චක්කරතනවණ්ණනා
සීසං නහාතස්සාති හිස සමඟ සුවඳ පැනින් ස්නානය කළහුගේ. උපොසථිකස්සාති සමාදන් වන ලද උපෝසථයාගේ උපරි පාසාදවරගතස්සාති උතුම් ප්‍රාසාදයාගේ මත්තට ගියහුට. යහපත් බොජුන් වළඳා උතුම් ප්‍රාසාදයෙහි මත්තෙහි මහතලයෙහි සිරියහනට පිවිස සිල් ආවර්ජනා කරන්නාහට. එකල රජතෙමේ උදෑසන ම ලක්‍ෂයක් වියදම් කොට මහත් දන් දී සුවඳ පැන් කළ දාසයකින් හිස සෝදා කරන ලද උදේ බත්කිස ඇත්තේ පිරිසිදු උතුරු සලුව ඒකාංස කොට මතුමහල් පහයෙහි සිරි යහනෙහි ආසනයක් බැඳ සිටියේ තමාගේ දානමය පින්කම් ගැන සිතමින් සිටියි. මේ සියලු සක්විති රජුන්ගේ ස්වභාවයයි.
මෙසේ ආවර්ජනා කරන ඔවුන්ට කියන ලද ක්‍රමයෙන් පින්කම්වල ප්‍රත්‍යයෙන් සෘතුවෙන් හටගත් නිල් මැණික් සමූහයක් සමාන නැගෙනහිර ජලතලය සිඳින්නාක් මෙන් අහස අලංකාර කරන්නාක් මෙන් දිව්‍ය චක්‍රරත්නය පහළ වෙයි. ඒ මේ දිව්‍ය ආනුභාවයෙන් යුතු බැවින් දිබ්බං යැයි කියන ලදි. මොහුගේ ගරාදි දහසක් හෙයින් සහස්සාරං නමි. නිම්වළල්ලක් සහිත නාභියක් ඇති හෙයින් සනෙමිකං සනාභිකං නමි. සියළු ආකාරයෙන් සම්පූර්ණ හෙයින් සබ්බකාරපරිපූරං නමි.
එහි චක්‍රය ද එයයි. ඇල්ම වඩවන අර්ථයෙන් රත්නය ද එයයි. චක්‍රරත්නය නමි. යම්සේ ඒ නාභියෙන් යුතුහෙයින් සනාභිකං යැයි කියන ලදි. එය ඉඳුනිල් මැණිකෙන් කරන ලද්දේ වෙයි. එහි මැද රිදියෙන් කරන ලද පිරිසිදු සිනිඳු ඝණ දත් සමූහයෙන් සිනහසෙන්නාක් මෙන් බබළයි. මැදින් සිදුරක් මෙන් සඳ මඬලින් බාහිර අභ්‍යන්තර දෙපැත්තෙහි ම රිදී පට්ටාවලින් කරන ලද්දක් වෙයි.
[missing trans]
[missing trans]
[missing trans]
[missing trans]