දුතිය බල නිද්දේසය
දෙවන බල නිද්දේසයෙහි ගතිසම්පත්ති පටිබාල්හානි ගති සම්පත්තිය පිළිබැහී, වැළැක්වීය. සෙසු පදවලද මෙම නයයි. මෙහිද ගති සම්පත්ති ගති සම්පත්ති නම් දෙව්ලොව ද මිනිස් ලොවද වේ. ගතිවිපත්ති සදොස් ගති නම් සතර අපායයි. උපධි සම්පත්ති ආත්මභාවය සම්පූර්ණ වීම උපධිවිපත්ති හීන ආත්මභාව කාල සම්පත්ති යහපත් පාලකයින් මිනිසුන් ඇති කාලය යනුයි කාලවිපත්ති දුෂ්ට පාලකයින් මිනිසුන් සිටින කාලය. පයෝග සම්පත්ති සම්යක් ප්රයෝග. පයෝග විපත්ති වැරදි ප්රයෝග.
එහි සමහරකට බොහෝ පව්කම් ඇත. ඒවා උපධි විපත්තියෙන් ඔබ පැසෙන්නේය. හේ වනාහි එකම යහපත් ක්රියාවකින් ගති සමාපත්තිය ලැබ දෙව්ලොව හෝ මිනිස්ලොව උපන්නේය. එබඳු ස්ථානයෙහි අකුසලය වැළැක්වීමක් නැත. ඒකාන්තයෙන් කුසලය වළක්වයි. එබඳු කර්ම මේවාය. ප්රබල ගති සම්පත්වලට විරුද්ධ වන්නේ නැතැයි දතයුතුය.
අනෙකෙකුටද බොහෝ පව්කම් ඇත. ඒවා උපධි විපත්තියට හේතුවී පැසෙන්නේය. හේ වනාහි එකම යහපත් ක්රියාවකින් උපධි සම්පත්තියෙහි සිටියේ මනාව පිහිටි අඟපසඟ මනාරූ දර්ශනය බ්රහ්ම පුත්රයකු මෙනි. එසේ වුවත් දාසියකගේ කුසෙහි දාස පුත්රයෙක් වේ. මෙබඳු වූ ආත්ම භාවය කිලිටි කරවීම සුදුසු නොවේයයි ඇත් පල අසුන් බැඳීම් ගවපල් ආදි කර්මාන්ත නොකරයි. සියුම් වත් හැඳ පෙරවා භාණ්ඩාගාරික ස්ථානාදියෙහි තබයි. ස්ත්රියක් නම් බත්පිසීම් ආදිය නොකරවති. අලංකාර වස්ත්ර ආදිය දී නිද ගේ පාලිකා හෝ කරති. සෝමා දේවිය මෙන් ස්වාමි ස්ථානයෙහි හෝ තබයි. භාතික රජතුමාගේ කාලයෙහි ගවමස් කන බොහෝ දෙනා ගෙන රජතුමාට පෙන්වූහ. ඔව්හු දඬුවම් දීමට හැකි වුවදැයි විචාරන ලදුව නොහැකි වෙමුයි කීවාහුය. ඉක්බිති ඔවුන් රාජංගනය සුද්ධ කිරීමෙහි කළහ. ඔවුන්ගේ එක් දුවක් අභිරූපය. දැකුම්කළුය. පැහැපත්ය. රජ ඇය දැක අන්තඃපුරයට පමුණුවා වල්ලභ ස්ථානයෙහි තැබීය. ඇගේ ආනුභාවයෙන් සෙසු නෑයෝද සැපසේ ජීවත් වූහ. එබඳු වූ ආත්ම භාවවලද පාපකර්ම විපාක දීමට නොහැකි වේ. මෙසේ උපධි සම්පත්ති වැළැක්වුවත් විපාක නොදේයැයි දැනගනී.
