උපරිපණ්ණාසකය අටුවාව
දෙවදහ වර්ගය
දෙවදහ සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං මා විසින් දේවදහ සූත්‍රය මෙසේ අසන ලදී. එහි දෙවදහං නාමාති දේව යන රජුන්ට කියත්. ප්‍රාසාදයෙන් යුත් මනා ආරක්ෂා සංවිධාන ඇති ශාක්‍ය රජුන්ට මඟුල් පොකුණෙක් විය. එය රජුන්ට අයත් හෙයින් දේවදහ යන නාමයෙන් ප්‍රසිද්ධ වූයේය. ඒ නිසා ඒ නියම් ගමට ද දේවදහ යන නාමය ලැබිණ. බුදුරදුන් ඒ නියම් ගම් ඇසුරුකොටගෙන ලුම්බිණි වනෝද්‍යානයෙහි වැඩ වාසය කරන සේක. සබ්බංතංපුබ්බේකතහෙතූති පෙර කරන ලද කර්මයන්ගේ හේතුවයි. මේ කර්ම වේදනාව ද ක්‍රියා වේදනාව ද ප්‍රතික්‍ෂේප කොට එකම විපාක වේදනාව ම පිළිගනිත් යැයි දක්වත්. එවංවාදි භික්ඛවෙ නිගණ්ඨාති මෙයින් මුලින් අනියමින් කියන ලද දෙය නියම ලෙස දක්වයි.
අහුවා මෙව මයන්ති, අකරාමෙව මයන්ති යන මෙය බුදුරදුන් ඔවුන් නොදන්නා බව දැනගෙන ම හුදෙක් දොස් දැක්වීම කැමතිව විචාරති. යමෙක අපි වූයෙමුයි නොදනිත් ද ඔවුහු කර්මයාගේ කළ බව හෝ නොකළ බව කෙසේනම් දැන ගනිත් ද? විචාරීමෙහි ද මේ ක්‍රමයයි.
එවංසන්තෙති චුල්ලදුක්ඛක්ඛන්ධ සූත්‍රයෙහි මහා නිගණ්ඨනාථගේ වචනය ඇති කල්හි යන අර්ථයයි. මෙහි වනාහි මෙතෙක් තොපගේ නොදන්නා බව ඇති කල්හි යන අර්ථයයි. න කල්ලන්ති සුදුසු නොවේ.
ගාළ්හූපලෙපනෙනාති බහුල වශයෙන් ආලේප කිරීමෙන් නැවත නැවත විස රැඳවීමෙන් නුසුදුසු විදියට ගැලවීමක් නොකළා මෙන් එසනියා නිඑසනින් පරීක්‍ෂණ පිණිස ගන්නා ඉරටුවකින් යටත් පිරිසෙන් රෙදි වැටියකින් එසෙය්‍යාති ගැඹුරු හෝ නොගැඹුරුදැයි විමසන්නේය. අගදඞ්ගාරන්ති දවන ලද අරළුවල හෝ නෙල්ලිවල හෝ සුණු. ඔදහෙය්‍යාති බහාලන්නේ ය. අරොගොති මුලින් මාගන්ධිය සූත්‍රයෙහි කියන ලදී.
එවමෙවඛොති මෙහි මේ උපමා සංසන්දනයයි. හුලින් විද්දහුට වැදුණු කාලයෙහි වේදනාව දැනෙන කාලය මෙන් මොවුන්ට අපි පූර්වයෙහි වූයෙමුයි හෝ නොවූයෙමුයි හෝ මෙබඳු පාපයක් කළෙමුයි හෝ නොකළෙමුයි හෝ දන්නා කාලය වන්නේ ය. වන මුඛය කසන කාලයෙහි වේදනාව ප්‍රකට වන්නාක් මෙනි. අපගේ දුක් මෙපමණක් නිර්ජීර්ණයය. මෙපමණක් නිර්ජීර්ණ වූ විට සියළුම දුක් නිර්ජීර්ණ වන්නේ ය. සුද්ධාන්තයෙහි පිහිටියේ යැයි දන්නා කාලය ඇති වන්නේ ය. පසුව පහසුබව දන්නා කාලය මෙන් මෙලොව අකුසල ධර්මයන්ගේ ප්‍රහීනයන් කුසල ධර්මයන්ගේ සංසිඳීමත් දන්නා කාලය වන්නේ ය. මෙහි මෙසේ එක් උපමාවකින් අර්ථ තුනක් ද උපමා හතරකින් එක් අර්ථයක් ද දක්වන ලදී.
