියන බැවින් මුද්ගසූපයක් වැනි වීමෙන් (දරුවන් වැඩිමාදී) පරිභටහාවයෙන් මෙරමා පිටුමස් කන බැවින් වාස්තුවිද්යායෙන් තිරශ්චීන විද්යාවෙන් අඞ්ගවිද්යාවෙන් නක්ෂත්රවිද්යාවෙන් දූතමෙහෙවරින් හසුන් ගෙනයෑමෙන් පා මෙහෙවරින් වෙදකමින් පිණ්ඩප්රතිපිණ්ඩකයෙන් දානානුප්රදානයෙන් නො දැහැමින් නො සෙමෙන් ලැබ ලබා, පැමිණ, විඳ, ප්රතිලාභ කොට දිවි රකී. මේ ‘සාවජ්ජභොජි පුද්ගල’යි කියනු ලැබේ.
“අනවජ්ජභොජි’ පුද්ගල කවරැ යත්: මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් විස්මය කරවීමෙන් නො වැ උසස් කොට බිණීමෙන් නො වැ නිමිති කරන බැවින් නොවැ මෙරමා ගුණ නසන බැවින් නො වැ ලාභයෙන් ලාභය සොයන බැවින් නො වැ දැව දීමෙන් නො වැ හුණදඞු දීමෙන් නොවැ පත්රදානයෙන් නො වැ පුෂ්පදානයෙන් නො වැ ඵලදානයෙන් නො වැ නහනු දීමෙන් නො වැ සුණු දීමෙන් නො වැ මැටි දීමෙන් නො වැ දැහැටිදඬු දීමෙන් නො වැ මුවදෝනා දිය දීමෙන් නො වැ චාටුබස් කියන බැවින් නො වැ මුද්ගසූපයක් වැනි වීමෙන් නො වැ පරිභට භාවයෙන් නො වැ මෙරමා පිටුමස් කන බැවින් නො වැ වාස්තුවිද්යාවෙන් නො වැ තිරශ්චීන විද්යාවෙන් නො වැ අඞ්ගවිද්යාවෙන් නො වැ නක්ෂත්රවිද්යාවෙන් නො වැ දූතමෙහෙවරින් නො වැ හසුන් ගෙන යෑමෙන් නො වැ පාමෙහෙවරින් නො වැ වෙදකමින් නො වැ පිණ්ඩප්රතිපිණ්ඩකයෙන් නො වැ දානානුප්රදානයෙන් නොවැ දැහැමින් සෙමෙන් ලැබ ලබා, පැමිණ, විඳ, ප්රතිලාභ කොට දිවිරකී. මේ
‘අනවජ්ජභොජි පුද්ගල’ යි කියනු ලැබේ. එතෙ අලද්ධා අනවජ්ජභෝජි යනු: තෙල අනවජ්ජභෝජි පුද්ගලයන් නො ලැබ නො ලබා නො පැමිණ නො විඳ ප්රතිලාභ නො කොට නුයි ‘එතෙ අලද්ධා අනවජ්ජභොජි ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. එ පසේබුදුහු:
“අද්ධා පසංසාම -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
4.
තරහල් පුතක්හු විසින් මැනැවින් නිමවන ලද දිළියෙනසුලු රන්වලය දෙක අත්හි ගැටෙනු දැක කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
දිස්වා සුවණ්ණස්ස පභස්සරාති- ‘දිස්වා’ යනු: දැක බලා තුලනය කොට තීරණය කොට විමසා ප්රකට කොට සුවණ්ණස්ස යනු: රත්රනැ. පහස්සරානි යනු: පරිශුද්ධ වූ පර්ය්යවදාත වූ නුයි ‘දිස්වා සුවණ්ණස්ස පහස්සරානි’ යනු වේ.
කම්මාරපුත්තෙන සුනිට්ඨිතානි- ‘කම්මාරපුත්ත’ යි රන්කරු කියනු ලැබෙයි. කම්මාරපුත්ත සුනිට්ඨිතානි යනු: රන්කරු විසින් මොනොවට නිමවන ලද මැනැවින් කළ මොනොවට පිරියම් කරන ලද නුයි ‘කම්මාරපුත්තෙන සුනිටඨතානි’ යනු වේ.