4. 2 බ්රාහ්මණකන්යා භික්ෂුණීන්ගේ අපදානය
1116. මහාමුනිවරයන් වහන්ස, පෙර නුඹ වහන්සේට (සුළු) අසූදහසක් සියුමැලි අත්පා ඇති බමුණුකුලයෙහි උපන් (කන්යාවෝ වූහ.)
1117. මහාමුනිවරයන් වහන්ස, පෙර නුඹ වහන්සේට වෛශ්ය ශුද්ර කුලයෙහි උපන්නා වූ ද දේව නාග කින්නර වූ ද සිවුමහ දිවයින්හි, වූ බොහෝ කන්යාවෝ වූහ.
1118. කිසි කෙනෙක් පැවිදි වූවාහු ඇත, බොහෝ දෙන සිවුසස් දක්නාසුලු වෙති, දෙවියෝ ද කින්නරයෝ ද නාගයෝ ද අනාගතයෙහි සිවුසස් අවබෝධ කරන්නාහ.
1119. සියලු යශස් වළඳා සියලු සම්පතට පැමිණ නුඹ වහන්සේ කෙරෙහි ප්රසාදය උපදවා අනාගතයෙහි සත්යාවබෝධය කරන්නාහ.
1120. පසැස් ඇති මහාවීරයන් වහන්ස, බමුණු කුලයෙහි උපන් බ්රාහ්මණධීතෘ වූ අපි වැලිත් දක්නා වූ නුඹ වහන්සේගේ පාසඟුළුවන් වඳුම්හ.
1121. සියලු භවයෝ නසන ලදහ, තෘෂ්ණාමූලය මුලුසුන් කරන ලද, අනුශයයෝ සිඳින ලදහ, පුණ්යසංස්කාරයෝ බිඳින ලදහ.
1122. සියල්ලෝ සමාධි ගෝචර කොට ඇත්තාහ, එසේ මැ සමවත්හි වශී වූහ, හැම කල්හි ඇපි ධ්යානය හේතු කොට ධර්මරතියෙන් යුක්ත වැ වාසය කරම්හ.
1123. භවනෙත්ති වූ අවිද්යාව ද සංස්කාරයෝ ද ගෙවන ලදහ, නායකයන් වහන්ස, සුදුර්දශ වූ නිර්වාණ පදයට යන්නට අනුදැන වදාළ මැනැව.
1124. කළ කිස ඇති තෙපි බොහෝ කලක් මට උපකාර වූවහු යැ, බොහෝ දෙනාගේ සැක සිඳපියා සියල්ලෝ නිවනට යෙත්වා.
1125. මුනීන්ද්රයන්ගේ පාසඟුළුවන් වැඳ ඍද්ධිවිකුර්වණ කොට කිසි කෙනෙක් ආලෝකය දක්වති, යළි අන්යයෝ අන්ධකාරය දක්වත්.
1126. සඳහිරු දක්වති. මසුන් සහිත සයුර ද මහමෙර හා කුලපව් ද පරසතු රුක ද දක්වත්.
1127. තව්තිසා භවන ද යාමය ද තුසිතය ද නිර්මාණරති දෙවියන් ද මහත් ඉසුරු ඇති වසවර්තී දෙවියන් ද ඍද්ධියෙන් දක්වත්.
1128. කිසි කෙනෙක් බඹුන් දක්වති, මාහැඟි සක්මන ද කෙරෙති, බ්රහ්මවේශය ද මවා ශුන්යත ධර්මය දේශනා කෙරෙත්.
1129. නානා විකුර්වණ කොට ශාස්තෘන් වහන්සේට ඍද්ධි දක්වා සියල්ලෝ බලය දැක් වූහ, ශාස්තෘන් වහන්සේගේ පාසඟුළුවන් වැන්දාහ.
1130. මහාමුනිවරය, ඍද්ධියෙහි ද වශී වම්හ, දිව්යශ්රෝත්රධාතුයෙහි ද චේතෝපරියඥානයෙහි ද වශී වම්හ.
1131. පෙර විසූ කඳපිළිවෙළ දනුම්හ, දිව ඇස පිරිසිදු කරන ලද, සියලු ආස්රවයෝ ක්ෂය කරන ලදහ, දැන් පුනර්භවයෙක් නැති.
1132. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සමීපයෙහි අපට අර්ත්ථධර්මනිරුක්තීන්හි ද ප්රතිභානයෙහි ද ඥානය උපන.
1133. මහාමුනිවරය, පූර්වලෝකනාථයන්ගේ සංගමය අපට දක්වන ලද, නුඹ වහන්සේ සඳහා අපගේ බොහෝ අධිකාරයෝ වූහ.
1134. මුනිවරය, යම් කුශලකර්මයක් කරන ලද ද, එය සිහි කළ මැනැව, මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා අප විසින් පින් රැස්කරන ලද.
1135. මෙයින් සියදහස්වන කල්පයෙහි පියුමතුරා නම් මහා මුනිහු වූහ, ඒ සම්බුදුන්ට කුලභවන වූ නුවර හංසවතී නම් විය.
1136. හංසවතී නගරද්වාරයෙන් හැම කල්හි ගංගානදිය ගලයි, නදියෙන් බාධිත වූ ඒ භික්ෂුහු (පරතෙර) ගමන නො ලබත්.
1137. ඒ භික්ෂූහු දවසක් දෙකක් තුනක් ද සතියක් මාසයක් ද යළි සපුරා සාරමසක් ද (පරතෙර) ගමන නො ලබත්.
1138. එකල්හි සත්ත්වසාර වූ බෝසත් ජටිල නම් රැටියෙක් විය, හේ ඇවිරුණු භික්ෂූන් දැක ගඞ්ගායෙහි හෙයක් කැරැවී.
1139. එකල්හි සියදහසකින් ගඞ්ගායෙහි හෙයක් කැරැවී සඞ්ඝයාට (ගඟින්) මෙතෙර විහාරයක් ද කැරැවී.