(10:) දසකනිද්දෙසවණ්ණනා
පඨම බල නිද්දේසය
දස ආකාරයකින් ඤාණවත්‍ථු නිද්දේසයෙහි අට්ඨානං හේතු ප්‍රතික්‍ෂේපය. අනවකාසො යනු ප්‍රත්‍ය ප්‍රතික්‍ෂේපයයි. දෙකින්ම හේතුව ප්‍රතික්‍ෂේප කරයි. හේතුවෙහි ඊට අයත් පැවතුම් ඇති බැවින් තමාගේ ඵලයට හේතුව යයිද ප්‍රත්‍යයයිද කියනු ලැබේ. යං යම් කරුණිකන්. දිට්ඨි සම්පන්නො යනු මාර්ගය දැකීමෙන් යුත් සෝවාන් ආර්ය ශ්‍රාවකයා. කිඤ්ච සංඛාරං චතුභූමිවල සංඛත සංස්කාරයන් අතරෙහි කිසියම් එක් සංස්කාරයක් ද. නිච්චතො උපගච්ඡෙය්‍ය නිත්‍ය වශයෙන් ගන්නේය. නෙතං ඨානං විජ්ජති මේ කරුණ නැත. නොලැබේ. යං පුථුජ්ජනො යම් කරුණකින් පෘථග්ජන වූ. ඨානමෙතං විජ්ජති මේ කරුණ ඇත. සාස්වත දෘෂ්ටියෙන් හේ ත්‍රෛභූමක සංස්කාරවල කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේය යන අර්ථයයි. චතුභූමික සංස්කාර තේජෝ ධාතුව අධික බැවින් දවස තැවුණේ යකඩ ගුලියක් මෙන් මැස්සෙකුගේ දැකීම හෝ අන්‍ය වූ හෝ අකුසලයන්ගේ අරමුණක් නොවේ. මෙම නයින් කිඤ්චි සංඛාරං සුඛතො ආදියෙහි අර්ථය දතයුතුය. සුඛතො උපගච්ඡෙය්‍ය මරණයෙන් පසුද ආත්මය ඒකාන්තයෙන් සුවපත් වේ. අරෝග වේ. මෙසේ ආත්ම දෘෂ්ටි වශයෙන් සැප වශයෙන් ගැනීම සඳහා මෙය කියන ලදි. ආර්ය ශ්‍රාවකයා දෘෂ්ටි විප්‍රයුක්ත සිතින් දැවීමෙන් මඩනා ලද්දේ දැවීම සංසිඳවීමේ සමත් මත් ඇතුන්ගෙන් ත්‍රාසයට පත්වූවා මෙන් පිරිසිදු කැමති පොක්ඛර බ්‍රාහ්මණයා අසූචිය මෙන් කිසියම් සංස්කාරයක් සැප වශයෙන් ගනියි. ආත්ම වාදයෙහි කසිණාදි පැනවීම් සංග්‍රහයක් සංස්කාර යයි නොකියා කිඤ්චි ධම්මං යයි කියන ලදි. මෙහි ආර්ය ශ්‍රාවකයාගේ චතුභූමක වශයෙන් සීමාව දතයුතුය. පෘථග්ජනයා ත්‍රෛභූමික වශයෙන් සියළු වාරයන්හි හෝ ආර්ය ශ්‍රාවකයාටද ත්‍රෛභූමික වශයෙන්ම සීමාව වටී. යඤ්හි යම් පෘථග්ජනයෙක් ගනී. එයින් ආර්ය ශ්‍රාවකයා ගැනීම බැඳුමෙන් ඉවත් කරයි. පෘථග්ජනයා යමෙක් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගනී. ආර්ය ශ්‍රාවකයා එය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගනිමින් ග්‍රහණ වෙළුම් අත්හරියි.
