තතිය බල නිද්දේසය
තෘතීය බල නිර්දේශයෙහි මාර්ගයයි හෝ පිළිවෙත යයි හෝ මෙය කර්මයට නමකි. නිරයගාමිනී ආදියෙහි ආශ්වාද රහිත අර්ථයෙන් නොඇලීම් අර්ථයෙන් නිරය වේ. ඉහළට නොගොස් හරහට අදින ලද්දේ තිරිසන්ය. තිරිසන්ම තිරිසන්යෝනි වේ. පෙත්තාය පෙත්ති. මෙයින් පරලොව ගිය බවය යන අර්ථයයි. මනස උසස් බැවින් මනුස්ස වේ. මනුෂ්‍යයාම මනුස්සලෝක වේ. පස් කාම ගුණයේ ක්‍රීඩා කරනවා යනු අධික වූ සමාන සම්පත්තිය හෝ දේව වේ. දේවාම දේව ලෝකයයි. වාණ යනු තෘෂ්ණාවයි. එය එහි නැත යන නිබ්බාණ වේ. නිරයට යෑම නිරයගාමී වේ. මෙය මාර්ගය සඳහා කියන ලදි. පටිපදා යනුද නිරයගාමිනී වේ. සෙසු පදවලද මෙම නයයි. මේ සියළුම පිළිවෙත් තථාගත දනී.
කෙසේද? සියළු ගම්වැසියෝ එකතුව ඌරකු හෝ මුවකු හෝ දිවි තොරකර කල්හි සියළු දෙනාගේම චේතනා අනිකකුගේ ජීවිතේන්‍ද්‍රිය අරමුණුකොට ඇත්තේ වේ. එම කර්මය ඔවුන්ගේ රැස්කරන වේලාවෙහි විවිධ වේ. එකෙක් එම කරවයි. අනුන්ගේ මෙහෙයවීමෙන් කරයි. එකෙක් සමාන කැමැත්තෙන් මෙන් අයින් නොවී හැසිරේ. එකෙක් එම කර්මයෙන් නිරයේ උපදියි. එකෙක් තිරිසන් යෝනියෙහි එකෙක් ප්‍රේත විෂයෙහි උපදියි. තථාගතයන් වහන්සේ එය රැස්කරන අවස්ථාවෙහිම මේ ආකාරයෙන්ම රැස්කළ බැවින් මොහු නිරයේ උපදින්නේය. මොහු තිරිසන් යෝනි යෝනියෙහි උපදින්නේය. මොහු පේත විෂයෙහි උපදින්නේ යයි දැනගනී. නිරයේ උපදින්නේ ද මොහු අටමහ නිරයෙහි උපදින්නේය. මොහු සොළොස් උස්සද නිරයේ උපදින්නේය යයි දැනගනී. තිරිසන් යෝනියෙහි උපදින්නේද මොහු අපාදක වන්නේය. මොහු ද්විපාදක වන්නේය. මොහු චතුප්පාද වන්නේය. මොහු බහුප්පාද වන්නේ යයි දැනගනී. ප්‍රේත විෂයේ උපදිනු ලබන්නේද මොහු නිජ්ඣාමතණ්හිකයෙහි වන්නේය. මොහු ඛුපිපාසික වන්නේය. මොහු පරදත්තූපජීවි වන්නේ යයි දැනගනී. සෙසු කර්මද මේ කර්මය ප්‍රතිසන්ධිය ඇදගැනීමට නොහැකි වන්නේය. දුබලව දෙන ලද ප්‍රතිසන්ධිය උපධි යයි මේරීම වන්නේයයි දැනගනී.
එසේම සියළු ගම්වාසීහු පිණ්ඩපාතය දෙන්නාහු සියළු දෙනාගේම චේතනා පිණ්ඩපාත අරමුණෙහි වේ. ඒ කර්මය ඔවුන්ගේ රැස්කිරීම් කෙරෙහි පෙර මෙන්ම විවිධ වේ. ඔවුනතුරෙන් සමහරෙක් දෙව්ලොව උපදින්නෝය. සමහරෙක් මනුෂ්‍ය ලෝකයෙහි උපදින්නෝය. මේ ආකාරයෙන් රැස්කරන ලද බැවින් මොහු මනුෂ්‍ය ලෝකයෙහි උපදින්නේය. මොහු දේව ලෝකයෙහි උපදින්නේ යයි දැනගනී. දෙව්ලොව උපදින්නන්ද මොහු පරනිම්මිතව සම්පත්තියෙහි නිම්මාන රතියෙහි තුසිතයෙහි යාමයෙහි තාවතිංසයෙහි චාතුම්මහාරාජිකයෙහි මොහු භුම්මාදේවේසු මොහු දෙටු දෙව්රජව උපදින්නේය. මොහු මොහුට දුතියයි තතිය තනතුරු දරන්නෙක්ව උපදින්නේ යයි දැනගනී. මනුෂ්‍යයන් අතර උපදින්නේද මොහු ක්‍ෂත්‍රිය කුලයෙහි මොහු බ්‍රාහ්මණ කුලයෙහි මොහු වෛශ්‍ය කුලයෙහි මොහු ක්‍ෂුද්‍ර කුලයෙහි උපදින්නේය. මොහු මිනිසුන්ගේ රජවී උපදින්නේය. මොහු ඔහුගේ දෙවෙනි හෝ තුන්වෙනි හෝ තනතුරු දරණ පරිවාරකයෙක්ව උපදින්නේ යයි දැනගනී. සෙසු කර්ම අතර මේ කර්මය ප්‍රතිසන්ධිය ඇදගැනීමට සමත් නොවේ. දුබලව දුන් ප්‍රතිසන්ධිය උපධි මේරීමට වන්නේ යයි දැනගනී.