අට්ඨබල ආදී නිද්දේස
අටවන බල නිද්දේසයෙහි අනෙක විහිතං පුබ්බෙනිවාසං ආදි සියල්ල විසුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලද්දේමය.
නවබල නිද්දේසයෙහි ද දිබ්බෙන චක්ඛුනා ආදි සියල්ල එහිම විස්තර කරන ලදි.
දසමබල නිද්දේසය.
දසබල නිද්දේසයෙහි චෙතො විමුත්තිං ඵල සමාධිය. පඤ්ඤා විමුත්තිං ඵල ඤාණය. සෙසු සියල්ල ප්රකටය. මෙය ආචාර්යවරුන්ගේ සමාන අර්ථකථාවයි. පරවාදීහු කීහ. දසබල ඤාණය වෙන වෙනම නැත. මෙය සබ්බඤ්ඤුත ඤාණයේම ප්රභේදයකි. එය එසේ නොදත යුතුය. දසබල ඤාණ අනිකකි. සබ්බඤ්ඤුත ඤාණය අනිකකි. දසබල ඤාණය ස්වකීය ස්වකීය කෘත්යය දනී. සබ්බඤ්ඤුත ඤාණය එයද එයින් අවසේසයද දනී. දසබල ඤාණයෙහි පළමුවැන්න හේතු පමණක් දනී. දෙවැන්න කම්මන්තර හා විපාකන්තර තෙවැන්න. කර්ම පිරිසිඳීමද සතරවැන්න ධාතු නානත්වයද පස්වැන්න. සත්ත්වයින්ගේ අදහස් සය. ඉන්ද්රිය තියුණු මුදුබව හත අට. පෙර විසූ ස්කන්ධ පරම්පරාව ධ්යානාදිය සමග ඒවායේ කිලිටි පිරිසිදු බව නවය. චුති පටිසන්ධි දහය. සත්ය පිරිසිඳීම. සබ්බඤ්ඤුත ඤාණය මේවායේ දැනුමද ඒවාට ඉහළින් ඇති දේද දනී. මේවායේ කෘත්ය සියල්ලම නොකරයි. එහි ධ්යානයට පැමිණ අර්පණා කළ නොහැකිය. සෘද්ධිය වී මවාපෑම කළ නොහැකිය. මාර්ගය වී කෙලෙස් ක්ෂය කළ නොහැකිය.
තවද පරවාදීන්ගෙන් මෙසේ විචාළ යුතුය. “දසබල ඤාණය නම් මේ සවිතක්ක සවිචාර, අවිතක්ක විචාරමත්ත අවිතක්ක අවිචාර, කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෞකික, ලෝකෝත්තර” යයි දන්නා පිළිවෙලින් ඤාණ හත සවිතක්ක සවිචාරයයි කියයි. ඉන්පසුව එන ඤාණ දෙක අවිතක්ක අවිචාර යයි කියයි. ආසවක්ඛය ඤාණය සවිතක්ක සවිචාරද අවිතක්ක විචාර මත්තද අවිතක්ක අවිචාරද කියයි. එසේම පිළිවෙලින් කාමාවචර හත රූපාවචර දෙක අවසානයෙහි ලෝකෝත්තර එකක් යයි කියයි. සබ්බඤ්ඤුත ඤාණය සවිතක්ක සවිචාරමයද ලෞකික මය යයිද කියයි. මෙසේ දසබල ඤාණය අනිකකි. සබ්බඤ්ඤුත ඤාණය අනිකකි.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ දහසය වන ඤාණ විභංග නිද්දේසයයි.
17. ඛුද්දක වත්ථු විභංගය
එකකමාතිකාදිවණ්ණනා
ඉන් අනතුරුව දැන් ඛුද්දක වත්ථු විභංගයෙහි පළමුවන මාතෘකාව තබා තබන ලද පද පිළිවෙලින් නිර්දේශය කරන ලදි. මේ නික්ෂේප පරිච්ඡේදයේ මුලින්ම ජාතිමදො එක එක හැත්තෑතුනක් තබන ලදි. එයින් කොධො ච උපනාහො ච යන අකුසල මූලාදි අටළොස් දුකය, ආසව චතුක්කාදි පන්තිස් තිකයද ඔරංභාගිය සංයෝජනාදි තුදුස්දස චතුක්කය විවාද මූලාදි පසළොස් පංචකය අනුසයාදි තුදුස් දස සය කිලේස වත්ථු ආදි සප්ත සත ආඝාත වත්ථු ආදි අටෙහි අට කිලේස වත්ථු ආදි නවයෙහි නවකය අජ්ඣත්ති උපාදාය ආදි සතෙහි දසකය. අට්ඨාරස තණ්හා විචරිතානි ආදිය අටළොස් හය යයි සියල්ල කෙලෙස් එකසිය අටක් තබන ලද යයි දතයුතුය. මෙය නික්ඛෙප පරිච්ඡේදයයි.
(1:) එකකනිද්දෙසවණ්ණනා
දැන් තබන ලද මාතෘකා පිළිවෙලින් කත්ථ කතමො ජාතිමදො යනාදි නයින් අරඹන නිද්දේස වාරයෙහි ජාතිං පටිච්චා යනු ජාතිය නිසා මෙහි ද පටිච්ච නවය කියන ලදි. එහෙයින් ජාතික පවතින කල්හි යනු මෙහි අර්ථයයි. ගොත්තං පටිච්චා ආදියෙහි ද මෙම නයයි. රාගය වශයෙන් මදො වේ. මත්වීම් ආකාරය මජ්ජනා වේ. මත්වීම් භාවය මජ්ජිතත්තං වේ. මානො මඤ්ඤනා යනාදිය යට ධම්මං සංගහට්ඨ කථාවෙහි කියන ලද පරිදිය. අයං වුච්චති මේ ජාතියම ඇතිකල්හි ඒ ජාතිය නිසා උපන් මත්වීම් ආකාරයෙන් පවතින මානය ජාති මදයයි කියනු ලැබේ. මෙය ක්ෂත්රිය ආදි වර්ණ සතරෙහිම උපදී. ජාති සම්පන්න ක්ෂත්රියෙක් මා හා සමාන අනිකෙක් නැත. අවසේස අය අතරකදී නැගී සිටි ක්ෂත්රියයෝ වූහ. මා වනාහි වංසාගත ක්ෂත්රියයෙකියි මානය කරයි. බ්රහ්මණාදියෙහිද මෙම නයයි. ගොත්ත මද නිද්දේසාදියෙහිද මේ උපායෙන් අර්ථය දතයුතුය. ක්ෂත්රියයෝද මම කොණ්ඩඤ්ඤ ගෝත්රයෙහිද මම ආදිච්ච ගෝත්රයෙහිද මානය කරයි. කාශ්යප ගෝත්රය භාරද්වාජ ගෝත්රය යයි මැනීම කරයි. වෛශ්ය ශුද්රයෝද තම තමන්ගේ කුලගොත් නිසා මැනීම කරයි. අටළොස් ශ්රේණියද එක් එක් ශ්රේණියක් මානය කරයි.