3. යමක සූත්‍ර වර්ණනාව
තෙවන සූත්‍රයේ - “දිට්ඨිගතං” යනු ඉදින් ඔහුට “මෙසේ සංස්කාරයෝ උපදිති. එමෙන්ම නිරුද්ධ වෙති. සංස්කාර පැවතීම ද නොපැවතීම ද වේ” යන හැඟීම වේනම් එය දෘෂ්ටිගතයක් නම් නොවන්නේය. ධර්මයෙහි ඥානයක් වන්නේ නම් “යම් හෙයකින් මේ සත්ත්වයා වැනසෙන්නේය. විනාශවන්නේය.” යන අදහස වේ නම් එය දෘෂ්ටිගතයක් වන්නේය යනුයි. “ථාමසාපරාමාස්ස” යනු දෘෂ්ටි වීර්යයෙන්ය. මෙන් ම දෘෂ්ටිය අල්ලා ගැනීමෙන්.
“යෙනායස්මා සාරිපුත්තො” යම්සේ ප්‍රත්‍යන්ත ජනපදයක කෝලහලයක් ඇතිවූ විට - එය සන්සිඳවීමට නොහැකි වූ විට රාජපුරුෂයෝ යුධ සේනාපති හෝ රජතුමා හමුවට යන්නේ ද මෙසේ දෘෂ්ටි ගැනීමෙන් මේ තෙරුන් වහන්සේ කෝපවූ කල්හි එය සන්සිඳවීමට නොහැකි වූ ඒ භික්ෂූහු යම්තැනක ධර්මරාජයන් වහන්සේගේ ධර්මසේනාපති වූ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සිටිත් ද එතැනට පැමිණියහ.
“එවං ව්යාඛො” යනු ඒ භික්ෂූන්ගේ සමීපයේ මෙන් සැරියුත් තෙරණුවන් ඉදිරියේ එය පැවසීමට අසමත්වූයේ සෙලවෙන හදවතින් “මෙසේ පවසමි”යි කීවේය.
“තං කිං මඤ්ඤසි ආවුසො” සැරියුත් තෙරණුවෝ ඔහුගේ වදන් අසා “මොහු තමාගේ පිළිගැනීමෙහි (ලබ්ධියෙහි) දොසක් නොදකියි. ධර්මදේශනාවෙන් මොහුට එය වටහා දෙන්නෙමි”යි සිතා තිපරිවර්ත දේශනාව පැවැත්වීමට ඇරඹු සේක. “තං කිං මඤ්ඤසි ආවුසො යමක! රූපං තථාගතො” යනු මෙය කුමක් නිසා ඇරඹුවේද? යෙදීමට සුදුසු වත් පිළිවෙත් දීම පිණිසයි. තිපරිවර්ත දේශනාව අවසන්හි යමක තෙර සෝවාන් විය. ඉක්බිති ඔහුට යෙදිය යුතු වත් පිළිවෙත දීමට “නුඹ කුමක් සිතහුද?” යනාදිය දෙසූහ.
“තථාගතො” යනු සත්ත්වයායි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන මේ පංචස්කන්ධයේ සම්පිණ්ඩනයෙන් සත්ත්වයා යන සම්මුතිය දකින්නේද?යි අසයි. “එත්ථච තෙ ආවුසො” යන මෙය තෙරුන්ගේ පිළිපැදීමෙහි පිහිටීමයි. මෙය කියන ලද්දේ වේ. නුඹට මෙහිදී මෙපමණ තැනෙක්හිදී මෙලොවදීම සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් සත්ත්වයකු නොලැබෙන කල්හි. “සචෙ තං ආවුසො” යනු මෙය මෙයින් අන්‍ය වූවක් විවරණය කරනු කැමතිව විමසයි. “යං දුක්ඛං තං නිරුද්ධං” යනු යමක් දුක්සහගත නම් එයම නිරුද්ධ වේ. අනික් සත්ත්වයෙක්, නිරුද්ධ නොවන්නෙක් නම් නැත. මෙසේ විවරණය කරන්නේය යන අර්ථයි.
“එතස්සෙව අත්ථස්ස” මේ පළමු මාර්ගයේ. “භිය්යොසොමත්තාය” අතිරේක ප්‍රමාණ වූ ඥානයේ යහපත පිණිසයි. විදර්ශනා සහිත වූවන්ගේ මතු ත්‍රිවිධ මාර්ගයන් මනාව ප්‍රකට කිරීම සඳහා යන අර්ථය. “ආරක්ඛ සමපන්නො” යනු ඇතුලත ආරක්ෂාවෙන් මෙන්ම පිටත ආරක්ෂාවෙන්ද යුක්ත වූ යනුයි. “අයොගක්ඛෙමකාමො” යනු සතර යෝගයන්හි ක්ෂේම භාවය නොකැමති වන්නා වූ යනුයි. “පසය්හ” යනු මැඩපවත්වයි. යටපත් කර යනුයි. “අනුපඛජ්ජ” යනු ඇතුලට පිවිසී යනුයි.
“පුබ්බුට්ඨායී” ආදියෙහි දුරදීම එනු දැක අසුනින් පළමුව නැගිටියි. “පුබ්බුට්ඨායී” නම් වේ. ඔහුට අසුන දී ඔහු හුන්කල්හි පසුව වැඩහිඳියි. වාඩිවෙයි යනු “පච්ඡානිපාතී” නම් වේ. උදෑසනම නැගිට මෙපමණ දෙන සීසෑමට යවු. මෙපමණ දෙන වැපිරීමට යවු ආදී ලෙස සැමට පළමුව නැගිටියි යනු “පුබ්බුට්ඨායි” නම් වේ. හවස සියල්ලෝම තම තමා වසන තැනට ගියකල්හි ගේ හාත්පස ආරක්ෂා සංවිධාන ඇතිකර, දොරවල් වසා සියල්ලන්ටම පසුව නිදයි යනු “පච්ඡානිපාතී” වේ. කුමක් කරම්දැයි ස්වාමියාගේ මුහුණ බලමින් කිම? කිම? යනුවෙන් නිතර අස්වයි ද එය “කිංකාරපටිස්සාවී” නම් වේ. මනාප වූ පරිදි හැසිරෙයි යනු “මනාපචාරී” නම් වේ. ප්‍රිය වූ දෙයක් පවසයි. “පියවාදී” “මිත්තතොපි නං සද්දහෙය්ය” යනු මොහු මගේ මිතුරෙක් යැයි අදහන්නේ ය යනුයි. “විස්සාසං ආපජ්ජෙය්ය” යනු හුදකලාව කෑම්බීම් ආදිය කරමින් විශ්වාසයට පැමිණියෙක් වන්නේය යනුයි. “සංවිස්සට්ඨො” යනු මනාව විශ්වාසී වූයේ.