5. වක්කලි සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ “කුම්භකාර නිවෙසනෙ” යනු කුම්භකාර ශාලාවෙහි තෙරුන් වහන්සේ වස් වැස නිමවී පවාරණය කොට, භාග්‍යවතුන් වහන්සේ දැකීමට පැමිණේ. ඒ නුවර මැද දී උන්වහන්සේට මහා ආබාධයක් උපන්නේය. පාදයෝ ගමන් කිරිමට නොහැකි වෙයි. එවිට සෙසු ජනයා උන්වහන්සේ ඇඳක හොවා කුම්භකාර ශාලාවේ තැබූහ. ඒ ශාලාව ද කර්මාන්ත ශාලාවක් හෝ වාසය කරන ශාලාවක් නොවේ. ඒ සඳහා කියන ලදී. කුම්භකාර ශාලාවේ වාසය කරයි’ යනුවෙන්. “බාළ්හගිලානො” යනු දැඩිසේ රෝගාතුරවය. “සමධොසි” යනු හාත්පසින් යට වූ. සෙලවෙන ආකාරයෙන් ගෞරව දැක්වීම් දැක්වීය. මෙය ඉතා සුදුසුමය. දැඩිසේ ගිලන් වුවත් තමාට වඩා වැඩිමහල්ලෙකු දැක නැගිටින ආකාරයෙන් ගෞරව දැක්විය යුතුමය. ඔහු විසින් “නොසෙලවෙන්න. නොසෙලවෙන්න”යි කිව යුතුයි. “සන්ති මානි ආසනානි” යනු බුද්ධකාලයේ එක භික්ෂුවක් වසන තැන වුවත් ඉදින් ශාස්තෲන් වහන්සේ වැඩම කරන්නේ නම් “මෙහි හිඳින සේක්වා!”යි අසුනක් පැනවූයේම වේ. යටත් පිරිසෙන් ඵලකයක් මත හෝ තණපත් ඇතිරියක් මත හෝ මේ අසුන පනවනු ලැබේ. “ඛමනීයං යාපනීයං” “කිම දුක් වේදනා ඉවසිය හැකිද?” “ඉරියව් පැවැත්විය හැකිද?”යි විමසූ සේක යනුයි. “පටික්කමන්තී” යනු නැවතේ ද? අඩුවේද? යනුයි. “අභික්කමනත” යනු වැඩිවේද? ඉහල යයි ද? යනුයි. “පටික්කමොසානං” යනු මේවායේ ඉවත්වීම පසෙකට වීමයි. “සීලතො න උපදවති” යනු සීලය අරබයා ශීල භාවයෙන් උපවාද නොකරයි යනුයි. “චිරපටිකාහං” යනු “මම බොහෝ කාලයක පටන්”ය. “මීට පෙර බොහෝ කාලය සිට” යන අර්ථයි. “පූතිකායෙන” තමාගේ රන්වන් වූ කය පිළිබඳව මෙසේ නිති වැගිරෙන අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “යෙ ඛො වක්කලී ධම්මං” යනු මෙහි භාග්‍යවතුන් වහන්සේ “මහරජ! ධර්මකාය නම් තථාගතයෝයැ”යි දෙසු බැවින් ධර්මකාය බව දක්වයි. ලෝකෝත්තර ධර්මයෙහි තථාගතයන් වහන්සේගේ “කය” නව වැදෑරුම් වේ.
