444. භල්ලාතදායක ස්ථවිරාදානය
4738. මහ වනහිසින් වඩනා වූ උතුම් වූ දෙතිසමහපුරිස්ලකුණු ඇති පිපුණු සල්රුකක් බඳු ස්වර්ණවර්ණ වූ (බුදුරජුන් දුටිමි.)
4739. මම තණඇතිරියක් පනවා බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේට අයැදුම් කෙළෙමි: “බුදුරජ තෙම මට අනුකම්පා කෙරේවා. භික්ෂාව දෙන්නට කැමැත්තෙමි” යි.
4740. (ලොවට) අනුකම්පා කරන්නා වූ කාරුණික වූ මහත් යශස් ඇති අත්ථදස්සී බුදුරජ තෙම මා අදහස දැන මාගේ අසපුවෙහි බැස්සේ ය.
4741. බුදුරජ තෙම (අහසින්) බැස පන්ඇතිරියෙහි වැඩහුන්නේ ය. මම බදුළු (ගෙඩි) ගෙණ බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
4742. එකල්හි මා (වළඳත් දෝ හෝ නො වළඳත් දෝ හෝ යි) සිතමින් සිටිය දී සර්වඥ තෙම එය වැළඳී ය. එහි සිත පහදවා එකල බුදුරජුන් වැන්දෙමි.
4743. එකල්හි අටළොස් සියවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකයි.
4744. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආනාස්රව ව වෙසෙමි.
4745. බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4746. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් භල්ලාතකදායක ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
භල්ලාතදායක ස්ථවිරාවදානය සිවුවැනියි.
445. උත්තලිපුප්ඵිය ස්ථවිරාවදානය
4747. මැනවින් වැඩුනු නිල්පැහැ ඇති නාගබෝධිවෘක්ෂයෙහි උත්තලි පුෂ්පදාමයක් ගෙණ පිදීමි.
4748. මෙම කල්පයෙහි ම යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
4749. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකුමෙන් බැඳුම් සිඳ ආස්රව රහිත ව වෙසෙමි.
4750. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4751. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් උත්තලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උත්තලිපුප්ඵිය ස්ථවිරාවදානය පස්වැනියි.
446. අම්බාටකිය ස්ථවිරාවදානය
4752. වෙස්සභූ බුදුරජ තෙම මැනවින් පිපී ගිය සල්වනයකට පිවිස ගිරිදුර්ගයන් හි විශිෂ්ටජන්ම ඇති සිංහරාජයකු මෙන් වැඩහුන්නේ ය.
4753. පුණ්යක්ෂේත්ර වූ මහාවීර (උන්වහන්සේ දැක) පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සියතින් ඇඹරැල්ල පිදීමි.
4754. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
4755. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිත ව වෙසෙමි.
4756. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4757. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් අම්බාටකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම්බාටකියස්ථවිරාවදානය සවැනියි.
447. සීහාසනික ස්ථවිරාවදානය
4758. මම සවුසත්නට හිත කැමැත්තා වූ පදුමුත්තර බුදුරජුන්හට පහන්සිත් ඇත්තෙම්, සොම්නස් වූයෙම්, සිහසුනක් දුනිමි.
4759. මම දෙව් ලොවැ වේවයි මිනිස්ලොවැ වේවයි යම් යම් තැනක වෙසෙම් නම් මහත් වූ විමනක් ලබමි. සිහසුන් දනෙහි මේ විපාකයි.