සත්තබල නිද්දේසය
සත්වන බල නිද්දේසයෙහි දවන්නා යනු ඣායී වේ. චත්තාරො ඣායී දවන සතර ජනයා යයි කියනු ලැබේ. එහි පළමුවන චතුෂ්කයෙහි පළමුවන සමාපත්ති ලාභියා වෙනම නොලාභිය කෙරෙහිද කමටහන සමානව කමටහන නැතැයි ද සංඥා ඇත්තා වේ. මෙය අල්පගුණ ධ්‍යානලාභියා යයි දතයුතුය. දෙවන සමාපත්ති අලාභියා මෙන්ම ලාභියා කෙරෙහිද කමටහනේ නැතිබව මෙන්ම කමටහනේ ඇති බව සංඥා ඇත්තා වේ. මොහු නිද්‍රා ඣ්‍යායී නම් වේ. නිදාසිට පිබිදෙන්නා මෙසේ සිතයි. තුන්වන සමාපත්ති ලාභියා සංඥාව සමාපත්ති ලාභියා කෙරෙහිද කමටහන මෙන්ම කමටහන් සංඥාවද වේ ප්‍රගුණ ධ්‍යානලාභියා යයි දතයුතුය. සතරවන අලාභියා මෙන්ම නොලැබීම් කෙරෙහිද කමටහනේ නොවේ මෙන්ම කමටහන වේ යයි සංඥා ඇත්තා වේ. මෙසේ මෙහි දෙදෙනෙක් ධ්‍යාන නොමැතිව ධ්‍යායීන් ඇතුළෙහි පිවිසුණු හෙයින් ධ්‍යායී යයි කියන ලදි.
දෙවන චතුෂ්කයෙහි සසංකාරයෙන් සප්‍රයෝගයෙන් සමාධිය සමග බැඳීම් සහිත ධර්මයන් (නීවරණ) විෂ්කම්භනය කරන්නේ දන්ධව සමවදී නමි. එකක් දෙකක් සිත් වාරවල සිට වහා නැගී සිටින්නේ වහා නැගී සිටී නමි. සමාධිය සමග බැඳි ධර්මයන් පහසුවෙන් පිරිසිදු කරන්නේ වහා සමවදී නමි. නියම කරගත් කාලයෙන් නොනැගිට කාලය ඉක්මවා නැගී සිටින්නේ දන්‍ධව නැගිටී නමි. අනිත් දෙදෙනාද මේ නයින්ම දතයුතුය. මේ සතරදෙනාම සමාපත්ති ලාභීන්ම වෙති.
තුන්වන චතුෂ්කයෙහි මේ ධ්‍යානය අංග පසක් ඇත. මේ ධ්‍යානය අංග සතරක් ඇත යයි මෙසේ අංග මෙනෙහි කිරීමේ දක්‍ෂයා සමාධියෙහි සමාධි කුසලයා නම් වේ. නීවරණ විෂ්කම්භනය කොට සිත් පෙට්ටියෙහි සිත තැබීමට අදක්‍ෂයා සමාධියෙහි සමාපත්ති කුසලයෙක් නොවේ. ඉතිරි තුන්දෙනාද මෙනයින් දතයුතුය. මේ සතරදෙනා සමාපත්ති ලාභීහුමය.
දැන් යම් ධ්‍යාන නිසා මේ පුද්ගලයෝ ධ්‍යායී නම් වේද ඒවා දැක්වීමට චත්තාරො ඣානානි ආදිය කීහ. එහි ධ්‍යාන සතරද විමෝක්‍ෂ තුනද යන මේවායේ අර්ථ යට ධම්මසංගහ අර්ථ කථාවෙහි ප්‍රකාශ කරන ලදි. සෙස්සේද විමොක්‍ෂ අර්ථය කියන ලද පරිදිම දතයුතුය. තවද මෙහි පිළිවෙලින් සත අර්පණා වූ කෙණෙහි සතුරු ධර්මයන්ගෙන් මිදෙන නිසා විමොක්ඛ නම් වේ. අටවැන්නෙහි සියළුම සංඥා දැනීම්වලින් මිදුණු බැවින් අපගත වූ (බැහැර කළ) විමෝක්ඛ නම් වේ. සමාධිවල චතුක්ක පඤ්චක නයවල ප්‍රථමධ්‍යාන සමාධි සවිතක්ක සවිචාර නම් වේ. දෙවන ධ්‍යාන සමාධිය අවිතක්ක විචාරමත්ත සමාධිය නමි. චතුක්ක නයෙහිද පඤ්චක නයෙහිද මතු තුන් ධ්‍යානවල සමාපත්තිවල සමාධිය යයිද සමාපත්ති යයි නම් වේ. කුමක් හෙයින්ද? සිතේ එකඟකමේ ස්වභාවය හෙයිනි. නිරෝධ සමාපත්තියේ එය නොමැති හෙයින් සමාධි නම නොයෙදේ.
