8. 2. 8. 9.
සේඛපරිහානිය සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ අටදහම් කෙනෙක් ශෛක්ෂ භික්ෂූහුගේ පරිහානිය පිණිස පවතිත්. කවර අටදෙනෙක යත්:
නවකම්හි නිරත බව ය, අල්ලාපසල්ලාපයෙහි නිරත බව ය, නිද්රායෙහි නිරත බව ය, ගණසඞ්ගණිකායේහි නිරත බව ය, ඉඳුරන්හි නො අවුරන ලද දොර ඇති බව ය, බොජුන්හි පමණ නොදන්නා බව ය, (පස්වැදෑරුම්) සංසර්ගයෙහි නිරත බව ය, (තණ්හාමානදිට්ඨි) පපඤ්චයන්හි නිරත බව යි. මහණෙනි, මේ අටදහම්හු ශෛක්ෂ භික්ෂූහුගේ පරිහානිය පිණිස පවතිත්.
මහණෙනි, මේ අටදහම් කෙනෙක් ශෛක්ෂ භික්ෂූහුගේ නො පිරිහීම පිණිස පවතිත්. කවර අට දෙනෙක යත්:
නවකම්හි නිරත නොවන බව ය, අලප්සලප්හි නිරත නොවන බව ය, නිද්රායෙහි නිරත නොවන බව ය, ගණසඞ්ගණිකායේහි නිරත නොවන බව ය, ඉඳුරන්හි අවුරන ලද දොර ඇති බව ය, බොජුන්හි පමණ දන්නා බව ය, සංසර්ගයෙහි නිරත නොවන බව ය, ප්රපඤ්චයන්හි නිරත නොවන බව යි. මහණෙනි, මේ අටදහම්හු ශෛක්ෂ භික්ෂූහුගේ නො පිරිහීම පිණිස පවතිත්.
8. 2. 8. 10.
කුසීතාරම්භවත්ථු සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ කුසීතවත්ථු අටදෙනෙක් වෙති. කවර අටදෙනෙක යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ (චීවරවිචාරණාදි) කර්ම කටයුතු වෙයි. ඔහුට මෙ බඳු සිත් වේ: “මා විසින් කර්ම කටයුතු වන්නේ ය. කර්ම කරන මාගේ කය ක්ලාන්ත වෙයි. එහෙයින් මම හොවිමි”යි හේ හොවියි. නො පත් ධ්යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්යානාදිය අධිගම කරණු පිණිස සාක්ෂාත් නො කළ ධ්යානාදිය සාක්ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ ප්රථම කුසීතවස්තුවයි.
2. තවද මහණෙනි, මහණ විසින් කර්ම කරන ලදුයේ වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම් කර්ම කෙළෙම් ම ය. කර්ම කරන මාගේ කය ක්ලාන්ත විය. එහෙයින් මම හොවීම්”යි හේ හොවියි. නොපත් ධ්යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්යානාදිය අධිගම කරණු පිණිස සාක්ෂාත් නො කළ ධ්යානාදිය සාක්ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ ද්විතීය කුසීත වස්තුව යි.
3. තවද මහණෙනි, මහණහු විසින් මඟ යා යුතු වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මා විසින් මඟ යා යුතු වෙයි. මඟ යන මාගේ කය ක්ලාන්ත විය. එහෙයින් මම හොවීම්”යි හේ හොවියි. නොපත් ධ්යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්යානාදිය අධිගම කරණු පිණිස සාක්ෂාත් නො කළ ධ්යානාදිය සාක්ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ තෘතීය කුසීත වස්තුව යි.
4. තවද මහණෙනි, මහණහු විසින් මඟ ගියේ වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම මඟ ගියෙම් වෙමි, මඟ යන මාගේ කය ක්ලාන්ත ය. එහෙයින් මම හොවීම්“යි හේ හොවියි. නොපත් ධ්යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්යානාදිය අධිගම කරණු පිණිස සාක්ෂාත් නො කළ ධ්යානාදිය සාක්ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ චතුර්ත්ථ කුසීත වස්තුව යි.