ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන්වහන්සේට නමස්කාර වේවා !
අඞ්ගුත්තර නිකාය
ඒකක නිපාත අටුවාව
ග්‍රන්ථ ආරම්භ කථා
කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති, නැණ පහනින් දුරුකරනලද මොහඳුරු ඇති, දෙවිමිනිසුන් සහිත ලොවට ගුරුවූ, (සසර) ගතියෙන් මිදුණු, සුගතවූ බුදුරජාණන්වහන්සේ වඳිමි.
බුදුරජාණන්වහන්සේද බුදුබව වඩා පසක්ද කොට යම් දහමකට එළැඹිසේක්ද, ඒ ඉවත්වූ (කෙලෙස්) මල ඇති අනුත්තරවූ ධර්‍මය වඳිමි.
බුදුරජාණන්වහන්සේගේ ඖරස පුත්‍රවූ, මරසෙන් මඬින්නාවූ, අටදෙනාගේ සමූහයවූ ආර්‍ය්‍යසංඝයා සිරසින් නමදිමි.
මෙසේ පැහැදුණු සිත් ඇති මගේ තුනුරුවන් වැඳීමෙන් හටගත් යම් පිනක් වේද එහි අනුභාවයෙන් මනාව නසනලද අනතුරු ඇත්තෙම්
ශ්‍රේෂ්ඨ ධර්‍මකථිකයන්ගේ ප්‍රතිභානය දනවන්නාවූ ඒකක දුකාදි (නිපාත) යෙන් ප්‍රතිමණ්ඩිතවූ උතුම් අංගුත්තරාගමයේ -
අර්‍ත්‍ථය ප්‍රකාශකරනු සඳහා මුලින් පන්සියයක් රහතන්වහන්සේලා විසින් සංගායනා කරනලද පසුවද අනුසංගායනා කරනලද යම් අට්ඨකථාවක් වේද? එය,
මිහිඳු මහරහතන්වහන්සේ විසින් හෙළදිවට ගෙනෙනලදි. ඉක්බිති (හෙළ)දිව් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා හෙළබසින් තබනලදී.
මම එයින් හෙළබස ඉවත්කොට පෙළනයට අනුකූලවු, පහවූ දොස් ඇති මනරම් බසට නංවන්නෙමි.
ථෙරීයවංශයට පහන් බඳුවූ, මනාව නිපුණවූ, විනිශ්චය ඇති මහාවිහාරවාසී තෙරවරුන්ගේ දහම නොයික්මවමින්
සුදනන්ගේ සතුට සඳහාද, ධර්‍මයේ බොහෝකල් පැවැත්ම සඳහාද, නැවත නැවත පැමිණ ඇති අර්‍ත්‍ථය (පුනරුත් අරුත්) අත්හැර අර්‍ත්‍ථප්‍රකාශ කරමි.
දීඝනිකායේද, මජ්ක්‍ධිමනිකායේද, අර්‍ත්‍ථප්‍රකාශ කරන මාවිසින් සාවත්‍ථි ආදී නගරයන්ගේ යම් වර්‍ණනාවක් කරන ලද්දේද,
එහි යම් වස්තූන් විස්තර වශයෙන් කියන ලද්දේද මෙහි ඒවායේද බොහෝ විස්තර කථාව නොකරන්නෙමි.
වස්තූන්ගෙන් තොරව සූත්‍රයන්ගේ අර්‍ත්‍ථයෝ නොබබළත්, ඒවා ප්‍රකාශ කරනු සඳහා වස්තූන්ද දක්වන්නෙමි.
ශීලකථා ධුතධර්‍ම හා සියලු කර්‍මස්ථානද චර්යාවිධාන සහිතවූ ධ්‍යානසමාපත්ති විස්තරද
සියලු අභිඥාවෝද ප්‍රඥාසංකලන විනිශ්චයද ස්කන්‍ධධාතු ආයතන ඉන්‍ද්‍රියයෝද සතර ආර්‍ය්‍යසත්‍යයෝද සුපිරිසිදුව නිපුණවූ නය ඇති ප්‍රත්‍යයාකාරදේශනාවද, නොබිඳුණු පෙළමඟ ඇති විදර්‍ශනාභාවනාවද,
මෙසේ සුපිරිසුදුවූ සියල්ල මාවිසින් යම්හෙයකින් විසුද්ධිමාර්‍ගෙයහි කියනලද්දේද එහෙයින් එය මෙහි බහුල වශයෙන් නොවිමසන්නෙමි. ඒ විසුද්ධිමාර්‍ගය සතරනිකායයන්ගේ මැද සිට යම්සේ කියනලද අර්‍ත්‍ථය එහි ප්‍රකාශ කරයිද, එබැවින් මේ අට්ඨකථාවද සමඟ එයද ගෙන අඞ්ගුත්තර නිකාය ආශ්‍රිතවූ අර්‍ත්‍ථය දනිවු.