ඇතමෙකුට බොහෝ පව්කම් ඇත. ඒවා කාල විපත්තිය පැමිණවිට විපාක දෙයි. ඒවා එකම යහපත් ක්රියාවකින් පළමු කල්පයෙහි හෝ සක්විති රජුගේ හෝ බුදුරදුන්ගේ හෝ උත්පත්ති කාලයේ හෝ යහපත් රජුන් මිනිසුන් ඇති කාලයේ හෝ උපදී. එබඳු කාලයේ උපන්නහුට අකුසල විපාක දීමට අවකාසයක් නැත. ඒකාන්තයෙන් කුසලයට අවකාශ ඇත. මෙසේ කාල සම්පත්තිය වැළැක්වුවත් විපාක නොදේ යයි දැන ගනී.
තව එකෙකුට මෙයින් පව්කම් ඇත. ඒවා පයෝග විපත්ති කාලයෙහි විපාක දේ. එය එක කලන ක්රියාවකින් ප්රයෝග සම්පත්තියේ පිහිටියේ පාණාතිපාතාදියෙන් වෙන් වූයේ කාය වචී මනෝ සුචරිත පුරති. එබඳු ස්ථානයෙහි අකුසලයට විපාක දීමට අවකාස නැත. ඒකාන්තයෙන් කුසලයම අවකාශ ඇත. මෙසේ ප්රයෝග සම්පත්තියට බාධා ඇතිවුවත් විපාක නොදේයයි දැනගනී,
තව කෙනෙකුට බොහෝ පව්කම් ඇත. ඒවා ගති සම්පත්තිය පැවති කල විපාක නොදෙයි. එය එක පව්කමකින් ගති විපත්තිය උපන්නේය. එහි ඒ පව්කම පැමිණ වරින්වර විපාක දෙයි. කාලයක් නිරයේ උපදවයි. කලක තිරිසන් යෝනියෙහි කලෙක ප්රේත විෂයෙහි කලෙක අසුරකයෙහි බොහෝ කාලයක් අපායෙන් හිස එසවීමට නොදේ. මෙසේ ගති සම්පත් වැළැක්වූ බැවින් විපාක දීමට නොහැක්කේ ගති විපත් පැමිණ විපාක දේයයි දැනගනී.
තව කෙනෙකුට පව්කම් බොහෝ ඇත. ඒවා උපධි සම්පත්ති කාලයෙහි විපාක නොදේ. හේ එක පව්කමකින් උපධි විපත්තියෙහි සිටියේ දුර්වර්ණ අවලස්සන පිළිකුල් පිසාචයකු සමානය. හේ දාසිකුසක දාසයෙක්ව ඉපිද මේ නුසුදුසු සියල්ල ඔහු කිලිටිකම් කරවයි. යටත් පිරිසෙයින් මල බැහැර කිරීම් ආදිය කරවයි. ස්ත්රියක නම් මේ නුසුදුසු සියළු ඇත්බත් පිසීම් ආදි කිලිටි කර්ම කරවයි. කුලගෙයක ඉපදුනත් බලි සාදමින් රාජපුරුෂයෝ ගෙදර දාසි යයි සංඥාකොට බැඳ යති. කොතලවාසී ගම මහ කෙළෙඹියාගේ ගෘහණිය මෙනි. මෙසේ උපධි සම්පත් වැළැක්වූ බැවින් විපාක දීමට නොහැකි විය. උපධි විපත් පැමිණ විපාක දුන්නේ යයි දැනගනී.
තව කෙනෙකුට බොහෝ පව්කම් ඇත. ඒවා කාල සම්පත්තිය පැමිණිවිට විපාක නොදෙයි. හේ එක් පව්කමකින් කාල විපත්ති කාලයේ දෘෂ්ටි පාලකයින් මිනිසුන් සිටින කාලයේ නිසරු ඕජස් නැති දසවස් ආයු කාලයෙහි උපදී. පස්ගෝරස විනාශ වේ. කුරහන් අගබොජුන වේ. මිනිස්ලොව කිසිවෙක් ඉපදුනොත් මෘග ගව සමාන ජීවිත වේ. මෙබඳු කාලයක කුසලයට විපාක දීමට අවකාශ නැත. ඒකාන්තයෙන් අකුසලයට විපාකදීමට අවකාශ ඇත. මෙසේ කාල සම්පත්තිය වැළැක්වූ බැවින් විපාක දීමට නොහැකිව කාල විපත්තිය පැමිණ විපාක දේයයි දැනගනී.