8. 2. 8. 8.
අලං සූත්රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්ෂූන් ඇමතූහ ... ඇවැත්නි, දහම් සයෙකින් සමන්වාගත මහණ තමාහට සුදුසු වෙයි. මෙරමා හට සුදුසු වෙයි. කවර සයෙකින යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්තී (වහා දක්නාසුලු) ද වෙයි. දැරූ දහමුන්ගේ අර්ත්ථ පිරික්සනුයේ වෙයි. අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්රතිපත්තියට පිළිපන්නේ වෙයි. කල්යාණ වචන ඇතියේ කලණබස් හඩ ඇත්තේ ද වෙයි. අරුත් හඟවන විශිෂ්ට වූ නිදොස් වූ පෞර වචනයෙන් සමන්විත වෙයි. සබ්රම්සරුනට කරුණු දක්වනුයේත් සමාදන් කරවනුයේත් සමුත්තේජනා කරනුයේත් සම්පහංසනා කරනුයේත් වෙයි.
ඇවැත්නි, මෙ කරුණු සයින් සමන්වාගත වූ මහණ තමාහට සුදුසු වූයේ වෙයි. මෙරමා හට සුදුසු වූයේ වෙයි.
ඇවැත්නි, මෙ කරුණු පසෙකින් සමන්වාගත වූ මහණ තමහට සුදුසු වූයේ, මෙරමා හට සුදුසු වූයේ වෙයි. කවර පසෙකින යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්තී නොම වෙයි. ඇසූ දහම් දරන්නේ වෙයි. දැරූ දහමුන්ගේ අර්ත්ථ පිරික්සනුයේත් වෙයි. අරුත් දැන දහම් දැන ධර්මානුධර්ම ප්රතිපන්න ද වෙයි ... කලණ වදන් ඇතියේත් වෙයි ... සබ්රම්සරුනට ... සන්දර්ශක ද වෙයි.
ඇවැත්නි, මෙ කරුණු පසින් සමන්වාගත වූ මහණ තම හට සුදුසු වෙයි. මෙරමා හට සුදුසු වෙයි.
ඇවැත්නි, මෙ කරුණු සතරෙකින් සමන්වාගත වූ මහණ තමහට සුදුසු වෙයි. පරහට සුදුසු වෙයි. කවර සතරෙකින යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්තී ද වෙයි. ඇසූ දහමුන් දරනසුල්ලේ වෙයි. දැරූ දහමුන්ගේ අරුත් පිරික්සනසුලු වූයේත් වෙයි. අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්රතිපන්නත් වෙයි ... කලණ වදන් ඇතියේත් නො වෙයි ... සබ්රම්සරුනට ... සන්දර්ශක නො වෙයි. මහණෙනි, මෙ සතර කරුණෙන් සමන්වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි.
ඇවැත්නි, සතර කරුණෙන් සමන්වාගත මහණ පරහට සුදුසු වෙයි. තමහට සුදුසු නො වෙයි. කවර සතරෙකින යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්ති ද වෙයි. ඇසූ දහමුන් දරනසුලු ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සන සුලු ද නොවෙ යි, අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්රතිපන්නත් නො වෙයි ... කලණ බස් ඇතියේ ද වෙයි. ... සබ්රම්සරුනට ... සන්දර්ශක ද වෙයි. ඇවැත්නි, මෙ කරුණු සතරින් සමන්වාගත මහණ පරහට සුදුසු වෙයි, තමහට සුදුසු නො වෙයි.
ඇවැත්නි, තුන්දහමෙකින් සමන්වාගත මහණ තමහට සුදුසු වෙයි. පරහට සුදුසු නො වෙයි. කවර තුනෙකින යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්ති ද වේ ම ය. ඇසූ දහමුන් දරන සැහැවි ඇත්තේ ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සනසුලු ද වෙයි, අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්රතිපන්නත් වෙයි ... කලණවදන් ඇත්තේත් නො වෙයි. ... සබ්රම්සරුනට සන්දර්ශක ද නො වෙයි. ඇවැත්නි, මෙ තුන් දහමින් සමන්වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි.
ඇවැත්නි, තුන්දහමෙකින් සමන්වාගත මහණ පරහට සුදුසු වෙයි. තමහට සුදුසු නො වෙයි. කවර තුනෙකින යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල්දහම්හි ඛිප්පනිසන්ති ද නො වේ මය. ඇසූ දහමුන් දරන සැහැවි ඇත්තේ ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සන්නේ ද නොවෙ යි, අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්රතිපන්නත් නො වෙයි. කලණවදන් ඇත්තේ වෙයි. ... සබ්රම්සරුනට සන්දර්ශක ද වෙයි. ඇවැත්නි, මෙ තුන් දහමුන්ගෙන් සමන්වාගත මහණ පරහට සුදුසු වෙයි, තමහට සුදුසු නො වෙයි.
ඇවැත්නි, දෙදහමෙකින් සමන්වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි. කවර දෙකෙකින යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල්දහම්හි ඛිප්පනිසන්ති ද නො වේ මය. ඇසූ දහමුන් දරන සැහැවි ඇත්තේත් වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සන සුල්ලේත් වෙයි, අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්රතිපන්න ද වෙයි, කලණවදන් ඇත්තේ ද නො වෙයි ... සබ්රම්සරුනට ... සන්දර්ශක ද නො වෙයි. ඇවැත්නි, මේ දෙදහමින් සමන්වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි.