70. පුප්ඵචඞ්ගොටිය ස්ථවිරාවදානය
1416. උත්තම ජන්මවත් අභීත ස්වභාවය ඇති කේශර සිංහරාජයකු මෙන් ද, උතුම් ව්යාඝ්රයෙකු මෙන් ද, පක්ෂීන් අතුරෙහි ශ්රේෂ්ඨ වූ ගුරුළකු මෙන් ද,
1417-1418. කෙලෙස් රහිත වූ පස්මරුන් දිනුවා වූ ශ්රමණයනට අග්ර වූ භික්ෂුසංඝයා පිරිවරා හුන් තිලොවට පිළිසරණ වූ සිඛී බුදුරජානන් වහන්සේට උතුම් කටුකරඬු මල් ගොටුවක තබා ගොටුව ද සමග පිදීමි.
1419. ද්විපදෝත්තම වූ නරශ්රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ කෙරෙහි එම චිත්තප්රසාදය හේතු කොට ගෙණ ජයපරාජය දෙක ම (හැර) නිශ්චලස්ථානයට (නිවණට) පැමිණියේ වෙමි.
1420. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක ය යි.
1421. තිස්කපක් සම්පූර්ණ වූ කල්හි සත්රුවනින් යුත් දේවභූති නම් සක්විතිරජවරු පස්දෙනෙක් වූහ.
1422. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵවඞ්ගොටිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
පුප්ඵචඞ්ගොටියස්ථවිරාවදානය දසවැනියි.
උද්දානය:
සකචින්තිය ආවොපුපඵිය - පච්චාගමනීය ද,
පරප්පවාදිය භිසදය - සුචින්තිය වත්ථදායකය,
අම්බදායක සුමනය - පුප්ඵචඞ්ගොටිය දස
ගී එක්සැත්තෑවකින් - පිඬුකොට මෙහි කියන ලදි.
පරප්පවාදිය භිසදය - සුචින්තිය වත්ථදායකය,
අම්බදායක සුමනය - පුප්ඵචඞ්ගොටිය දස
ගී එක්සැත්තෑවකින් - පිඬුකොට මෙහි කියන ලදි.
සකවින්තනියවර්ගය සත්වැනියි.
8. නාගසමාල වර්ගය
71. නාගසමාල ස්ථවිරාවදානය
1423. මම (නගරවාසීන්ගේ වැඳුම් පිදුම් සඳහා) නගරමැද වීථියෙහි (ගඩොල් ආදියෙන්) නිමවනලද සිඛී බුදුරජුන්ගේ ස්තූපයෙහි ආදර සහිතව පළොල්මලක් ගෙණ පිදීමි.
1424. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
1425. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති භූමිය නම් සක්විති රජෙක් වීමි.
1426. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගසමාල ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
නාගසමාලස්ථවීරාවදානය පළමුවැනි යි.
72. පදසඤ්ඤක ස්ථවිරාවදානය
1427. තිස්ස බුදුරජානන් වහන්සේගේ ඇක්මුනු පදලස් දැක සතුටු වූයේ සතුටු සිතින් ඒ ශ්රීපාදයෙහි සිත පැහැදවීමි.
1428. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි (ශ්රීපාදය පිළිබඳ) යම් සංඥාවක් ලැබීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පදසංඥාවෙහි (සිරිපාසටහන් පිදීමෙහි) මේ විපාකය යි.
1429. මෙයින් සත්වන කපෙහි වූ සත්රුවනින් යුත් මහත් බලඇති සුමේධ නම් සක්විති රජෙක් වි ය.
1430. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
පදසඤ්ඤකස්ථවිරාවදානය දෙවැනි යි.