445. උත්තලිපුප්ඵිය ස්ථවිරාවදානය
4747. මැනවින් වැඩුනු නිල්පැහැ ඇති නාගබෝධිවෘක්ෂයෙහි උත්තලි පුෂ්පදාමයක් ගෙණ පිදීමි.
4748. මෙම කල්පයෙහි ම යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
4749. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකුමෙන් බැඳුම් සිඳ ආස්රව රහිත ව වෙසෙමි.
4750. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4751. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් උත්තලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උත්තලිපුප්ඵිය ස්ථවිරාවදානය පස්වැනියි.
446. අම්බාටකිය ස්ථවිරාවදානය
4752. වෙස්සභූ බුදුරජ තෙම මැනවින් පිපී ගිය සල්වනයකට පිවිස ගිරිදුර්ගයන් හි විශිෂ්ටජන්ම ඇති සිංහරාජයකු මෙන් වැඩහුන්නේ ය.
4753. පුණ්යක්ෂේත්ර වූ මහාවීර (උන්වහන්සේ දැක) පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සියතින් ඇඹරැල්ල පිදීමි.
4754. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
4755. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිත ව වෙසෙමි.
4756. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4757. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් අම්බාටකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම්බාටකියස්ථවිරාවදානය සවැනියි.
447. සීහාසනික ස්ථවිරාවදානය
4758. මම සවුසත්නට හිත කැමැත්තා වූ පදුමුත්තර බුදුරජුන්හට පහන්සිත් ඇත්තෙම්, සොම්නස් වූයෙම්, සිහසුනක් දුනිමි.
4759. මම දෙව් ලොවැ වේවයි මිනිස්ලොවැ වේවයි යම් යම් තැනක වෙසෙම් නම් මහත් වූ විමනක් ලබමි. සිහසුන් දනෙහි මේ විපාකයි.