16. ඤාණ විභංගය
එකකමාතිකාදිවණ්ණනා
ඉන් අනතුරුව දැන් ඤාණ විභංගයෙහි එකවිධෙන ඤාණවත්‍ථු යනාදි නයින් පළමුව ඒකවිධාදියෙන් දසවිධ අවසානයෙන් පරිච්ඡේද දහයකින් මාතෘකා තබා තබනු ලැබූ පද පිළිවෙල අනුව විස්තර කරන ලදි.
එහි එකවිධෙන යනු එක් ආකාරයකින්. එක් කොටසකින් හෝ. ඤාණාවත්‍ථු යන මෙහි ඤාණයද වස්තුවද - ඤාණවත්‍ථු නොයෙක් ආකාරයේ සම්පත් ඤාණවත්‍ථු වේ. ඤාණයට අවකාශ අර්ථයෙන් වූ වත්‍ථු ඤාණ වත්‍ථු වේ. මෙහි වනාහි පළමු අර්ථයෙන්ම ඤාණවත්‍ථු දතයුතුය. එයින්ම එකවිධ පරිච්ඡේද අවසානයෙහි සත්‍ය වූ වස්තු වැඩීම ප්‍රඥාවයි. මෙසේ ඒකවිධ වූ ඤාණවත්‍ථු යයි කියන ලදි. පඤ්ච විඤ්ඤාණ යනු චක්ඛු විඤ්ඤාණාදි පහයි. න හෙතු යනාදිය යට ධර්මසංග්‍රහ අර්ථ කථාවෙහි කියන ලද නයින්ම දතයුතුය. සංක්‍ෂෙපයෙන් වනාහි මෙහි කිවයුතු දේ නිද්දේස වාරයෙහි එන්නේය. යම්සේ මෙහි දුක මාතෘකා පදවලද කිවයුතු දේ එහිම එන්නේය. බහා තබන කොටස පමණක් මෙහි මෙසේ දතයුතුය. මෙහි න හෙතු අහේතුක යනාදියෙන් පළමුකොට ධම්මසංගහ මාතෘකා වශයෙන් අනිඤ්ඤ ජරාභිභූත යනාදියෙන් මාතෘකා නැතිව සේනා යනු සංක්‍ෂේපයෙන් ප්‍රභේද වශයෙන් දෙයාකාරයකින් පද හැත්තෑ අටකින් එක් මාතෘකාවක් තබන ලදි.
දුක අනුරූපයෙන් දුක තිස්පහකින් දුක මාතෘකා තබන ලදි.
තික අනුරූපවලින් වින්‍යාසය පඤ්ඤා යනාදි සතරෙන් බාහිර තිකයෙහි, විපාක පඤ්ඤා යනාදියෙන් අනියමිත පඤ්ඤා වශයෙන් කියන ලද තික මාතෘකා දාහතරකින්, විතක්ක තිකයෙහි පළමු පදයෙන් නියමිත පඤ්ඤා නයෙන් කියන ලද දහතුනෙන්, දෙවන පදයෙන් නියමිත පඤ්ඤා වශයෙන් කියන ලද සතෙන් තුන්වන පදයෙන් නියමිත පඤ්ඤා වශයෙන් කියන ලද දොළොසෙන්, පිති තිකයෙහි පළමු පදයෙන් නියමිත පඤ්ඤා වශයෙන් කියන ලද දහතුනෙන්, දෙවන පදයෙන්ද එසේය. තුන්වන පදයෙන් නියමිත පඤ්ඤා වශයෙන් කියන ලද දොළොස යයි තික අසූඅටකින් තික මාතෘකා තබන ලදි.
සතරවන මාතෘකා වනාහි කම්මස්සකත ඤාණය යනාදියෙන් එක්විසි චතුක්කයෙහි පඤ්ච මාතෘකා පහේ (පඤ්චත්‍ථක) දෙකින් ඡක්ක මාතෘකා සයේ එකකින් සත් මාතෘකා ඤාණවස්තු හැත්තෑහත යන්න මෙසේ සංක්‍ෂේපයෙන් කීමෙන් සත්ත එකොළහකින් අට මාතෘකා එක අටකින්, නව මාතෘකා එක නවයකින්
දසකමාතිකාවණ්ණනා
දස මාතෘකා තථාගතයන්ගේ තථාගත දසබල යනාදියෙන් දශක එකකින් තබන ලදි. එහි දස යනු දැක්වීමය. තථාගතස්ස යන යම්සේ විශේෂ ආදි පෙර බුදුවරු ආවාහු එසේ ආවා වූ, යම්සේ ගියාහුද එසේම යන නිසා තථාගතස්ස යනු වේ. තථාගත බල යනු අන්‍යයන්ට අසාධාරණ තථාගතයන් වහන්සේගේම බල. පෙර බුදුවරුන්ගේ බල මෙන් පුඤ්ඤ උපනිස්සය සම්පත්තියෙන් එසේ ආවා වූ ආගත බලයයිද අර්ථ වේ. කාය බල ඤාණ බල වශයෙන් තථාගතයන් වහන්සේගේ බල දෙකකි. ඒ දෙකින් කාය බලය ඇත් කුල අනුසාරයෙන්ම දතයුතුය. පුරාණයන් විසින් එනිසා කියන ලදි.