ඝ-ඞ. පරියාදානට්ඨපතිට්ඨාපකට්ඨනිද්දෙසවණ්ණනා
පරියාදානාර්ථ නිර්දේශයෙහි, පරියාදියති යනු ක්ෂය කරයි. පතිට්ඨාපනාර්ථ නිර්දේශයෙහි, සද්ධො සද්ධින්ද්රියං අධිමොක්ඛෙ පතිට්ඨාපෙති යනු ශ්රද්ධා සම්පන්න පුද්ගල තෙමේ, සියලු සංස්කාර, අනිත්යය, දුක්ය, අනාත්මයැයි ස්ථිර ලෙස සිතා ගනුයේ, ශ්රද්ධෙන්ද්රිය අධිමෝක්ෂයෙහි පිහිටුවයි. මෙම පුද්ගල විශේෂයෙන් ඉන්ද්රිය භාවනා විශේෂය නිර්දේශිතය. සද්ධස්ස සද්ධින්ද්රියං අධිමොක්ඛෙ පතිට්ඨාපෙති යනු එම ශ්රද්ධා සම්පන්න පුද්ගලයාගේ ශ්රද්ධෙන්ද්රිය එම ශ්රද්ධායෙහිම එසේ ස්ථිර ලෙස පිහිටුවනුයේ අධිමෝක්ෂයෙහි පිහිටුවයි. මෙයින් ඉන්ද්රිය භාවනා විශේෂයෙන් පුද්ගල විශේෂය. නිර්දේශිතය. මෙසේ සිත ඔසවා තබනුයේ, ප්රග්රහණයෙහි පිහිටුවයි. සිහිය අරමුණට එළඹවනුයේ, එළඹවීමෙහි පිහිටුවයි. සිත මනාව තැන්පත් කරුනයේ අවික්ෂෙපයෙහි පිහිටුවයි. අනිත්යය, දුක්ය, අනාත්මයැයි දක්නේ දර්ශනයෙහි පිහිටුවයි යයි සෙස්සෙහිද යෙදීම් දතයුත්තාහ. යොගාවචරො යනු සමථ යෝගයෙහිද, විදර්ශනා යෝගයෙහිද හැසිරේනුයි යෝගාවචරොයි, අවචරති යනු පිවිස හැසිරෙයි යනුයි.
චතුර්ථ සූත්රාන්ත නිර්දේශ වර්ණනාව නිමි.
ඉන්ද්රියසමොධානවණ්ණනා
දැන් සමාධිය වඩන්නහුගේද, විදර්ශනාව වඩන්නහුගේද ඉන්ද්රිය එක්තැන් කිරීම දක්වනු කැමැත්තේ, පළමුව වැටහීම් කුසලතා ප්රභේදය නිර්දේශ කරන්ට, ‘පුථුජ්ජනො සමාධිං භාවෙන්තො’ ආදිය වදාළහ. එහි, පුථුජ්ජනො සමාධිං භාවෙන්තො යනු නිර්වේදභාගි සමාධිය වඩනුයේ ශෛක්ෂ්යයාට හා වීතරාගීහුට ලෝකෝත්තර වූද සමාධිය ලැබේ. ආවජ්ජිතත්තා යනු කසිණ ආදී නිමිති ආවර්ජනය කළ හෙයින්, කසිණ ආදී පරිකර්ම කොට එහි උපදවන ලද නිමිත්ත බැවිනැයි යූ.සේයි. ආරම්මණූපට්ඨාන කුසලො යනු එහි උපදවන ලද නිමිත්තටම එළඹ සිටීමෙහි දක්ෂ වෙයි. සමථ නිමිත්තුපට්ඨාන කුසලො ඉතා තදින් පටන්ගත් වීර්යතාවයන්හිදී සිත නොසන්සුන් කල්හි, පස්සද්ධි, සමාධි, උපෙක්ෂා සම්බොධ්යංග වැඩීම් වශයෙන් සිත සන්සුන් කරවීම් නිමිත්තට එළඹ සිටීමෙහි දක්ෂ වේ. පග්ගහ නිමිත්තුපට්ඨාන කුසලො යනු ඉතා ලිහිල් වීර්යාදීන්ගෙන් සිත මැලිවූ කල්හි, ධම්මවිචය, ප්රීති, සම්බොධ්යංග වැඩීම් වශයෙන් සිත දැඩිසේ උත්සාහවත් කිරීම් වශයෙන් නිමිත්තට එළඹීමෙහි දක්ෂ වේ. අවික්ඛෙපුපට්ඨාන කුසලො යනු නොසන්සුන් නුවූ, මැළි නුවූ සිත හා සම්ප්රයුක්ත සමාධියට එළඹීමෙහි දක්ෂ වේ. ඔභාසුපට්ඨාන කුසලො යනු ප්රඥා ප්රයෝග මන්දතාවයෙන් ආස්වාද රහිත සිතෙහි, අෂ්ට සංවේග වස්තූන් ප්රත්යවේක්ෂණයෙන් සිත සංවේගයට පත්කොට ඤාණාලෝකයට එළඹීමෙහි දක්ෂ වේ. අෂ්ට සංවේග වස්තූහු නම්, ජාති. ජරා, ව්යාධි, මරණ යන සතරද, පස්වන අපාය දුකද, අතීත සංසාර වෘත්තමූලික දුකද, අනාගත සංසාර වෘත්ත මූලික දුකද, වත්මනැ අහර සෙවීම් මූලික දුක යන මේවායි. සම්පහංසනුපට්ඨාන කුසලො යනු සන්සුන් සුව නොලැබීමෙන් සිත ආස්වාද රහිත වූ කල්හි, බුද්ධ, ධර්ම, සංඝ ගුණ සිහිකිරීමෙන් සිත පහදවනුයේ, සතුටු කරවීමට එළඹීමෙහි දක්ෂ වේ. උපෙක්ඛු පට්ඨාන කුසලො යනු නොසන්සුන් ආදී දොස් විරහිත සිතෙහි, නිග්රහ, ප්රග්රහ ආදීන්හි යෙදීම් නොකිරීමෙන් උපේක්ෂාවට එළඹීමෙහි දක්ෂ වේ. සෙක්ඛො යනු ත්රිවිධ ශික්ෂාවන්හි හික්මෙහි නුයි සෙක්ඛොයි. එකත්තුපට්ඨාන කුසලො යනු සක්කාය දෘෂ්ටි ආදීන් ප්රහීන හෙයින් නෛෂ්ක්රම්යාදීන්ගේ ඒකත්වයට එළඹීමේ දක්ෂ වේ.
වීතරාගො යනු සර්වප්රකාරයෙන් ප්රහීණ වූ රාග හෙයින් ක්ෂීණාශ්රවයන් වහන්සේ. ඤාණුපට්ඨාන කුසලො යනු රහත් තෙමේ ධර්මයන්හි, පහවූ මෝහ හෙයින්, ඒ ඒ තන්හි නුමුළා ඤාණයට එළැඹීමෙහි දක්ෂ වේ. විමුත්තුපට්ඨාන කුසලො යනු අර්හත්ඵල විමුක්තියට එළැඹීමෙහි දක්ෂ වේ. විමුත්ති යනු සියලු කෙලෙසුන්ගෙන් මිදුණු හෙයින් අර්හත් ඵල විමුක්තිය අදහස් කරන ලදි.