බාලපණ්ඩිත සූත්ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් බාලපණ්ඩිත සූත්රය මෙසේ අසන ලදි. එහි බාලලක්ඛණානීති මේ තෙමේ බාලයා යැයි මෙයින් පෙනෙන්නේ ද දක්නට ලැබෙන්නේ ද බාල ලක්ෂණයයි. ඒවා ඔහුගේ හැඳිනීමට කාරණාවන්ය. බාලනිමිත්තානි බාලයාගේ හැසිරීමයි. බාලාපදානාති බාලයාගේ ජීවිත කථාවයි. දුච්චින්තින්චින්තීති සිතන්නේ අභිධ්යා ව්යාපාද බොරු දැකීම් වශයෙන් නපුරු වචනයක් ම කියයි. දුක්කත කම්මකාරීති කරන්නේ ද සතුන් මැරීමාදී වශයෙන් නරක කටයුත්තක් ම කරයි. තත්ර චෙති යම්තැනක සිටියේ එතැන තජ්ජං තස්සාරුප්පන්ති ඒ ජාතියෙහි එයට සුදුසු වූ පංච වෛරයන්ගේ මෙලොව පරලොව සම්බන්ධ දොස්වලින් යුක්තය යන අදහසයි. තත්රාති ඒ කථාවෙන් කියන කල්හි. බාලන්ති යනාදිය ඡට්ඨි අර්ථවත් දුතියා විභක්තියයි.
ඔලම්බන්තීති වැටහෙත්. සෙසු පද දෙක ද එයට ම පර්යාය වචනයි. එල්බෙන ආකාරයෙන් ඒවා වැටහෙත්. එහෙයින් මෙසේ කියන ලදි. පඨවියා ඔලම්බන්තීති පොළොවෙහි පැතිරෙත්. සෙසු පද දෙක ද මෙයට ම පර්යාය වචනයි. මෙය පැතිරෙන ආකාරයයි. තත්ර භික්ඛවෙ බාලස්සාති එහි වැටහෙන ආකාරයෙන් ඇසට හමු වූ කාලයෙහි බාලයාට මෙබඳු සිතක් වෙයි.
එතදවොචාති අනුසන්ධියෙහි දක්ෂ භික්ෂුව නරකයට උපමා කරන්නට නොහැකිය. බුදුරදුන් නොකියයි. පහසු නොවේ යැයි කියයි. පහසු නැති කරන්නට හැකිය. එහෙයින් මම බුදුරදුන් උපමා කරවමියි සිතා මේ සක්කා පන භන්තෙති යන වචනය කීය. හනෙය්යුන්ති විනිවිද යාම් වශයෙන් යම්සේ එකතැන පහර දෙකක් වැටෙත් ද එසේ නසන්නාහ. එහෙයින් ඔහුට වණමුඛ දෙසීයක් වෙත්. මෙයින් මත්තෙහි ද මේ ක්රමයයි.
පාණිමත්තන්ති මීට ඇතුළෙහි තබන ලද පමණයි. සංඛම්පි න උපෙතීති ගණන් මාත්රයට ද නොපැමිණෙයි. කලාභාගම්පීති කලා සියයකට හෝ කලා දහසකට හෝ කලා ලක්ෂයකට හෝ පැමිණේයැයි කිවයුතු බවට නො පැමිණෙයි. උපනිධිම්පීති අත්හැරීම් පමණකට ද නොපැමිණෙයි. බලන අයට බැලීම් මාත්රයක් ද නැත. තත්තං අයොඛීලන්ති ගව් තුනක් ඇති ආත්මභාවය දිලිසෙන කල්හි ලෝහ පෘථිවියෙහි උඩුකුරුව සතපවා දකුණු අතෙහි තල් කඳක් ප්රමාණ යකඩ හුලක් ගසත්. වම් අත් ආදියෙහි ද එසේමය. යම්සේ උඩුකුරුව සතපවා මෙසේ බඩෙන් ද වම් පසින් ද දකුණු පසින් ද සතපවා ඒ කටයුත්ත කරත්මය. සංවෙසිත්වාති දිලිසෙන ලෝහ පොළොවෙහි ගව් තුනක් ඇති ආත්මය සතපවා. කුඨාරීහීති ගෙයක එක් පැත්තක පියස්සක් පමණ මහත් කෙටේරිවලින් තලත්. ලේ ගඟක්ව ගලයි. ලෝහ පොළොවෙන් ගිනිදැල් නැග තලන ලද ස්ථානය ගනිත්. මහත් දුකක් උපදියි. තලන්නෝ වනාහි සූත්රයෙහි ආ පරිදි ලීයක මෙන් නූල් ගසා අටකට ද හයකට ද පලත්. වාසීහීති මහත් කුලු පමණ වෑවලින්. ඒවායින් සිඳින්නාහු හමේ පටන් ඇට දක්වා වහා සිඳිති. සිඳින සිඳින ලද නැවත ප්රකෘතිමත් වෙයි. රථෙ යොජෙත්වාති යුගයොත් මැදිරිය රෝද බෝමු ලීය යන මේවා සමඟ හැම ආකාරයෙන් දිලිසෙන රථයෙහි යොදා. මහන්තන්ති මහත් කුළුගෙවල් ප්රමාණ. ආරොපෙන්තීති දිලිසෙන යකඩ මුගුරුවලින් තලමින් නංවත්. සකිම්පිඋද්ධන්ති මනාකොට පැසුණු සැළියෙහි දමන ලද සහල් මෙන් උඩට යටට හරහට ද යයි.
භාගසොමිතොති කොටස් තබ තබා බෙදන ලද්දේය. පරියන්තොති හාත්පසින් වට කරන ලද්දේ. අයසාති මතු යකඩයෙන් වසන ලද්දේ.
සමන්තායොජනසතං ඵරිත්වා තිට්ඨතීති මෙසේ පැතිරී සිටියි. යම්සේ හාත්පස යොදුන් සීයක් තැන සිට බලන්නහුගේ ඇස් බෝල දෙකක් මෙන් නික්මෙති.