මොවුහු වනාහි එයින් එකක්වත් නොදනිත්. උල වැරදිව ගිය කල්හි නොවිද්දේ ම විදින ලද්දේය. මයාති පසමිතුරාගේ වචන ප්‍රමාණයෙන් ම විදින ලද්දෙමියි සිත් උපදවා දුකට පත් පුරුෂයෙකු මෙන් හුදෙක් මහා නිගණ්ඨයාගේ වචන ප්‍රමාණයෙන් මේ සියල්ල අදහන්නාහු මෙසේ හී උපමාවෙන් බුදුරදුන් විසින් නිග්‍රහ කරන ලද්දාහු මඟහරින්නට නොහැක්කේ යම්සේ ද දුබල සුනඛයෙක් මුවා නැගිටුවා ස්වාමියාගේ සමීපයට පමුණුවා තමා පසු බසී. මෙසේ මහා නිගණ්ඨයාගේ මතවාද ප්‍රතික්ෂේප කරමින් ඇවත්නි නිගණ්ඨ තෙමේ යනාදිය කීහ.
ඉක්බිතිව බුදුරදහු ආචාර්යයන් ඇතුළු ඔවුනට නිග්‍රහ කරන්නාහු පඤ්චඛො ඉමෙති යනාදිය කීහ. තත්‍රායසමන්තානන්ති ඒ පංච ධර්මයන් කෙරෙහි ආයුෂ්මතුන්ගේ කා අතීතංසෙ සත්‍ථාරි සද්ධාති අතීතය ගැන වාදයන්හි ශාස්තෘන් වහන්සේ ශ්‍රද්ධාව කවරී ද? අතීතය ගැන වාදය අදහන්නා වූ තොපගේ මහා නිගණ්ඨයාගේ ශ්‍රද්ධාව කෙබඳු ද? සිදු වූ දෙයකින් සිදුනොවූ විපාකයෝ වෙත් ද? සිදුනොවූ දෙයකින් සිදුවූ විපාකයෝ වෙත්දැයි අසයි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයයි.
සහධම්මිකන්ති හේතු සහිතව කරුණු සහිතව වාදපටිහාරන්ති ආපසු හැරී එන වාදය. මෙපමණකින් ඔවුන්ගේ ශ්‍රද්ධාව පහකරමි. මොහු සියල්ලන්ගෙන් දුර්වල යැයි ශ්‍රද්ධාවෙහි සිඳීම් වාරය දක්වයි.
අවිජ්ජා අඤ්ඤාණාති අවිද්‍යාවෙන් නොදැනීමේ සම්මොහාති මුළාවෙන්. විපච්චථාති විපරීත වශයෙන් අදහව්. විපර්යාස වශයෙන් හෝ ගනිව් යන තේරුමයි.
දිට්ඨධම්මවේදනීයන්ති මේ ආත්ම භවයෙහි ම විපාක දෙන්නා වූ උපක්කමෙනාති ප්‍රයෝගයෙන් පධානෙනාති වීර්යයෙන්. සම්පාරාය වෙදනීයන්ති දෙවන හෝ තෙවන ආත්ම භවයෙහි විපාක දෙන්නා වූ. සුඛ වෙදනීයන්ති ඉෂ්ටාරම්මණයෙහි විපාක දෙන කුසල කර්මයයි. විපරීත දුක් වශයෙන් වින්දයුතු වූ. පරිපක්කවෙදනීයන්තී මුහුකුරා යාමෙන් නිපන් ආත්ම භවයෙහි වින්ද යුතු වූ. දිට්ඨධම්මවේදනීය යනුද මෙයට නමකි. අපරිපක්කවෙදනීයන්ති මුහුකුරා නොගිය ආත්ම භවයෙහි වින්දයුතු වූ සම්පරායවේදනීය යනු ද මෙයට නමකි. මෙසේ ඇති කල්හි එහි විශේෂය මෙසේය. ප්‍රථම වියෙහි කළ යම් කර්මයක් වේද එය ප්‍රථම වියෙහි හෝ මධ්‍යම වියෙහි හෝ අවසාන වියෙහි හෝ විපාක දෙයි. මධ්‍යම වියෙහි කරන ලද්ද මධ්‍යම වියෙහි හෝ අවසාන වියෙහි හෝ විපාක දෙයි. අවසාන වියෙහි කරන ලද අවසාන වියෙහි හෙවත් එහිම විපාක දෙයි. එය දිට්ඨධම්මවේදනීය කර්ම නම් වේ. යම් කර්මයක් වනාහි හත් දවසක් ඇතුළත විපාක දෙයි ද එය පරිපක්කවේදනීය කර්ම නම් වේ. එය කුසල් හෝ අකුසල් විය හැකිය.