8. 2. 7. 4.
අධිදේවඤාණදස්සන සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ ගයා නගර සමීපයෙහි ගයාශීර්ෂයෙහි වෙසෙන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
1. මහණෙනි, මම සම්බෝධියෙන් පූර්වයෙහි අභිසම්බුද්ධ නො වූයෙම් ම බෝසත් වූයෙම් අවභාසයක් (දිවැස් නුවණ එළියක්) ම හඳුනමි. රූපයන් නො දක්මි.
2. මහණෙනි, ඒ මට තෙල සිත විය: ඉදින් මම අවභාසයත් හැඳින ගන්නෙම් රූපයන් ද දක්නෙම් නම් මෙසේ මාගේ මේ ඥාන දර්ශනය (දිවැස් නුවණ නමැති දැකීම) පරිශුද්ධතර වන්නේ ය කියා යි. මහණෙනි, ඒ මම අපරසමයෙහි අප්රමත්ත වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් නිවනට මෙහෙය වූ සිතැති ව වසන්නෙම් අවභාසය ද හඳුනමි. රූ ද දක්මි. ඒ දෙවියන් හා නො ද සිටිමි, සල්ලාප නො කරමි, සාකච්ඡාවට නො පැමිණෙමි.
3. මහණෙනි, ඒ මට තෙල සිත විය: ඉදින් මම අවභාසයත් දන්නෙම් නම් රූ ද දක්නෙම් ඒ දෙවියන් හාත් සිටුනෙම් සල්ලාප කරන්නෙම් සාකච්ඡාවට පැමිණෙම් නම් මෙසේ මාගේ මේ ඥානය දර්ශනය පරිශුද්ධතර වන්නේ ය කියා යි.
මහණෙනි, ඒ මම අපරසමයෙහි අප්රමත්ත වූයෙම් ආතාප ඇතියෙම් ප්රහිතාත්ම ව වෙසෙන්නෙමි අවභාසයත් හඳුනමි, රූ ද දකිමි, ඒ දෙවියන්හාත් සිටිමි, සල්ලාප කරමි, සාකච්ඡාවට පැමිණෙමි මෙ දේවතාවෝ අසෝ අසෝ දේවනිකායෙන් පත් වූහයි ඒ දේවතාවන් නො දනිම්.
4. මහණෙනි, ඒ මට තෙල සිත විය: ඉදින් මම් අවභාසයත් හඳුනන්නෙම් රූත් දන්නෙම් ඒ දෙවියන්හාත් සිටුනෙම් සල්ලාප කරනෙම් සාකච්ඡාවට පැමිණෙම් නම් මේ දේවතාවෝ අසෝ දේවනිකායෙන් පැමිණියහයි ඒ දෙවියන් ද දන්නෙම් නම් මෙසේ මාගේ මේ ඥාන දර්ශනය පරිශුද්ධතර වන්නේ ය කියා යි.
මහණෙනි, ඒ මම අපරසමයෙහි අප්රමත්ත වූයෙම්, ආතාප ඇතියෙම් ප්රහිතාත්මව වසන්නෙම් අවභාසයත් හඳුනමි, රූත් දක්මි, ඒ දේවතාවන් හාත් සිටිමි, සල්ලාප කරමි සාකච්ඡාවට පැමිණෙමි ...
5. මේ දේවතාවෝ අසෝ දේවනිකායෙන් පැමිණියහ යි ඒ දෙවියනුත් දනිමි. මේ දේවතාවෝ මෙ නම් කර්මයක්හුගේ විපාකයෙන් මෙයින් සැව එහි උපන්හ යි ඒ දෙවියන් නො දනිමි. මේ දේවතාවෝ මේ කර්මයාගේ විපාකයෙන් මෙයින් ච්යුත වූවාහු එහි උපන්හ යි ඒ දේවතාවනුත් දනිම්. ඒ දේවතාවනුදු ‘මේ දේවතාවෝ මේ කර්මයාගේ විපාකයෙන් මෙබඳු ආහාර ඇත්තාහු මෙබඳු සුවදුක් විඳින්නාහු’යයි නො දනිමි ...
6. මේ දේවතාවෝ මේ කර්මයාගේ විපාකයෙන් මෙබඳු ආහාර ඇත්තාහු මෙ බඳු සුවදුක් විඳිනාහු යයි ඒ දේවතාවනුදු දනිමි. ...
7. මේ දේවතාවෝ මෙබඳු දීර්ඝායුෂ ඇත්තාහු මෙසේ චිරස්ථිකහ යි ඒ දේවතාවන් නො දනිමි. මේ දේවතාවෝ මෙසේ දීර්ඝායුෂ ඇත්තාහ මෙසේ චිරස්ථිකයහ යි ඒ දෙවියනුදු දනිමි. මේ දෙවියන් සමග මා (එකතුව) විසූ විරූ දැයි කියා හෝ නො විසූ විරූ දැයි කියා හෝ ඒ දෙවියන් නො දනිමි.
8. මහණෙනි, ඒ මට මෙ සිත විය: ඉදින් මම අවභාසයත් හඳුනන්නෙම් නම්, රූ ද දක්නෙම් නම්, ඒ දෙවියන් සමග සිටුනෙම් නම්, සල්ලාප කෙරෙම් නම්, සාකච්ඡාවට පැමිණෙම් නම්, ඒ දෙවියනුත් මේ දේවතාවෝ අසෝ අසෝ දේවනිකායෙන් පැමිණියහ යි දන්නෙම් නම්, මේ දේවතාවෝ මේ කර්මයාගේ විපාකයෙන් මෙයින් සැව එහි උපන්හ යි ඒ දෙවියනුත් දන්නෙම් නම්, මේ දේවතාවෝ මෙබඳු ආහාර ඇත්තාහු මෙබඳු සුවදුක් විඳිනාහු යයි ඒ දේවතාවන් දන්නෙම් නම්, මේ දේවතාවෝ මෙසේ දීර්ඝායුෂ ඇත්තාහු මෙසේ චිරස්ථිකයහ යි ඒ දේවතාවන් ද දන්නෙම් නම්, මේ දෙවියන් සමග (මා එකතුව) විසූ විරූ දැ යි කියා හෝ නො විසූ විරූ දැයි කියා හෝ ඒ දෙවියනුදු දන්නෙම් නම් මෙසේ මාගේ මේ ඥානදර්ශනය පරිශුද්ධතර වන්නේ යයි.
මහණෙනි, ඒ මම අපරසමයෙහි අප්රමත්ත වූයෙම් ආතාප ඇතියෙම් ප්රහිතාත්ම ව වසන්නෙම් අවභාසයත් හඳුනමි. රූ ද දකිමි, ඒ දේවතාවන් සමඟත් සිටිමි. සල්ලාප කරමි. සාකච්ඡාවට වදිමි.