45. විභීටක වර්ගය
441. විභීටකමිඤ්ජය ස්ථවිරාවදානය
4717. සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය ඒ කකුසඳ බුදුරජ තෙමේ සමූහයා කෙරෙන් වෙන් වූයේ වනයට වැඩියේ ය.
4718. මම (බුළු) ඇට මද ගෙණ වැලක ඇවිනීමි. භාග්යවත් තෙම එසමයෙහි කඳු අතුරෙහි ධ්යාන කෙරෙයි.
4719. මම බුදුරජුන් දැක පැහැදි සිතින් වීර වූ දක්ෂිණාර්හ වූ බුදුරජුන් හට බුළු ඇට මද දුනිමි.
4720. මෙම කපෙහි වූ එකල්හි යම් ඵල දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුළු ඇට මද දීමෙහි මේ විපාකයි.
4721. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
4722. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4723. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් විහීටකමිඤ්ජිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
විහීටකමිඤ්ජිය ස්ථවිරාවදානය පළමුවැනියි.
442. කෝලදායක ස්ථවිරාවදානය
4724. එකල්හි අඳුන් දිවිසම් හැඳි මම වැහැරි සිවුරු දැරූයෙම් පිරිකර කද ගෙණ අසපුවට ඩෙබර ගෙණාවෙමී.
4725. එසමයෙහි ශ්රේෂ්ඨපුද්ගල වූ අසහාය පුද්ගල වු සිඛී බුදුරජ තෙම ලොව පහළ විය. හැම කල්හි වූ දෑ දන්නා වූ (සර්වඥ තෙම) මාගේ අසපුවට එළඹියේ ය.
4726. මම බුදුරජුන් හට වැඳ සිය සිත පහදවා දොහොතින් ඩෙබර (ඵලයක්) ගෙණ දුනිමි.
4727. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් (ඩෙබර) ඵල දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඩෙබරපල දනෙහි මේ විපාකයි.
4728. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
4729. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4730. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් කෝලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කෝලදායකස්ථවිරාවදානය දෙවැනියි.
443. බිල්ලඵලිය ස්ථවිරාවදානය
4731. මා විසින් චන්ද්රභාගා නදීතීරයෙහි බෙලිගසින් ගැවසුනු නා නා වෘක්ෂයන්ගෙන් සෙව්නා ලද අසපුවක් මනාකොට කරණ ලදි.
4732. සුවඳැති බෙලි පලයක් දැක බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි. සතුටු වූයෙම් (ප්රීතියෙන්) ඉපිළැ ගිය සිතැත්තේ කදක් බර පුරවා ගෙණ,
4733. කකුසඳ බුදුරදුන් වෙත එළඹ මම පුණ්යක්ෂේත්ර වූ වීර වූ උන්වහන්සේට පැහැදි සිතින් ඉදුනු බෙලිගෙඩිය දුනුමි.
4734. මෙම කල්පයෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකයි.
4735. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇතිරජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
4736. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4737. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් බිල්ලඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බිල්ලඵලිය ස්ථවිරාවදානය තෙවැනියි.