සතරවන බල නිද්දේසය
සතරවන බල නිද්දේසයෙහි ඛන්ධනානත්තං යනු මේ රූපස්කන්ධය...... මේ විඤ්ඤාණ ස්කන්ධය නම් වේ. මෙසේ ස්කන්ධ පහේ නානා කරණය දැනගනී. ඒවා අතර ඒකවිධ වූ රූපස්කන්ධය........එකොළොස්විධ වූ රූප ස්කන්ධය ඒකවිධ වූ වේදනා ස්කන්ධය.......බොහෝ ආකාරයෙන් වේදනා ස්කන්ධය. ඒකවිධ වූ සංඥා ස්කන්ධය.......ඒකවිධ වූ සංඛාර ස්කන්ධය......ඒකවිධ වූ විඤ්ඤාණ ස්කන්ධය.....බහුවිධයෙන් විඤ්ඤාණ ස්කන්ධය, මෙසේ එක එක ස්කන්ධයාගේ නානත්තය දැනගනී. ආයතන නානත්තං යනු මෙය චක්ඛායතන නමි. මෙය ධම්මායතන නමි. එහි ආයතන දහයක් කාමාවචර, දෙකක් චතුභූමික යයි මෙසේ ආයතන නානත්වය දැනගනී. ධාතුනානත්තං මේ චක්ඛු ධාතු........මේ මනෝවිඤ්ඤාණ ධාතු නමි. එහි ධාතු සොළසක් කාමාවචර වේ. දෙකක් චතුභූමික වේ. මෙසේ ධාතු නානත්තය දැනගනී.
නැවත අනෙක ධාතු නානාධාතු ලෝකය මෙය කේවල නොවූ සංස්කාර ලෝකයයි ගන්නා ලද නානත්වය තථාගතයෝ දැනගනිති. නොගන්නා ලද සංඛාර ලෝකයෙහි නානත්වයද දැනගනිති. පසේ බුදුවරුද අගසව් දෙනමද ගන්නා ලද සංඛාර ලෝකයෙහි ඒක දේශයක් දැනගනිති. අනුපාදින්න ලෝකයෙහි නානත්තය නොදනිති. බුදුන් වහන්සේ වනාහි මේ නාමධාතුව උස්සන්න නියම නම් හිස් කඳ සුදුසු වේ. වේගයෙන් කළු වේ. මේ ගසේ මටය, මෙහි පොත්ත ඝනකම්ය. මෙය තුනීය. මෙනම් ධාතුවේ උස්සන්න බැවින් මේ ගසේ කොළ වර්ණ සටහන් වශයෙන් මෙබඳු රූපය. මේ ධාතුවේ උස්සන්න බැවින් මේ ගසේ මල් නිල්පාටය. කහපාටය. ලේ පාටය. සුදු පාටය. සුවඳය. දුගඳය වේ. මේ නම් ධාතුවේ උස්සන්න බැවින් ගෙඩි කුඩා වේ. මහත් වේ. දික් වේ. කෙටි වේ. වට වේ. මනා සටහන් වේ. නොමනා සටහන් වේ. සිනිඳු වේ. රළු වේ. සුවඳ දුගඳ මිහිරි තිත්ත ඇඹුල් කටුක (කුළු) කසට රස වේ. මේ නම් ධාතුවේ උස්සන්න බැවින් මේ ගසේ කටු තියුණුය. තියුණු නොවේය. සෘජුය. වකුටුය. තඹවන්ය. කළුය. නීලය. සුදු වේ යයි මෙසේ නොගන්නා ලද සංඛාර ලෝකයේ නානත්වය දැනගනිති. සර්වඥ බුදුවරුන්ගේම මේ බලය අනෙකෙකුට නැත.
