සුඤ්ඤත වර්ගය
චූළසුඤ්ඤත සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති චුල්ලසුඤ්ඤතා සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එහි එකමිදන්ති තෙරුන් වහන්සේ බුදුරදුන්ට වතාවත් කොට තමාගේ දිවාස්ථානයට ගොස් කාලය පිරිසිඳීම් කොට නිර්වාණය අරමුණු කොට ඇති ශූන්‍යතා ඵල සමවතට පැමිණ වැඩසිටියේ පිරිසිඳී පරිද්දෙන් නැගිට්ටේය. ඉක්බිතිව උන්වහන්සේට සංස්කාරයන්ගේ ශුන්‍යතාව වැටහුණාහ. උන්වහන්සේ ශුන්‍යතා කථා අසනු කැමති විය. ඉක්බිතිව උන්වහන්සේට මෙබඳු සිතක් විය. ධූරයෙන් ධූරයට ගැසීමෙන් ගොස් ස්වාමීනි, මට ශුන්‍යතා කථාව කියනු මැනවයි බුදුරදුන්ට කියන්නට නොහැකිය. ඒකාන්තයෙන් බුදුරදුන් යම් නගරයක් ඇසුරු කොට වසමින් එක් කථාවක් කියන්නේද මාවිසින් එය සිහිකරමි. මෙසේ බුදුරදුන් ශුන්‍යතා කථාව කියන්නේය. බුදුරදුන්ට සිහිකරවන්නේ එකමිදන්ති යනාදිය කීය.
එහි ඉදන්ති යනු නිපාතයකි. කච්චි මෙ තං භන්තෙති තෙරුන් වහන්සේ එක් එක් පියවරක සිට හැට දහසක පද ඉගෙන ධාරණය කිරීමට සමත්ය. කිම? උන්වහන්සේ ශුන්‍යතා විහාරයෙන් එක පදයක් දරන්නට නොහැක්කේ ද? ඇසීමට කැමැත්තෙන් දන්නාක් මෙන් විචාරන්නට නොවටියි. ප්‍රකට කොට විස්තර කාරණා ශුන්‍යතා කථාව අසනු කැමැත්තේ නොදන්නාක් මෙන් මෙසේ කීය. එකෙක් නොදන්නේ ද දන්නාක් මෙන් වෙයි. තෙරුන් වහන්සේ මෙබඳු කුහකකමක් කෙසේ කරන්නේ ද? තමාගේ දන්නා ස්ථානයෙහි ද බුදුරදුන්ට ගෞරව දක්වා කච්චිමෙතන්ති යනාදිය කීය.
පුබ්බෙති පළමු බෝධියෙහි නගරය ඇසුරු කොට වාසය කරන කාලයෙහි ද එතරහීති දැන් ද මෙසේ කියා සිතීය. ආනන්ද තෙරුන් වහන්සේ ශුන්‍යතා කථාව අසනු කැමැත්තේ එකෙක් අසන්නට සමත් වෙති. ඉගෙණීමට නොහැකිය. එකෙක් ඇසීමට ද ඉගෙනීමට ද සමත් වෙයි. කියන්නට නොහැකි වෙති. ආනන්ද තෙරුන්ට ඇසීමට ද ඉගෙනීමටද කීමට ද හැකිය. මොහුට ශුන්‍යතා කථාව කියන්නෙමි යි එය කියන්නේ සෙය්‍යථාපීති යනාදිය කීහ. එහි ශුන්‍ය වූ ඇත් අස් ගව වළස් යනාදියෙහි එහි කාෂ්ට රූප පුස්තක රූප චිත්ත රූප වශයෙන් කරන ලද ඇත් ආදීහු ඇත. වෛශ්‍රවණ මන්ධාතු ආදී රජවරුන් සිටි ස්ථානයන්හි විසිතුරු කිරීම් වශයෙන් කරන ලද රත්නයෙන් සෙව්නා ලද ජනෙල් දොරවල්වල බඳිනා ලද ඇඳ පුටු ආදී වශයෙන් තබන ලද දේද පරණ දෙය අළුත්වැඩියා කිරීම පිණිස තබන ලද රන් රිදී ද ඇත. කාෂ්ටක රූප වශයෙන් කරන ලදි. බණ ඇසීම් ප්‍රශ්න විචාරීම් ආදී වශයෙන් පැමිණි ස්ත්‍රී පුරුෂයෝ ද ඇත. ඒ නිසා උන්වහන්සේ ඔවුන්ගෙන් හිස් නැත. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වූ විඥානය සහිත වූ ඇත් ආදීන්ගේ කැමැති කැමැති මොහොතෙහි පරිභෝග කළ යුතු රන් රිදී රත්නයන්ගේ නිතර වාසය කරන ස්ත්‍රී පුරුෂයන්ගේ නොවීම සඳහා මෙය කියන ලදි.
භික්ඛුසංඝං පටිච්චාති භික්‍ෂූන් පිඬු පිණිස පිවිසි කල්හි විහාර බත ඉවසන භික්‍ෂූන්ගෙන් ද ගිලනුන්ට උවටැන් කරන උද්දේස චීවර කර්මයෙහි නියුතු භික්‍ෂූන්ගෙන් ද හෙතෙම අශුන්‍ය වෙයි. මෙහි නිතර භික්‍ෂූන් ඇති බැවින් මෙසේ කීය. එකත්තන්ති එකබව. එක අශුන්‍යයක් ඇතැයි යන තේරුමයි. එකො අසුඤ්ඤභාවො අත්‍ථීති යනාදිය කියන ලදි. අමනසි කරිත්‍වාති සිහි නොකොට අනිවජ්ජිත්‍වාති ප්‍රත්‍යවේක්‍ෂා නොකොට ගාමසඤ්ඤන්ති ගම යැයි පැවතීම් වශයෙන් හෝ කෙලෙස් වශයෙන් හෝ උපන් ග්‍රාම සංඥාවයි. මනුෂ්‍ය සංඥාවෙහි ද මේ ක්‍රමයයි. ආරණ්‍ය සංඥාව නිසා මෙනෙහි කරයි. එකත්තන්ති මේ කැලයයි. මේ ගසයි. මේ පර්වතයයි. මේ නිල් අහසයි. වනසණ්ඩොති මෙසේ එක් කැලයක් නිසාම ආරණ්‍ය සංඥාව මෙනෙහි කරයි. පක්ඛන්‍දතීති බසියි. අධිමුච්චතීති මෙසේ මිදෙයි. යෙ අස්සු දරථාති යම් පැවැති දාහයක් හෝ කෙලෙස් දාහයක් හෝ ග්‍රාම සංඥාව නිසා වන්නාහ. ඔවුහු මේ ආරණ්‍යයෙහි නොවෙත්. දෙවන පදයෙහි ද මේ ක්‍රමයයි. අත්‍ථි චෙවායන්ති මේ එක ආරණ්‍ය සංඥාවක් නිසා උපදින පැවැති දාහ මාත්‍රයක් ඇත.