ඡට්ඨබල නිද්දේසය
සවන බල නිද්දේසයෙහි ආසයං යම්තැනක සත්ත්වයා ආශ්රය කරත්ද වසත්ද එය ඔවුන්ගේ නිවස්නය දෘෂ්ටිගත වූ හෝ යථාර්ථ ඤාණයෙන් හෝ ඤාණංව. අනුසයං යනු අප්රහීණ වූ නිදිගත් කෙලෙස්. චරිතං කායාදියෙන් රැස්කරන ලද කුසල් අකුසල්. අධිමුත්තං. අදහස. අප්පරජක්ඛෙ ආදියෙහි ප්රඥාමය ඇසෙහි අල්ප වූ රා දොස් මෝහ දූවිලි. එහිම මහත්බව මහා රජක්ඛ වේ. දෙකෙන්ම මද කෙලෙස් ඇති වන මහ කෙලෙස් ඇති සත්ත්වයන් දක්වයි. යමෙකුගේ ශ්රද්ධාදි ඉන්ද්රියයන් තියුණු වේ නම් තිඛින්ද්රිය වේ. ඒවා මෘදු වේ නම් මුදුන්ද්රිය වේ. යමෙකුගේ ආශ්වාදි කොටස් සුන්දර නම් ස්වාකාර වේ. විපරීත නම් ද්වාකාර වේ. යමෙක් කියන ලද කරුණ සලකත්ද, පහසුවෙන් දැනගැනීමට හැකිවේද ඒවා සුචිඤ්ඤෙය්යා වේ. විපරීත නම් දුචිඤ්ඤෙය්යා වේ. යමක් ආර්ය මාර්ගයට ගැලපෙන උපනිශ්රය සම්පන්න වේද එම භබ්බ වේ. විපරීත ඒවා අභබ්බ වේ.
මෙසේ සවන බලයේ මාතෘකා තබා දැන් පිළිවෙලින් බෙදන්නේ කතමො ච සත්තානං ආසයො? යනාදිය කීහ. එහි සස්සතො ලොකො යනාදියේ අර්ථය යට නික්ඛෙප කාණ්ඩ වර්ණනාවේ කියන ලදි. මෙසේ භවදිට්ඨි සන්නිස්සිතා යනු මෙසේ ශාස්වත දෘෂ්ටියෙන් හෝ යුක්ත වූ. ශාස්වත දෘෂ්ටිය මෙහි භව දෘෂ්ටිය යයි කියන ලදි. උච්ඡේද දෘෂ්ටියද විභව දෘෂ්ටියද සියළු දෘෂ්ටි ශාස්වත උච්ඡේද දෘෂ්ටිවල සංග්රහ කරන ලද බැවින් මේ සියළු දෘෂ්ටිගතික සත්ත්වයෝ මේ දෘෂ්ටි දෙක ඇසුරු කරන ලද්දෝ වෙති. මෙය කියන ලදි. “කච්චානය ඇතැයි ද නැතැයි ද ලෝකයා දෙකක් ඇසුරු කොටම සලකත්. ඇත යනු ශාස්වතය. නැත යනු උච්ඡේදයයි. මෙය සසර නිශ්රිත පෘථග්ජන සත්වයන්ගේ ආසයයි.”
දැන් සසර ඇසුරුකරන සුද්ධ සත්ත්වයන්ගේ ආසය දැක්වීමට එතෙ වා පන උභො අන්තෙ අනුපගම්ම ආදිය කියන ලදි. එහි එතෙ පනාති ඒවාම. උභො අන්තෙ සස්සත උච්ඡේද සංඛ්යාත අන්ත දෙකෙහි අනුපගම්ම - නොඇලී. ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්න ධම්මේසු මේ සත්යයෙහි ද පටිච්ච සමුප්පන්න ධර්මයෙහිද අනුලොමිකා ඛත්ති විපස්සනා ඤාණය යථාභූතවො ඤාණ මාර්ග ඤාණය. මෙය කියන ලදි. “පටිච්ච සමුප්පාදයෙහි ද පටිච්ච සමුප්පන්න ධර්මයෙහිද මේ ශාස්වත උච්ඡේද අන්ත දෙකෙහි නොඇලී විපස්සනාව අවබෝධ කෙරේද එයින් මත්තෙහි මාර්ග ඤාණය. මෙය සත්ත්වයන්ගේ ආසය වේ. සසර ආශ්රියන් ද නිවන ආශ්රියන් ද සියලු සත්ත්වයන්ගේ ආසය වේ. මෙය වසන තැන යයි මේ ආචාර්යන්ගේ සමානාර්ථ කථාවයි.