මාතරං යනාදියෙහි මව ජනිකාය. පියා ජනනේය. මනුෂ්‍ය වූ ඛීණාසව රහතන් වහන්සේ අදහස් කරන ලදි. ආර්ය ශ්‍රාවකයා අන්‍යයාගේ ජීවිතය හානි කරන්නේද? මෙය නොවේ. භවන්තරගතවූ තමාගේ ආර්ය ශ්‍රාවක බව නොදැනද කිසිවෙක් මෙසේ කිපෙන්නේය. මේ කුහුඹුවා මරා සියළු සක්වල ගැබෙහි චක්‍රවර්ති රාජ්‍යය පිළිගනුවයි කී කල්හිත් හේ ඌ නොමරන්නේය. එසේ නැතහොත් ඔහුට මෙසේ කියන්නේය. මූ මැරුවේ නැත්නම් ඔබේ හිස කපාදමමියි එසේ හිස කපන්නේ නමුත් හේ සතා නොමරන්නේය. පෘථග්ජන භාවයේ මහා සාවද්‍ය බව පෙන්වීම සඳහාද ආර්ය ශ්‍රාවකයාගේ බලය දැක්වීම සඳහාද මෙය කියන ලදි. මෙහි අදහස මෙසේය. සාවද්‍ය වූ පෘථග්ජනභාවය යම්තැනක පෘථග්ජනයා මව මැරීම ආදි ආනන්තරිය කර්ම කරන්නේය. මහා බලවත් වූද ආර්ය ශ්‍රාවකයා එවැනි කර්ම නොකරයි.
දුට්ඨෙන චිත්තෙන දොසින් යුත් වධක හිතින්. ලොහිතං උප්පාදෙය්‍ය ජීවමාන ශරීරයෙහි කුඩා මැස්සකු බොන පමණ ලෙසත් සොලවයිද උපදවයි. සංඝං භින්‍දෙය්‍ය සමාන සංවාසක සමාන සීමාවෙහි සිටිය සංඝයා කරුණු පසකින් බිඳුවන්නේ: මෙය කියන ලදි. “පඤ්චහි උපාලී ආකාරෙහි සංඝසා භිජ්ජති කම්මෙන උද්දෙසෙන වොහරන්තො අනුසාසනෙන සලාකග්ගාහෙන”
එහි කම්මෙන යනු අපලෝකනාදි සිව්වැදෑරුම් කර්ම අතුරෙන් එක්තරා කර්මයකින්. උද්දෙසෙන යනු පස්වැදෑරුම් ප්‍රාතිමෝක්‍ෂ උද්දේස අතරෙන් එක්තරා උද්දේසයකින් වොහරන්තො යනු කියමින් ඒ ඒ උපතින් අධර්මය ධර්ම යයි ආදි අට භේදකර වස්තු දක්වන්නේ, අනුසාවනෙන ඔබලා දන්නෙ නැද්ද මා උසස් කුලයෙන් පැවිදි වූ බව මාගේ බහුශ්‍රැත භාවය. මා වැනි කෙනෙකු ධර්මය අධර්මය විනය අවිනය කොට ශාස්තෲ ශාසනය ගන්නේද? එවැනි සිතකුදු ඉපදවීම ඔබලා යුතු නැතැයි ඇයි මට අවීචිය නිලුපුල් වනයක් මෙන් සීතලද? ඇයි මම අපායට බය නැද්ද? ආදි අයුරින් කන ළඟ වචන භේද කොට වෙනස් නොවන ලෙස කොට මේ සලාක ගනුවයි සලාක ගන්වාගෙන. මෙහිද කර්මයම උද්දේසයට ප්‍රමාණවත්ය. කතා කිරීමෙන් සලාක ගැන්වීම පූර්ව භාගය - අටලොස් වස්තු දැක්වීම් වශයෙන් කතා කරන්නා විසින් එහි රුචිය දැනවීම සඳහා අස්සවා සලාක ගැන්වීමෙන් ද සංඝයා නොබිඳුනේමය. මෙසේ සතරකින් හෝ අතිරේකයකින් හෝ සලාක ගන්වා ආවේණික කර්මය හෝ උද්දේස කර්මයක් හෝ කරති. එකල සංඝයා බිඳුනේ වේ.