484. ඤාණත්‍ථවික ස්ථවිරාවදානය
5076. හිමවතට දකුණෙහි මැනවින් කරණ ලද මගේ අසපුවෙක් විය. එකල්හි මම උත්තමාර්‍ත්‍ථය සොයනෙම් වනයෙහි වෙසෙමි.
5077. ලාභ අලාභ දෙකින් ද මූලයෙන් ද ඵලයෙන් ද තුටුවූයෙම් මම ආචාර්‍ය්‍යයකු සොයමින් හුදකාලාව ම වෙසෙමි.
5078. එකල්හි සුමේධ නම් සම්බුදුරජ තෙම ලොව පහළ විය. මහජනයා සසරින් ගොඩ ලමින් චතුස්සත්‍යය ප්‍රකාශ කෙරෙයි.
5079. (මෙතෙක් කල්) මම සම්බුදුරජුන් ගැණ නො අසමි. කිසිවෙක් මට (එය) නො කියයි. අටවසක් ඉක්ම ගිය කල්හි බුදුරජුන් ගැණ ඇසීමි.
5080. මම ගිනි දර බැහැර කොට අසපුව හැමද පිරිකරකද ගෙණ වනයෙන් නික්ම ගියෙමි.
5081. එකල්හි මම ගම්හි නියම්ගම්හි එක් රැයක් වෙසෙමින් පිළිවෙළින් චන්‍ද්‍රවතී ගඟ වෙත එළඹියෙමි.
5082. එසමයෙහි භාග්‍යවත් වූ සුමේධ නම් බුදුරජ තෙම බොහෝ සත්ත්‍වයන් (සසරින්) ගොඩලමින් අමෘතපදය (නිවන) දෙසයි.
5083. ජනසමූහයා ඉක්මවා ගොස් ගුණසයුරක් වූ ජිනේන්‍ද්‍රයන් වැඳ අඳුන් දිවිසම එකස් කොට ගෙන බුදුරදුන්ට ස්තුති කෙළෙමි.
5084. “ද්විපදෝත්තම වූ මුබ වහන්සේ සත්ත්‍වයනට ශාස්තෘ ද කේතුව ද ධ්වජය ද යාගස්තම්භය ද පරායණය ද ප්‍රතිෂ්ඨාව ද ප්‍රදීපය ද වෙති.
(එක්විසිවැනි බණවර යි.)
5085. චතුරාර්‍ය්‍යසත්‍ය දර්‍ශනයෙහි නිපුණ බව ඇති වීර වු මුබ ජනසමූහයා සසරින් තැරැවූ ය. මුනීන් වහන්ස, ලෙව්හි මුබවහන්සේට වඩා උසස් අනෙක් තරවන්නෙක් නැත.
5086. ඒකාන්තයෙන් මහසයුර කුස තණ අගින් පමණ කරන්නට හැකිවන්නේ ය. එහෙත් ඔබවහන්සේගේ සර්‍වඥාතාඥානය ප්‍රමාණ කරන්නට නො හැක්කේ ම ය.
5087. පසැස් ඇත්තානන් වහන්ස, තරාදියෙහි තබා පොළොව දැරීමට (කිරාබැලීමට) හැකිවන්නේ ය. එහෙත් මුබ වහන්සේගේ ප්‍රඥාවෙහි ප්‍රමාණයක් නැත්තේ ම ය.
5088. අහස රැහැණින් හෝ අඟුලින් මැනීමට හැකිවන්නේ ය. සර්‍වඥයන්වහන්ස, මුබවහන්සේගේ සීලය පමණ කරන්නට නො හැක්කේ ම ය.
5089. මහසමුදුරෙහි දිය ද අහස ද පොළොව ද යන මොහු පමණ කළ හැක්කාහු වෙති. පසැස් ඇත්තානන් වහන්ස, මබ පමණ නො කට හැක්කේ වෙයි.”
5090. එකල්හි මම මහත් යශස් ඇති සර්‍වඥයන් වහන්සේට මෙසේ ගාථා සයකින් ස්තුති කොට ඇඳිලි බැඳගෙන නිශ්ශබ්දව සිටියෙමි.
5091. මහා ප්‍රඥා ඇති මනා නුවණ ඇති යමෙකුට සුමේධ ය යි ලෝවැස්සෝ කියත් ද, ( එ සුමේධ බුදුරජහු) භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක:
5092. “යමෙක් ප්‍රසන්න වූයේ සියසිතින් මාගේ නුවණ පැසැසී ද, හේ කවරෙක්දැ යි මම කියන්නෙමි. කියන්නා වූ මාගේ (වචනය) අසවු.
5093. හේ සත්සැත්තෑකපක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් දේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
5094. නේසියක් වර සක්විති රජ වන්නේ ය. (ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
5095. මෙම කුශලකර්‍මයෙන් යුක්තවූයේ දෙවි වූයේ හෝ මිනිස් වූයේ අනූන වූ චිත්තසඞ්කල්පනා ඇත්තේ තියුණුපැන ඇත්තේ වන්නේ ය.
5096. (මෙයින්) තිස්දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.“
5097. (මෙතෙම) ගිහිගෙන් නික්ම බන්‍ධන නැත්තේ පැවිදිවන්නේ ය. උත්පත්තියෙන් සත්හැවිදරි කල්හි රහත්බව ලබන්නේ ය.