9. පරිනිබ්බානහෙතු සූත්ර වර්ණනාව
නවවැන්නෙහි භානභාගියා සඤ්ඤා යනාදියෙහි “පඨමස්සඣානස්ස ලාභිං කාමසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා”යි අභිධර්මයෙහි කියන ලද අයුරින්ම අර්ත්ථය දතයුතුය. යථාභූතං නප්පජානන්ති යනු යථා ස්වභාවයෙන් මාර්ගඥානයෙන් නොදනිත්.
10. මහාපදෙසදෙසනා සූත්ර වර්ණනාව
දසවැන්නෙහි භොගනගරෙ විහරති යනු පිරිනිවන් සමයෙහි චාරිකාවෙහි හැසිරෙන සේක් ඒ නුවරට පැමිණ එහි වසන සේක, ආනන්ද චෙතියෙ යනු ආනන්ද යක්ෂයා වසන තැන පිහිටි විහාරයෙහියි, මහාපදෙසෙ යනු මහත් වූ පෙදෙසක හෝ මහත් කරුණෙහිය, බුද්ධාදී වූ මහත් මහත් අය දක්වමින් කියන ලද මහකරුණුය යන අරුත්ය, නෙව අභිනන්දිතබ්බං යනු සතුටින් සාධුකාර දී මුලින්ම නොඇසියයුතුය, මෙසේ කළකල්හි පසුව මෙය නොගැලපේ යයි කියන්නේ ද කිමෙක්ද කලින්ම මේ ධර්මයයි දැන් ධර්මය නොවේ යයි කියා ලබ්ධිය ඉවත නොදමයි, න පටික්කොසිතබ්බං යනු කුමක් මේ මෝඩයා කියත්දැයි කලින්ම මෙසේ නොකිව යුතුය. මෙසේ කීකල්හි කීමට සුදුසු දෙය ද නොකියයි, එහෙයින් “අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා”යි කියන ලදි, පදව්යඤ්ජනානි යනු පදසංඛ්යාත ව්යංජනයි, සාධුකං උග්ගහෙත්වා යනු මෙතැන්හි පෙළ කියන ලදි, මෙතැන්හි අර්ත්ථය කියන ලදි. මෙතැන්හි ගැලපීම් කරන ලදි, මෙතැන්හි පූර්වාපරය කියනලදැයි මනාව ගෙනයි, සුතෙත ඔතාරෙතබ්බානි යනු සූත්රයෙහි බහාලිය යුතුයි, විනයෙ සන්දස්සෙතබ්බානි යනු විනයෙහි (විනය සමග) සැසදිය යුතුයි.
මෙහි ද සුත්තං යනු විනයයි කියන ලදි, “කත්ථ පටික්ඛිත්තං සාවත්ථියං සුත්තවිභඞ්ගෙ”යි කියන ලද්දේ එහෙයිනි, විනයො යනු ඛන්ධකයයි, ‘කොසම්බියං විනයාතිසාරෙ’යි කියන ලද්දේ එහෙයිනි, මෙසේ විනය පිටකයද හාත්පසින් නොගැනෙයි, උභතො විභඞ්ගයෙන් සුත්තඛන්ධ පරිවාර යන මේවා විනයයි මෙසේ විනයපිටකය හාත්පසින් ගැනෙයි, නැතහොත් සූත්රාන්ත පිටකය සුත්ත යයි ද විනයපිටකය විනයයි ද මෙසේ පිටක දෙකම ගනුලැබෙයි, සූත්රාන්ත අභිධර්ම පිටක හෝ සුත්ත යයි ද විනය පිටකය විනයයි මෙසේ ද තුන්පිටකය ගනු නොලැබෙයි, ජාතක, පටිසම්භිදා නිද්දෙස, සුත්තනිපාත, ධම්මපද, උදාන, ඉතිවුත්තක, විමානවත්ථු, පෙතවත්ථු, ථෙරගාථා, ථෙරීගාථා, අපදාන යනුවෙන් සූත්රනාමයෙන් නොගැනෙන බුද්ධ වචනයක් ඇත.
සුදින්න තෙරණුවෝ වනාහි අසුත්ත නම් වූ බුද්ධ වචනයක් ඇත්දැයි ඒ සියල්ල ප්රතික්ෂේප කොට තුන්පිටකය සුත්ත (නම්ය) විනය වනාහි කාරණයයි පැවසූහ. එයින් එකරුණ දක්වන්නෝ මේ සූත්රය ගෙනහැර දැක්වූහ:
“ගෞතමිය, මේ ධර්මයෝ රාගය පිණිස පවතිත්, විරාගය පිණිස නොවෙත්, සංයෝගය සඳහා පවතිත්, වියෝගය සඳහා නොවෙත්, දැඩිව ගැනීම සඳහා පවතිත්, අඩු ආශාව සඳහා නොපවතිත්, අසතුට සඳහා පවතිත්, සතුට සඳහා නොපවතිත්, අලසබව සඳහා පවතිත්, වීර්යය පටන් ගැනීම සඳහා නොපවතිත්, රැස්කිරීම සඳහා පවතිත්, තුනී කිරීම සඳහා නොපවතිත් යනුවෙන් යම් ධර්මයන් දන්නෙහි ද ගෝතමිය ඒකාන්තයෙන් එය ධර්මය නොවේය. එය විනය නොවේය, එය ශාස්තෲ ශාසනය නොවේයයි ඒකාන්තයෙන්ම දන්නෙහිය (දතයුතුය).