8. 2. 8. 7.
ඉච්ඡා සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
ඇවැත්නි, මේ පුද්ගලයෝ අට දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර අට දෙනෙක් ද යත්:
1. ඇවැත්නි, මෙ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන්නා වූ (කිසිවත් කෙරෙහි) අයත් පැවැතුම් ඇති (විදර්‍ශනා කාර්මික) මහණක්හට ලාභය පිණිස ඉච්ඡාවක් උපදියි. හෙ තෙමේ උත්සාහ කරයි. (පූර්‍වාපරවශයෙන්) ඝටයි. වෑයම් කරයි. ලාභය පිණිස උත්සාහ කරන ඝටන වෑයම් කරන ඔහුට ලාභය නූපදියි. හෙ තෙමේ ඒ අලාභයෙන් ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. ළෙහි අත් ගසා හඬයි. මුළාවට පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභය පිණිස ඉච්ඡා ඇතියේ මෙසේ ලාභය පිණිස උත්සාහ කරයි. ඝටයි. වෑයම් කරයි. ලාභ නො ලබන සුල්ලේ ශෝක කරන්නේ ද වැලැපෙන්නේ ද ශාසනයෙන් ගිලිහුණේ ද වේ යයි කියනු ලැබේ.
2. ඇවැත්නි, මෙ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන (කිසිවක් කෙරෙහි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභයට ඉච්ඡාවක් උපදියි. හෙතෙමේ ලාභය පිණිස උත්සාහ කරයි, ඝටයි, වෑයම් කරයි. ලාභය පිණිස උත්සාහ කරන ඝටනා කරන වෑයම් කරන ඔහුට ලාභය උපදියි. හේ ලාභයෙන් මත්වෙයි, ප්‍රමත්ත වෙයි, මදයෙන් ප්‍රමාදයට පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභයට ඉච්ඡා ඇතියේ වෙසෙයි, ලාභය පිණිස උත්සාහ කරයි, ඝටයි, වෑයම් කරයි, ලාභ ලබනසුලු වූයේ ද මත්වනසුලු වූයේ ද ප්‍රමාදවනසුලු වූයේ ද සස්නෙන් ගිලිහුණේ වේ යයි කියනු ලැබේ.
3. ඇවැත්නි, මේ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන, (කිසිවක් කෙරෙහි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභය පිණිස ඉච්ඡාවක් උපදියි. හේ ලාභය පිණිස උත්සාහ නො කෙරෙයි, නො ඝටයි, වෑයම් නොකරයි. ලාභ පිණිස උත්සාහ නොකරන, නො ඝටන, වෑයම් නොකරන ඔහුට ලාභය නූපදියි, හෙ තෙමේ ඒ අලාභයෙන් ශෝක කෙරෙයි, ක්ලාන්ත වෙයි, වැළැපෙයි, ළෙහි අත්ගසා හඬයි, මුළාවට පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභය පිණිස රිසි ඇතියේ වෙසෙයි, ලාභය පිණිස උත්සාහ නො කරයි, නො ඝටයි, වෑයම් නො කරයි, ලාභ නො ලබනසුලු වූයේ ශෝක කරන්නේ ද වැලැපෙන්නේ ද සස්නෙන් චුත වූයේ වේ ද වේ යයි කියනු ලැබේ.
4. ඇවැත්නි, මේ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන (කිසිවක් කෙරෙහි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභය පිණිස ඉච්ඡාවක් උපදියි. හේ ලාභය පිණිස උත්සාහ නො කෙරෙයි, ඝටනා නොකරයි, වෑයම් නොකරයි. ලාභය පිණිස උත්සාහ නො කරන, නො ඝටන, වෑයම් නො කරන ඔහුට ලාභය උපදියි. හේ ඒ ලාභයෙන් මත් වෙයි, ප්‍රමත්ත වෙයි, මදයෙන් ප්‍රමාදයට පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභයට රිසි ඇතියේ වෙසෙයි, ලාභය පිණිස උත්සාහ නො කරයි, නො ඝටයි. වෑයම් නො කරයි, ලාභී වූයේ මත් වූයේ පමා වූයේ සස්නෙන් ගිලිහුණේ ද වේ යයි කියනු ලැබේ.
5. ඇවැත්නි, මේ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන (කිසිවක් කෙරෙහි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභය පිණිස රිසියෙක් උපදියි. හේ ලාභය පිණිස උත්සාහ කරයි, ඝටයි, වෑයම් කරයි. ලාභය පිණිස උත්සාහ කරන, ඝටනා කරන, වෑයම් කරන ඔහුට ලාභය නූපදියි. හේ ඒ අලාභයෙන් ශෝක නො කරයි, ක්ලාන්ත නො වෙයි, නො වැළැපෙයි, ළෙහි අත් පැහැර නො හඬයි, මුළාවට නො පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභය පිණිස උත්සාහ කරයි, ඝටයි, වෑයම් කරයි, ලාභය නො ලබනසුලු වූයේ ද ශෝක නො කරනසුලු වූයේ ද නො වැලැපෙනසුලු වූයේ ද සස්නෙන් නො ගිලිහුණේ වේ යයි කියනු ලැබේ.