සතරවන බල නිද්දේසය
පස්වන බල නිද්දේසය
පස්වන බල නිද්දේසයෙහි හීනාධිමුත්තිකා යනු හීන වූ අදහසින් පණීතාධිමුත්තිකා කලණ වූ අදහසින් සෙවන්ති ආශ්රය කරති. ඇලෙති. භජන්ති ළඟට පැමිණෙති. පයිරුපාසන්ති නැවත නැවත ළඟට පැමිණෙත්. ආචාර්ය උපාධ්යාය සිල්වත් නොවේ නම් සද්ධි විහාරිකයෝ සිල්වත් වෙති. ඔව්හු තමන්ගේ ආචාර්ය උපාධ්යායන් වෙත නොඑළඹෙති. තමා සමාන සරූප භික්ෂූන් වෙතම පැමිණෙති. ආචාර්ය උපාධ්යාය හා අනිත් භික්ෂූන් අසාරුප්ප නම් ඔව්හු ආචාර්ය උපාධ්යායන් වෙත නොපැමිණෙති. තමා සමාන හීනාධිමුක්තිකයන් වෙත එළඹෙති.
මෙසේ එළඹීම දැන් පමණක් නොව අතීත අනාගත දැක්වීමට අතීතම්පි අද්ධානං යනාදිය කීහ. එය ප්රකටය. මෙය වනාහි දුස්සීලයන්ගේ දුස්සීල සේවනයමය. සිල්වතුන්ගේ සිල්වත් සේවනයම වේ. මෝඩයින්ගේ මෝඩයින් සමාන සේවනය ප්රඥාවන්තයන් ප්රඥාවන්තයන් සමග සේවනය. මෙහි නියමය කුමක්ද? අදහස් නියාමයයි. බොහෝ භික්ෂූහු එක ගමකට සමූහව පිඬු පිණිස හැසිරෙති. මිනිස්සු බොහෝ බත් ගෙනවුත් පාත්ර පුරවා ඔබවහන්සේලා සුදුසු ලෙස කොටස් කරගෙන වළඳනු මැනවැයි දී පිටත් කළහ. භික්ෂූන් වහන්සේලාද ඇවැත්නි, මිනිස්සු ධාතු යුක්තවම යොදතිදැයි ඇසූහ. ත්රිපිටක චූලාභය ථෙරො ද නාගදීපයෙහි චේතිය වැඳීමට පන්සියයක් භික්ෂූන් සමග වඩින්නේ එක් ගමක මිනිසුන් විසින් ආරාධනා කරනු ලැබීය. තෙරුන් සමග එක් අසාරුප්ප භික්ෂුවක් ඇත. භික්ෂූන් දෙනමක් ගමට වඩින්නේ ඒ දෙදෙනාම කිසි ආගන්තුකයෙකු විසින් නේවාසිකයෙක්ද නේවාසිකයකු විසින් ආගන්තුකයෙක්ද නුදුටුවිරූය. මෙසේ ඇතිකල්හි එක්ව සිනාසී කථාකරමින් එක්තැනක සිටියහ. තෙරුන්වහන්සේ දැක සම්මා සම්බුද්ධයන් විසින් දැන ධාතු සංයුත්තය කියන ලදැයි කීහ.
මෙබඳු අදහස ධාතු නියාමය යයි කියා ධාතු සංයුත්තයෙන් මේ අර්ථයම දැක්විය යුතුය. ගිජ්ඣකූට පර්වතයෙහි ගිලන් සයනයෙන් වැදහොත් භාග්යවතුන් වහන්සේට ආරක්ෂාව පිණිස පිරිවරා සිටින සැරියුත් මුගලන් දෙනම කෙරෙහි තම තමාගේ පිරිස සමග සක්මන් කරන්නන් බලා භික්ෂූන් ඇමතූහ. මහණෙනි, බලන්න. සැරියුත් බොහෝ භික්ෂූන් සමග සක්මන් කරති. එසේය ස්වාමීනි, මහණෙනි, මේ සියළු භික්ෂූහු ප්රඥාවන්ත යයි සියල්ල විස්තර කළයුතු.