විතණ්ඩවාදීහු කීශ. මාර්ගය නම් වාසය විනාශ කරමින් යයි. ඔබ මාර්ගය වාසය යයි නොකීවෙහිද? හේ කිවයුතුයි. ඔබ අරියවාස භානකයෙක් වෙහිද? නොවෙහිද? ඉදින් වෙමියි කියයි. අභාණක බව නොදන්නෙහි යයි කිවයුතුය. ඉදින් භාණක වෙමියි කියයි නම් සූත්රය හැර දක්වයි කිවයුතුය. ඉදින් ගෙනහැර දක්වා නම් යෙහෙකි. නොදක්වන්නේ නම් තමා ගෙනහැර දැක්විය යුතුය. “දස ඉමෙ භික්ඛවෙ අරියවාසා යදරියා ආවසිංසු වා ආවසන්ති වා ආවසිස්සන්ති වා” මහණෙනි, ආර්යවාස දසයකි. යම්තැනක ආර්යයෝ විසූහුද වසතිද වසන්නෝ වෙත්ද මේ සූත්රය මාර්ගයේ හෝ ස්වභාවය දක්වයි. එහෙයින් මෙය මනාව කියන ලද්දේමය. මෙය වනාහි භාග්යවතුන් වහන්සේ සත්ත්වයින්ගේ ආසය දන්නේ මේ දෘෂ්ටිගතිකයන්ගේ විපස්සනා ඤාණ මග්ග ඤාණ නොපැවති ක්ෂණයද දනිති. එය කියන ලදි.
“මේ පුද්ගලයා කාමගරුකය. කාම ආශ්රය. කාම අදහසින් යුතුය. නෙක්ඛම්ම සේවනය කරන්නෝද දනිති. මේ පුද්ගලයා නෙක්ඛම්ම ගරුකය. නෙක්ඛම්ම අදහසින් යුක්තය. ව්යාපාදං......අව්යාපාදං.....ථීනමිද්ධං......ආලෝකසඤ්ඤං සේවනය කරන්නාද දනිති. මේ පුද්ගලයා ආලෝකසංඥා ගරුකය. ආලෝක සංඥා ආශය. ආලෝක සංඥා අදහසින් යුක්තය.”
අනුසය නිද්දේසයෙහි කාමරාගයද එය අප්රහීණ වූ අර්ථයෙන් අනුසයද කාමරාගා අනුසය සෙසු පදවලද මෙම නයයි. යං ලොකෙ පියරූපං මේ ලෝකයෙහි ප්රියජානික වූ. සාතරූපං සැප ජාතික වූ. ආශ්වාදයට පදනම් වූ ඉෂ්ට අරමුණයි. එත්ථ සත්තපනං රාගානුසයො අනුසෙන්ති මේ ඉෂ්ට අරමුණෙහි සත්ත්වයින්ගේ ප්රහීණ නොවූ රාග අනුසය නිදයි. දියේ ගිලුනහුගේ යටද උඩ සියළු කොටස්ද ජලයෙහිම වේ. එසේම ඉටු අරමුණෙහි රාගය ඇතිවීම නම් සත්ත්වයින්ගේ (කාලයක් තිස්සේ පවතින්නකි) පුරුදු කරන ලද්දකි. එසේම අනිටු අරමුණෙහි පටිඝය ඉපදීම. ඉති ඉමේසු ද්වීසු. ධම්මේසු. මෙසේ මේ කාමරාග පටිඝ නම් ඉටු අනිටු අරමුණු ධර්මවල. අවිජ්ජානුපතීතා කාමරාග පටිඝ දෙකින් යුක්ත අරමුණු කිරීම් මානයෙන් අවිජ්ජාව ඇතිවීම. තදෙකට්ඨො ඒ අවිද්යාව යුක්ත අර්ථයෙන් මානො ච දිට්ඨි ච විචිකිච්ඡා ච මානය නවවිධය. දිට්ඨිය දොලොස් වැදෑරුම්ය. විචිකිච්ඡාව වස්තු අටක පවතී. භවරාගානුසයද මෙහි කාමරාග අනුසයේම ඇතුළත් කරන ලදැයි දතයුතුය.