දැන් තෙරුන් වහන්සේට තිපරිවර්ත ධර්ම දේශනාව පැවැත්වීමට අරඹන සේක් “තං කිං මඤ්ඤසි” යනාදියව දේශනා කළ සේක. “කාළසිලා” යනු කාළසිලා නම් විහාරයයි. “විමොක්ඛාය” යනු මාර්ග විමෝක්ෂය (මිදීම) සඳහාය. “සුවිමුත්තො විමුච්චිස්සති” අර්හත් ඵල විමුක්තියෙන් මිදුනෙක් වී මිදෙන්නේ ය. ඒ දේවතාව වනාහී යම් ආකාරයකින් මේ විදර්ශනාව අරඹා අතරක් නැතිවම රහත්බවට පැමිණෙන්නේ යැයි දැන මෙසේ කියන ලදී. “අපාපකං” යනු ළාමක නොවූ යනුයි. “සත්ථා ආහාරෙසි” යනු තෙරුන් වහන්සේ වනාහී අධිමාන ඇත්තෙකි. ඔහු සමාධි විදර්ශනාවන්ගෙන් යටපත් කල කෙලෙස් ඇති බැවින්, කෙලෙසුන්ගේ හැසිරීමක් නොදක්නේ “මම රහතන් වහන්සේ කෙනෙකි යන සංඥාවෙන් (හැඟීමෙන්) “මට මේ දුක් සහගත වූ ජීවිතයෙන් කවර වැඩක්ද? ආයුධයක් ගෙන කපාගෙන මැරෙන්නෙමි”යි සිතා තියුණු වූ සැතකින් ගලනාලය කැපුවේය. එවිට ඔහුට බලවත් දුක්වේදනා ඇතිවිය. එවිට ඔහු එකෙනෙහිම තම පුහුදුන් බව දැන මුදානොහළ කමටහන් ඇති නිසා වහා මුල් කමටහන ගෙන සිහිපත් කරනුයේ රහත්බවට පත්වීම පිරිනිවන් පෑ සේක.
උන්වහන්සේ ප්‍රත්‍යවේක්‍ෂණාව කෙසේවීද? රහතන් වහන්සේට දහනවයක් ප්රත්යවේක්ෂණා ඇත. ඒකාන්තයෙන් ලැබිය යුතුයි. තියුණු කඩුවකින් හිස සිඳින කල්හි ඥාන එකක් හෝ දෙකක් ඒකාන්තයෙන්ම උපදියි.
“විවත්තක්ඛන්ධං” යනු පෙරළුණු කඳ “සෙමානං” යනු නිදාසිටින. තෙරුන් වහන්සේ වනාහි උඩුකුරුව හොත්තේ සැතින් කපාගත්තේය. ඔහුගේ සිරුර සිටි පරිදිම තිබුණි. හිස දකුණු පැත්තට පෙරලී සිටියේය. ආර්ය ශ්‍රාවකයෝ බොහෝවිට දකුණැලයට හැරී පිරිනිවෙති. එහෙයින් ඔහුගේ සිරුර සිටි පරිදිම තිබුණේය. හිස පමණක් දකුණැලයට හැරී සිටියේය. ඒ සඳහා ‘පෙරළුණු කඳ ඇතිව’ යන්න යෙදුණි. “ධූමායිතත්තං” යනු දම්දමන බවකි. “තිමිරායිතත්තං” යනු අඳුරු වීගෙන යන බවයි. දුම් වලාවක් මෙන් අඳුරු වලාවක් මෙන් යන අර්ථයි.
පස්වන සූත්‍රයයි.
6. අස්සජි සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයේ - “කස්සපකාරාමෙ” යනු කස්සප සිටු විසින් කරවූ ආරාමයේය. “කාය සංඛාරෙ” යනු ආශ්වාස-ප්රශ්වාසයන්ය. ඔහු වනාහි චතුත්ථ ධ්‍යානයට සමවැදී වැඩහුන්හ. “එවං හොති” යනු දැන් එම සමාධිය නොලබන හෙයින් මෙසේ විය යනුයි. “නොචක්ඛාහං පරිහායාමි” “මම කෙසේ නම් සසුනින් නොපිරිහෙම්ද?” උන්වහන්සේ ආබාධ දෝෂයෙන්-දුක් වේදනාව ඇතුලට පිවිසි හෙයින් සමවතින් පිරිහුණු සේක. එනිසා මෙසේ සිතූහ. “සමාධි සාරකා සමාධි සාමඤ්ඤා” යනු සමාධියම සාරය ලෙසද ශ්‍රවන බව ලෙසද සිතයි යනුයි. මගේ සසුනෙහි මෙය සාර වශයෙන් නොගනියි. විදර්ශනා මාර්ග ඵලයන්ම සාර වශයෙන් ගනියි. එනිසා නුඹ සමාධියෙන් පිරිහෙන කල්හි “සසුනින්ද පිරිහේ” යැයි කුමක් නිසා සිතුවේද? මෙසේ තෙරුන් වහන්සේ අස්වසා, දැන් උන්වහන්සේට තිපර්වර්ත ධර්මදේශනාව අරඹන සේක් “තං කිං මඤ්ඤසි” යනාදිය වදාළහ.