488. තරණිය ස්ථවිරාවදානය
5177. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ ලෝකනායක වූ භාග්‍යවත් වූ අත්‍ථදස්සී බුදුරජ තෙමේ විනතා නදීතීරයට වැඩියේ ය.
5178. (එකල මම) ජලයෙහි හැසිරෙන්නා වූ කැසුබුවෙක් වීමි. බුදුරජුන් ගඟින් තර වනු කැමති මම ලෝකනායකයන් වහන්සේ වෙත එළඹියෙමි. (එළඹ මෙසේ කීමි.)
5179. “මහාමුනි වූ බුදුරජ තෙමේ මාගේ පිටට නගීවා. ඒ මුබ මම් තරණය කරන්නෙමි. (මුඛ) ලෝකයාගේ දුක් කෙළවර කරන්නේ වෙහි ය” (කියා යි).
5180 මහත් යශස් ඇති අත්‍ථදස්සී බුදුරජානෝ මාගේ අදහස දැන මාගේ පිපිට නැගී සිටිසේක.
5181. යම් තැනක පටන් කොට තමා සිහි කෙරෙම් ද, යම් තැනක පටන් කොට නැණවත් බවට පැමිණියෙම් වෙම් ද, එතෙක් (මුබ වහන්සේගේ) පාදතලය ස්පර්‍ශ වූ කෙණෙහි ඇති වූ ඒ සුවය යම්සේ නම් එබඳු සුවයක් මට නැත.
5182. මහත් යශස් ඇති අත්‍ථදස්සී බුදුරජ තෙම එතර වී ගංතෙර සිට මේ ගාථාවන් වදාළේය:
5183 “මම ගඟ සැඩපහර තරණය කෙරෙමැයි යම්තාක් (මා තුළ) සිත පවතී ද, එකෙණෙහි පැණවත් මේ කැසුබුරජ තෙම් මං තරැවිය.
5184. මේ බුදුන් (ගඟින්) තැරැවීම හේතු කොට ගෙණ ද, මෙත් සිත් ඇතිබව හේතු කොට ගෙන ද, අටළොස්සියකපක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය.
5185. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ දෙව්ලොවින් මෙහි පැමිණ හුනස්නෙහි ම සැක නමැති සැඩපහර තරණය කරන්නේ ය”.
5186. සරු කෙතක රෝපණය කරණ ලද ස්වල්ප වූ ද බිජුවට මැනැවින් වැසි වස්නා කල්හි ශස්‍යඵලය ගොවියා තුටු කරයි ද,
5187. එසේ ම සම්බුදුරජුන් විසින් දෙසන ලද මේ බුද්ධක්‍ෂේත්‍රය (දහම්) වැසි මැනැවින් වස්නා කල්හි පුණ්‍යඵලය මා තුටු කරන්නේ ය.
5188. ප්‍රධන් වීර්‍ය්‍යයෙහි මෙහෙයන ලද සිත් ඇත්තෙම් වෙමි. උපශාන්ත වූයෙම් උපධිරහිත වූයෙම් සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥාවශයෙන්) දැන ආස්‍රවරහිතව වෙසෙමි.
5189. එකල්හි අටළොස් සියවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (බුදුරජුන්) තරණය කරවීමෙහි මේ විපාකය යි.
5190. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
5191. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.