නිදාන වර්‍ණනාව
එහි අඞ්ගුත්තරාගමය නම් එකක නිපාතය, දුකනිපාතය, තිකනිපාතය, චතුක්කනිපාතය, පංචකනිපාතය, ඡක්කනිපාතය, සත්තකනිපාතය, අට්ඨකනිපාතය, නවකනිපාතය, දසකනිපාතය, එකාදසකනිපාතයයි, එකළොස්නිපාතයෝ වෙත්, සූත්‍ර වශයෙන්:
අඞ්ගුත්තරාගමයෙහි සූත්‍රයෝ නවදහස්පන්සිය පණස්සතක් වෙති.
එහි නිපාතයන් අතුරෙන් එකකනිපාතය මුල්වේ. සූත්‍රයන් අතුරෙහි චිත්තපරියාදාන සූත්‍රය මුල් වේ. එහිද ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් විසින් ප්‍රථම මහා සංගීති අවස්ථාවෙහිදී කියනලද ‘එවං මෙ සුතං’ යනාදි කොට ඇති නිදානය මුල්වෙයි. ඒ මේ ප්‍රථම මහා සංගීතිය සුමංගල විලාසිනී නම්වූ දීඝනිකායට්ඨකථාව ආදියෙහි විස්තර කරන ලදී. එහෙයින් එය එහි විස්තර කරනලද ක්‍රමයෙන්ම දතයුතුය.
යම් මේ එවං මෙ සුතං යනු මුල්කොට ඇති නිදානයක් වේද එහි එවං යනු නිපාත පදයෙකි. මෙ යනාදිය නාමපදයි. සාවර්‍ත්‍ථයංවිහරති යන මෙහි වි යනු උපසර්‍ග පදයකි. භරති යනු ආඛ්‍යාතපදයයි. මේ ක්‍රමයෙන් පදවිභාගය දතයුතුයි.
අර්‍ත්‍ථවශයෙන් වනාහි එවං ශබ්දය උපමා, උපදේශ, සම්ප්‍රහර්‍ෂණ (සතුට ප්‍රකාශ කිරීම) ගැරහීම, වචන පිළිගැනීම, ආකාරය, නිදර්‍ශනය, අවධාරණය කිරීම ආදී නොයෙක් අර්‍ත්‍ථප්‍රභේද ඇත්තේයි. එසේ එය, ‘එවං ජාතෙන මච්චේන කත්තබ්බං කුසලං බහුං’ යනාදියෙහි උපදේශයෙහියි. ‘එවමෙතං භගවා එවමෙතං සුගත’ යනාදියෙහි සතුට ප්‍රකාශ කිරීමෙහියි. ‘එවමෙතං පනායං වසලී යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමනකස්ස වණ්ණං භාසති’ ආදියෙහි නින්දා කිරීමෙහියි. ‘එවම්හනේතති ඛො තෙ භික්‍ඛු භගවතො පච්චසේසාසුං’ යනාදියෙහි වදන් පිළිගැනීමෙහියි. ‘එවං ව්‍යා ඛො අහං භනේත භගවතා ධම්මං දෙසිතං ආජානාමි’ යනාදියෙහි ආකාරයෙහියි. ‘එහි ත්‍ථං මානව යෙන සමණො ආනන්‍දො තෙනුපසංකමි. උපසංකමිත්‍වා මම වචනෙන සමණං ආනන්‍දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ සුහො මානවො තොදෙය්‍ය පුතේතා භවන්තං ආනන්‍ද අප්පාබාධංපෙ ඵාසු විහාරං පුච්ඡතීති එවඤ්ච වදෙහි සාධු කිර භවං ආනන්‍දො යෙන සුහස්ස මානවස්ස තොදෙය්‍ය පුත්තස්ස නිවෙසනං තෙනුපසංකමතු අනුකම්පං උපාදාය’ යනාදියෙහි නිදර්‍ශනයෙහිය. ‘ත්‍ථං කිං මඤ්ඤ කාලාමා ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති අකුසලා භනේත. සාවජ්ජා වා අනවජ්ජා වාති සාවජ්ජා භනේත විඤ්ඤුගරහිතාවා විඤඤුප්පසත්‍ථා වාති විඤඤූගරහිතා භනේත සමත්තා සමාදින්නා අභිතාය දුක්‍ඛාය සංවත්තන්ති නොවා කථං වො එත්‍ථ හොතීති සමත්තා භනේත සමාදින්නා අභිතාය දුක්‍ඛාය සංවත්තන්ති එවං නො එත්‍ථ හොති’ යනාදියෙහි අවධාරණයෙහියි. ඒ මෙය මෙහි ආකාරයෙහි නිදර්‍ශනයෙහි හා අවධාරණයෙහි දැක්විය යුතුය.