42. සෝණකෝටිකණ්ණ ස්ථවිරාවදානය
1140. මම තාදිගුණ ඇති ලෝකජ්යේෂ්ඨ වූ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට සුණින් ආලේප කොට සක්මනක් කරවීමි.
1141. මම නානාවර්ණ පුෂ්පයන්ගෙන් සක්මන අතුරා වැසීමි. අහසෙහි වියනක් ද කොට (බඳවා) උතුම් වූ බුදුරජාණන් වහන්සේ වැළඳවීමි.
1142. මනා ව්රත ඇති බුදුරජානන් ඇඳිලි බැඳ වැඳ මම එකල්හි භාග්යවතුන් වහන්සේ ට දීර්ඝශාලාව පිළිගැන්වීමි.
1143. ලෝකයෙහි අනුත්තර වූ භාග්යවත් වූ පසැස් අත්තා වූ ශාස්තෘ තෙමේ මාගේ අදහස දැන අනුකම්පාවෙන් (එය) පිළිගත්තේ ය.
1144. දෙවියන් සහිත ලෝකයෙහි දක්ෂිණේය වූ සර්වඥ වහන්සේ (එය) පිළිගෙණ භික්ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළසේක:
1145. “ඒ යමෙක් සතුටු සිතින් මට දීර්ඝශාලාවක් කරවී ද, මම ඔහු කවරෙක් දැ යි ප්රකාශ කරන්නෙමි. (එය) ප්රකාශ කරන්න වූ මාගේ වචනය අසවු.
1146. පුණ්යකර්මයන්ගෙන් යුක්ත වූ මොහුට මැරෙණ අවස්ථාවෙහි දහසක් අසුන් යෙදූ අශ්වරථයක් එකෙණෙහි එළඹෙන්නේ ය.
1147. මේ පුරුෂ තෙමේ ඒ යානයෙන් දෙව්ලොවට යන්නේ ය. කුශලවිපාකය එළඹ සිටි කල්හි දෙවියෝ සතුටු වෙත්.
1148. රන්සුණුඅලෙව් දුන් උතුම් කුළුගෙවලින් යුක්ත වූ මාහැඟි වූ ශ්රේෂ්ඨ සඳලු සහිත විමනක වසන්නේ ය.
1149. කල්ප තිස්දහසක් දිව්යලෝකයෙහි සිත් අලවා වසන්නේ ය. පස්විසිකපක් ශක්රදේවේන්ද්රයා වන්නේ ය.
1150. සත්සැත්තෑවරක් සක්විතිරජ වන්නේ ය. ඒ සියල්ලෝ යසෝධර යන සමාන නං ඇත්තාහු එක ම නම ඇත්තෝ වෙත්.
1151. (දිව්ය - මනුෂ්ය යන) ද්විවිධසම්පත් අනුභව කොට පින් ද රැස් කොට අටවිසිවන කපෙහි සක්විතිරජ වන්නේ ය.
1152. එහි විශ්වකර්මයා විසින් මවන ලද උතුම් විමනකි. දශවිධ ශබ්දයන්ගෙන් වෙන් නො වූ ඒ පුරයෙහි අධිපති ව වසන්නේ ය.
1153. මෙයින් අපරිමේයකල්පයෙහි පෘථිවිය පාලනය කරන්නා වූ මහර්ධි ඇති නමින් ඔක්කාක නම් වූ රජෙක් රටෙහි වන්නේ ය.
1154. සියලු සොළොස්දහසක් ස්ත්රීන්ට උතුම් වූ විශිෂ්ට ජන්ම ඇති ඒ (=ප්රසිද්ධ වූ) කැත්දූ තොමෝ පුතුන් (4, දූන් 5) නව දෙනෙකුන් වදන්නී ය.
1155. කැත්දූ තොමෝ පුතුන් නව දෙනෙකුන් වදා මැරෙන්නී ය. (ඉක්බිති) අන්ය වූ ප්රියාවක් තොමෝ මෙහෙසිබව කරන්නී ය.
1156. ඒ කන්යා තොමෝ ඔක්කාකරජ සතුටු කොට වරයක් ලබන්නී ය. වරයා ලැබූ ඒ කන්යාතොමෝ පුතුන් රටින් පිටුවහල් කරවන්නී ය.
1157. පිටුවහල් වී ඒ සියල්ලෝ උතුම් පර්වතයට (=හිමවතට) යන්නාහු ය. සියල්ලෝ ජාතිභේදය වන බියෙන් සොහොයුරියන් සමග සංවාසය කරන්නාහු ය.
1158. (එයින්) එක් (පියා නම්) කන්යාවක් තොමෝ ව්යාධිය (කුෂ්ටරෝගය) කින් වැලඳගන්නා ලද්දී වන්නී ය. ක්ෂත්රිය කුමාරවරු “ජාතිසම්භේදය නො කරාවා”යි ඇය වළක දමා (උඩින්) වසත්.
1159. (රාම නම්) රජෙක් තෙම (ඇය ඒ වළින්) ගොඩට ගෙණ ඇය සමග (අඹු සැමියන් ලෙස) වසන්නේ ය. එකල්හි ඔක්කාක කුලයෙහි වූ ජාතිසම්භේදය වන්නේ ය.