8. යමක වර්ගය
8. 2. 8. 1.
ප්රථම සමන්තපාසාදික සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, භික්ෂු තෙමේ සැදැහැතියේ ද වෙයි, නො ද සිල්වත්වෙයි, මෙසේ හේ මහණ ඒ ඇඟින් පරිපූර වූයේ නො වෙයි. ඒ මහණ විසින් කවර නම් උපායෙකින් සැදැහැතියෙම් වෙම් ද සිල්වත් ද වෙම් දැයි ඒ අඞ්ගය පිරිය යුතු. මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල්වත් වූයේත් වේ ද මෙසේ මහණ ඒ ඇඟින් පරිපූර වූයේ වෙයි.
මහණෙනි, මහණ සැදැහැතියේත් වෙයි. සිල්වත් ද වෙයි. නො ද බහුශ්රුත වෙයි. මෙසේ හේ ඒ ඇඟින් අපරිපූර වෙයි. ඔහු විසින් “කවර නම් උපායෙකින් මම සැදැහැයෙම්, සිල්වත් වූයෙම් බහුශ්රුත ද වූයෙම් වෙම් දැ යි ඒ මහණ විසින් ඒ අඞ්ගය පිරිය යුතු යි. මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත්, සිල්වත් වූයේත්, බහුශ්රුත වූයේත් වේ ද, මෙසේ ඒ මහණ ඒ ඇඟින් පරිපූරකාරී වෙයි.
මහණෙනි, මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් බහුශ්රුත වූයේත් වේ ද, නො ද ධර්මකථික වේ ද ... ධර්මකථිකත් වේ ද, පරිසාවචර (පිරිස්හි හැසිරෙන්නෙක්) නො වේ ද ... පරිසාවචර වූයේත් විශාරද ව පිරිස්හි දහම් නොදෙසා ද ... විශාරද ව පිරිස්හි දහම් දෙසනුයේත් දෘෂ්ටධර්ම සුඛ විහරණ ඇති ආභිචේතසික (උතුම්සිත් ඇසුරු කළ) සතර දැහැන් කැමැති සේ නො ලබන සුල්ලේ නිදුකින් ලබන සුල්ලේත් සුවසේ ලබන සුල්ලේත් නො වේද ... දෘෂ්ටධර්ම සුඛවිහරණ ඇති ආභිචේතසික වූ සතර දැහැන් කැමැති සේ ලබන සුල්ලේ නිදුකින් ලබන සුල්ලේ, සුවසේ ලබන සුල්ලේත් වෙයි. ආස්රවක්ෂයෙන් අනාස්රව වූ චිත්තවිමුක්තියත් ප්රඥාවිමුක්තියත් ඉහාත්මයෙහි ම තමා විසින් මොනොවට දැන පසක්කොට එළඹ නො වෙසෙයි. මෙසේ හෙතෙමේ ඒ ඇඟින් අපරිපූර වෙයි . “කවර නම් උපායෙකින් මම සැදැහැතියෙම් සිල් ඇතියෙම් බහුශ්රුත වූයෙම් ධර්ම කථික වූයෙම් පරිසාවචර වූයෙම් විශාරදව පිරිස්හි දහම් දෙසනුයෙම් දෘෂ්ටධර්මසුඛවිහරණ ඇති ආභිචේතසික සතර දැහැන් කැමැති සේ ලබනුයෙම් නිදුකින් ලබනුයෙම් සුවසේ ලබනුයෙම් ආස්රවක්ෂය කිරීමෙන් අනාස්රව වූ චේතෝවිමුක්තිය පඤ්ඤාවිමුක්තිය දිටුදැමියෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට එළඹ වෙසෙන්නෙම් දැ” යි ඔහු විසින් ඒ අඞ්ගය පිරිය යුතු ය.
මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් බහුශ්රුත වූයේත් ධර්මකථික වූයේත් පරිසාවචර වූයේත් විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසන්නේ වේ ද, දෘෂ්ටධර්ම සුඛවිහරණ ඇති ආභිචේතසික සතර දැහැන් කැමැති සේ ලබන සුල්ලේ නිදුකින් ලබන සුල්ලේ සුවසේ ලබන සුල්ලේත් වේ ද, ආස්රවක්ෂය කිරීමෙන් අනාස්රව චේතෝවිමුත්තිය ප්රඥා විමුත්තිය දිටුදැමියෙහි තමා විසින් ම විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කොට එළැඹ වෙසේ ද, මෙසේ හේ ඒ ඇඟින් පරිපූර වේ.
මහණෙනි, මේ අට දහමින් සමන්වාගත මහණ සමන්තපාසාදික ද වෙයි. සර්වාකාර පරිපූර ද වේ යයි.
8. 2. 8. 2.
දෙවැනි සමන්තපාසාදික සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මහණ සැදැහැතියේත් වෙයි සිල් ඇතියේ නො ද වෙයි, මෙසේ හේ ඒ ඇඟින් අපරිපූර වෙයි. කිනම් උපායෙකින්, මම සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද වෙම් දැ යි ඔහු විසින් ඒ අඞ්ගය පිරි යුතු. මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත්, සිල් ඇතියේත් වේ ද, මෙසේ ඒ ඇඟින් පරිපූර වෙයි.
මහණෙනි. මහණ සැදැහැතියේත් වෙයි සිල් ඇතියේ වෙයි. නො ද බහුශ්රුත වෙයි ... බහුශ්රුත වූයේත් නො ද ධර්මකථික වෙයි ... ධර්මකථික වූයේත් නො ද පරිසාවචර වෙයි ... පරිසාවචර වූයේත් විසාරද ව පිරිස්හි නො ද දහම් දෙසන්නේ වෙයි ... විසාරද ව දහම් දෙසනුයේත් වෙයි. රූපාවචර ධ්යානයන් ඉක්ම යම් ඒ ආරූප්ය වූ ශාන්ත විමෝක්ෂ කෙනෙක් වෙත් නම් ඔවුන් නාම කායයෙන් ස්පර්ශ කොට නො ද වාසය කරන්නේ ය … රූපාවචරධ්යානයන් ඉක්ම යම් ආරූප්ය වූ ශාන්ත විමෝක්ෂ කෙනෙක් වෙත් නම් ඒ අරූපාවචර ධ්යානයන් නාමකායයෙන් පැහැස ගෙන වාසය කරයි ... ආස්රවක්ෂය කිරීමෙන් අනාස්රව වූ චිත්තවිමුක්තියත් ප්රඥාවිමුක්තියත් දිටුදැමියෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට එළඹ වාසය නොකරයි. මෙසේ හේ ඒ ඇඟින් අපරිපූරකාරී වෙයි. කිනම් උපායෙකින් මම සැදැහැති ද වූයෙම් සිල්වත් ද වූයෙම් බහුශ්රුත ද වූයෙම් ධර්මකථිකත් වූයෙම් පරිසාවචරත් වූයෙම් විශාරදත් වූයෙම් පිරිස්හි දහම් දෙසන්නෙම් රූපාවචර ධ්යානයන් ඉක්ම ආරූප්යවූ යම් ඒ ශාන්ත විමෝක්ෂ කෙනෙක් වෙත් නම් ඒ අරූපාවචර ධර්මයන් නාමකයින් පැහැස වෙසෙම් දැයි ... ආස්රවක්ෂය කිරීමෙන් ... සාක්ෂාත් කොට එළඹ වෙසෙම් දැ”යි ඔහු විසින් ඒ අඞ්ගය පිරිය යුතු යි.