4. චතුර්ථ සූත්රාන්ත නිර්දේශ වර්ණනාව
නැවත පළමු සූත්රයම බහා, වෙනත් ආකාරයකින් ඉන්ද්රියයන් නිර්දේශ කරයි. එහි කතීහාකාරෙහි කෙනට්ඨෙන දට්ඨබ්බානි යන කවර ප්රමාණ ආකාරයන්ගෙන් දතයුත්තාහුද, කවර අර්ථයෙන් දතයුත්තාහුදැයි දතයුතු ආකාරයන්ද දතයුතු දෑද විමසයි. ඡහි ආකාරෙහි නෙකට්ඨෙන දට්ඨබ්බානි යනු ෂට් ආකාරයන්ගෙන් දතයුත්තාහ. ෂට් ආකාර සංඛ්යාත එම අර්ථයෙන් දතයුත්තාහ. ආධිපතෙය්යට්ඨෙන යනු අධිපති භාව අර්ථයෙන්, ආදිවිසොධනට්ඨෙන යනු කුසල ධර්මයන්ට මුල්වූ සීලයෙහි, විසෝධනාර්ථයෙන්, අධිමත්තට්ඨෙන යනු බලවත් අර්ථයෙන්, බලවත් භාවයෙහි අධික මාත්රාව, ප්රමාණය වන්නේනුයි අධිමත්තංයයි යූ.සේයි. අධිට්ඨානට්ඨෙන යනු පිහිටන අර්ථයෙන්, පරියාදානට්ඨෙන යනු ක්ෂය කිරීම් අර්ථයෙන්, පතිට්ඨාපකට්ඨෙන යනු පිහිටුවීම් අර්ථයෙන්,
ක. ආධිපතෙය්යට්ඨනිද්දෙසවණ්ණනා
අධිපතෙය්යාර්ථ නිර්දේශයෙහි, අස්සද්ධියං පජහතො යනාදිය එකිනෙක ඉන්ද්රියයාගේ ප්රතිපක්ෂතා දුරැලීම් වචනය එකෙණෙහිම තම තමාගේ ප්රතිපක්ෂ දුරැලීම් කෘත්ය සාධනයෙහි අධිපතිභාවය සිදුකිරීම සඳහා යූ.සේයි. සෙසු සිව් ඉන්ද්රියයන් ඒ හා සම්ප්රයුක්තවම යූ.සේයි. නානා ක්ෂණයන්හි හෝ එක් එක් ඉන්ද්රියය ප්රධානකොට එයට ප්රතිපක්ෂ වූ, ඒ ඒ ඉන්ද්රියය ජ්යෙෂ්ඨ කොට සෙස්ස ඒ හා අනුගතකොට යූ.සේයි. කාමච්ඡන්දං පජහතො යන ආදිය වනාහි එක් ක්ෂණයක් වශයෙන්ම යූ.සේයි.
ඛ. ආදිවිසොධනට්ඨනිද්දෙසවණ්ණනා
ආදි විසොධනාර්ථ නිර්දේශයෙහි, අස්සද්ධිය සංවරට්ඨෙන සීල විසුද්ධි යනු අශ්රද්ධාවගේ වැළැක්වීම් අර්ථයෙන් විරති අර්ථයෙන් සීලයෙහි මල පිරිසිදු කරන හෙයින් සීල විශුද්ධි නමැ. සද්ධින්ද්රියස්ස ආදි විසොධනා යනු ශ්රද්ධෙන්ද්රියයාගේ උපනිශ්රය වශයෙන් මුල්වූ සීලය මනාව පිරිසිදු කිරීමයි. මෙම ක්රමයෙන්ම සෙසු කාමච්ඡන්දාදී සංවරණ මූලික ඉන්ද්රියය දතයුත්තාහ.
ග. අධිමත්තට්ඨනිද්දෙසවණ්ණනා
අධිමාත්රාර්ථ නිර්දේශයෙහි, සද්ධින්ද්රියස්ස භාවනාය ඡන්දො උප්පජ්ජති යනු ශ්රද්ධාවත් පුද්ගලයාට, ශ්රද්ධා ප්රතිසංයුක්ත ධර්මයක් අසා හෝ, ශ්රද්ධෙන්ද්රියය වැඩිදියුණු කිරීමෙහි ආස්වාදය දැක හෝ ශ්රද්ධෙන්ද්රියෙහි කුසල් වූ ධර්මච්ඡන්දය හටගනී. පාමුජ්ජං උප්පජ්ජති යනු ඡන්දය හටගත් බැවින් දුර්වල ප්රීතිය උපදී. පීති උප්පජ්ජති යනු ප්රමුදිත හෙයින් බලවත් ප්රීතිය උපදී. පස්සද්ධි උප්පජ්ජති යනු ප්රීතියෙන් පිණාගිය හෙයින් කාය චිත්ත සංසිඳීම් උපදී. සුඛං උප්පජ්ජති යනු කය හා සිත සන්සුන් හෙයින් චෛතසික සුවය උපදී. ඔභාසො උප්පජ්ජති සුවයෙන් ආර්ද්ර හෙයින් ඤාණාලෝකය උපදී. සංවෙගො උප්පජ්ජති යනු ඤාණාලෝකයෙන් දත් සංස්කාරාදීනව හෙයින් සංස්කාර පැවැත්මෙහි සංවේගය උපදී. සංවෙජෙත්වා චිත්තං සමාදහති යනු සංවේගය උපදවා, එම සංවේගයෙන්ම සිත තැන්පත් කරයි. සාධුකං පග්ගණ්හාති යනු මැලිබව හා නොසන්සුන්කම අත්හැර මනාව උත්සාහවත් කරයි. සාධුකං අජ්ඣුපෙක්ඛති යනු වීර්යය සමව පැවැති හෙයින් නැවත වීර්යය සමතාවයට ගෙනඒමෙහි උත්සාහ නොකරනුයේ තත්ර මධ්යස්ථපේක්ෂා වශයෙන් මනාව මධ්යස්ථ වේ නමැ. උපෙක්ඛාවසෙන යනු සමව උසුලන ලක්ෂණයෙන් තත්ර මධ්යස්ථපේක්ෂා වශයෙන් නානත්ත කිලෙසෙහි යනු විදර්ශනාවට ප්රතිපක්ෂ වූ නොයෙක් ස්වභාවයන්ගනේ යුත් කෙලෙසුන් කෙරෙන්, විමොක්ඛවසෙන යනු භංගානුපස්සනාවෙහි පටන් නොයෙක් කෙලෙසුන්ගෙන් මිදීම් වශයෙන්, විමුත්තත්තා යනු නොයෙක් කෙලෙසුන්ගෙන් මිදීම් වශයෙන්.