භානභාගියො ධම්මො යනු අල්ප ගුණයෙන් ප්‍රථම ධ්‍යානාදියෙන් නැගී සිටියහුගේ සංඥා මනසිකාරවල කාමාදිය ලුහුබැඳීම. විසෙසභාගියො ධම්මො ප්‍රගුණ වීමෙන් ප්‍රථම ධ්‍යාන ආදියෙන් නැගී සිටින්නාගේ සංඥා මනසිකාර දුතිය ධ්‍යානාදිය ලුහුබැඳීමය. වොදානම්පි වුට්ඨානං මේ ප්‍රගුණ වෝදනාය වුට්ඨාන නම් වේ. යට යට ප්‍රගුණ ධ්‍යාන උඩ උඩ ධ්‍යානවලට පාදක වේ. එනිසා වෝදානය වුට්ඨාන යයි කියන ලදි. තම්හා තම්හා සමාධිම්හා වුට්ඨානම්පි වුට්ඨානං මෙයින් භවංග නැගිටීම කියන ලදි. භවංගයෙන්ම සියළු ධ්‍යානවලින් නැගිටීම සිදුවේ. නිරෝධයෙන් වනාහි ඵල සමාපත්තියෙන්ම නැගී සිටී. මෙය පෙල රහිත නැගිටීම නමි.
සත්තබල නිද්දේසය.
අට්ඨබල ආදී නිද්දේස
අටවන බල නිද්දේසයෙහි අනෙක විහිතං පුබ්බෙනිවාසං ආදි සියල්ල විසුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලද්දේමය.
නවබල නිද්දේසයෙහි ද දිබ්බෙන චක්ඛුනා ආදි සියල්ල එහිම විස්තර කරන ලදි.
දසමබල නිද්දේසය.
දසබල නිද්දේසයෙහි චෙතො විමුත්තිං ඵල සමාධිය. පඤ්ඤා විමුත්තිං ඵල ඤාණය. සෙසු සියල්ල ප්‍රකටය. මෙය ආචාර්යවරුන්ගේ සමාන අර්ථකථාවයි. පරවාදීහු කීහ. දසබල ඤාණය වෙන වෙනම නැත. මෙය සබ්බඤ්ඤුත ඤාණයේම ප්‍රභේදයකි. එය එසේ නොදත යුතුය. දසබල ඤාණ අනිකකි. සබ්බඤ්ඤුත ඤාණය අනිකකි. දසබල ඤාණය ස්වකීය ස්වකීය කෘත්‍යය දනී. සබ්බඤ්ඤුත ඤාණය එයද එයින් අවසේසයද දනී. දසබල ඤාණයෙහි පළමුවැන්න හේතු පමණක් දනී. දෙවැන්න කම්මන්තර හා විපාකන්තර තෙවැන්න. කර්ම පිරිසිඳීමද සතරවැන්න ධාතු නානත්වයද පස්වැන්න. සත්ත්වයින්ගේ අදහස් සය. ඉන්‍ද්‍රිය තියුණු මුදුබව හත අට. පෙර විසූ ස්කන්ධ පරම්පරාව ධ්‍යානාදිය සමග ඒවායේ කිලිටි පිරිසිදු බව නවය. චුති පටිසන්ධි දහය. සත්‍ය පිරිසිඳීම. සබ්බඤ්ඤුත ඤාණය මේවායේ දැනුමද ඒවාට ඉහළින් ඇති දේද දනී. මේවායේ කෘත්‍ය සියල්ලම නොකරයි. එහි ධ්‍යානයට පැමිණ අර්පණා කළ නොහැකිය. සෘද්ධිය වී මවාපෑම කළ නොහැකිය. මාර්ගය වී කෙලෙස් ක්‍ෂය කළ නොහැකිය.
තවද පරවාදීන්ගෙන් මෙසේ විචාළ යුතුය. “දසබල ඤාණය නම් මේ සවිතක්ක සවිචාර, අවිතක්ක විචාරමත්ත අවිතක්ක අවිචාර, කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෞකික, ලෝකෝත්තර” යයි දන්නා පිළිවෙලින් ඤාණ හත සවිතක්ක සවිචාරයයි කියයි. ඉන්පසුව එන ඤාණ දෙක අවිතක්ක අවිචාර යයි කියයි. ආසවක්ඛය ඤාණය සවිතක්ක සවිචාරද අවිතක්ක විචාර මත්තද අවිතක්ක අවිචාරද කියයි. එසේම පිළිවෙලින් කාමාවචර හත රූපාවචර දෙක අවසානයෙහි ලෝකෝත්තර එකක් යයි කියයි. සබ්බඤ්ඤුත ඤාණය සවිතක්ක සවිචාරමයද ලෞකික මය යයිද කියයි. මෙසේ දසබල ඤාණය අනිකකි. සබ්බඤ්ඤුත ඤාණය අනිකකි.