438. හරීතකදායක ස්ථවිරාවදානය
4689. අරළු ද, නෙල්ලි ද, අඹ ද, ජම්බු ද, බුළු ද, ඩෙබර ද, බදුළු ද, බෙලි ද, මම තෙමේ ම රැස් කෙරෙමි.
4690. කඳු බෑවුමක වැඩ හුන් ධ්යාන කරන්නා වූ ධ්යානයෙහි ඇලුනා වූ ආබාධයකින් පෙළෙන්නා වූ (සමාන කොට තැකීමට) දෙවැන්නකු නැත්තා වූ බුදුරජුන් දැක,
4691. මම අරළු ගෙණ බුදුරජුන් හට දුනිමි. බෙහෙත් කළ කෙණෙහි රෝගය සන්සිඳුනේ ය.
4692. සන්සිඳුනා වූ (කාය) දරථය (ක්ලාන්තය) ඇති බුදුරජ තෙම අනුමෝදනාවක් කළේය: “මෙම බෙහෙත් දන හේතු කොට ගෙණ ද, රෝගව්යුපශමය හේතුකොට ගෙණ ද,
4693. දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ අන් ජාතියක උපන්නේ හෝ ඒ සියලු තන්හි සුව ඇත්තෙක් වෙව. තොපට ව්යාධියක් නො පැමිණේවා”.
4694. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ සම්බුදුන් වහන්සේ මේ වචන කියා අහසෙහි යන හස්රජකු මෙන් අහසට නැංගේය.
4695. යම් තැනක පටන් සියල්ල තෙමේ ම දත් බුදුරජ හට අරළු දුනිම් ද, (එතැන් පටන්) මේ ජාතිය දක්වා මට ව්යාධියෙක් හට නො ගත්තේ ය.
4696. මේ මාගේ (සසරෙහි) අවසානය යි. දැන් අන්තිම භවය පවතී. ත්රිවිද්යාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4697. මෙයින් අනූවන කපෙහි වූ එකල්හි යම් බෙහෙසත් දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෙහෙත් දනෙහි මේ විපාක යි.
4698. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
4699. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4700. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් හරීතකද්රයක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
හරීතකදායක ස්ථවිරාවදානය අටවැනියි.
439. අම්බපිණ්ඩිය ස්ථවිරාවදානය
4701. එකල්හි මම රාජවාහන යෝග්ය වූ උඩුකුරුව දික් ව වැඩුනු දළ ඇති ඇත් රජෙක් වීමි. මහ වෙනෙහි ඇවිදින්නෙම් ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
4702. මම අඹ ගෙඩියක් ගෙණ ශාස්තෲන් වහන්සේට දුනිමි. මහා වීර වූ සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේ එය පිළිගත් සේක.
4703. එකල්හි සර්වඥ තෙම මා බලා සිටිය දී එය වැළඳීය. මම විමසුම් නුවණින් එහි සිත පහදවා තුෂිත දිව්යලෝකයෙහි උපනිමි.
4704. මම එයින් ච්යුත ව සක්විතිරජ වීමි. මේ ක්රමයෙන් ම සම්පත් අනුභව කොට,
4705. වඩනා ලද වීර්ය්යය ඇති මම උපශාන්ත වූයෙමි. උපධි රහිත වූයෙමි. සියලු ආස්රවයන් ප්රහාණපරිඥා වශයෙන් දැන ආස්රව රහිත ව වෙසෙමි.
4706. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
4707. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිත ව වෙසෙමි.