8. 1. 3. 3.
හත්ථකාළවක සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ අළවුනුවර අග්ගාළව නම් චෛත්යස්ථානයෙහි වැඩවසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක:
මහණෙනි, හත්ථකආළවක කුමර සප්ත ආශ්චර්ය්ය අද්භූත ධර්මයන්ගෙන් යුක්ත වූවකු කොට දරවු. කවර සතෙකින යත්:
මහණෙනි, හත්ථකආළවක තෙමේ ශ්රද්ධාවත්ය, මහණෙනි, හත්ථකආළවක තෙමේ සිල්වත් ය, මහණෙනි, හත්ථකආළවක තෙමේ ලජ්ජීය, මහණෙනි, හත්ථකආළවක තෙමේ ඔතප් ඇත්තේ ය. මහණෙනි, හත්ථකආළවක තෙමේ බහුශ්රැතය, මහණෙනි, හත්ථකආළවක තෙමේ ත්යාගී ය. මහණෙනි, හත්ථකආළවක තෙමේ ප්රඥාවත් ය යි, මහණෙනි, හත්ථකආළවක මේ ආශ්චර්ය්ය අද්භූත ධර්ම සතින් යුක්තවූවකු කොට ධරවු යයි භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසි සේක.
ඉක්බිති එක්තරා මහණෙක් පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙණ හත්ථකආළවක කුමරුගේ නිවෙස්නට එළඹියේ ය. එළැඹ පනවන ලද අස්නෙහි හින, ඉක්බිති හත්ථකආළවක ඒ මහණහු කරා එළැඹියේ ය, එළැඹ ඒ මහණහු සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය, ඒ මහණ එකත් පසෙක හුන් හත්ථක ආළවක හට මෙය කීය, ඇවත, තෙපි භාග්යවතුන් වහන්සේ විසින් ආශ්චර්ය්ය අද්භූත ධර්ම සතෙකින් යුක්ත ය යි ප්රකාශ කරන ලද්දාව, කවර සතෙකින යත්:
මහණෙනි, හත්ථකආළවක තෙමේ සැදැහැවත් ය, සිල්වත්ය, ලජ්ජීය, ඔත්තප්පීය, බහුශ්රැතය, ත්යාගීය. මහණෙනි, හත්ථකආළවක ප්රඥාවත් ය, ඇවත, තෙපි මේ ආශ්චර්ය්ය අද්භූත ධර්ම සතින් සමන්විත යයි භාග්යවතුන් වහන්සේ විසින් ප්රකාශ කරන ලද්දාව.
වහන්ස, කිම කිසියම් සුදුවත් හැඳි ගිහියෙක් එහි නො වි දැයි?
ඇවත, එතන්හි සුදුවත් හැඳි කිසිදු ගිහියෙක් නො වී ය.
වහන්ස, ඉදින් එහි සුදුවත් හැඳි කිසි ගිහියෙක් නො වී නම් මැනැවි.
ඉක්බිති ඒ මහණ හත්ථකආළවක කුමරහුගේ නිවෙස්නෙහි පිණ්ඩපාතය පිළිගෙන හුනස්නෙන් නැඟී ගියේ ය. ඉක්බිති එ මහණ පිණ්ඩපාතයෙන් වැළැකුනේ පස්වරුයෙහි භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය, එකත්පසෙක හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: “වහන්ස, මෙහි මම පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන හත්ථකආළවක කුමරහුගේ නිවසට පැමිණියෙමි. එළැඹ පැනවූ අස්නෙහි හුන්නෙමි. වහන්ස, ඉක්බිති හත්ථකආළවක තෙමේ මා වෙත එළඹියේ ය. එළැඹ මා වැඳ එකත් පසෙක හුන්නේ ය. වහන්ස, එකත් පසෙක හුන් හත්ථකආළවක හට මම මෙය කීමි:
ඇවත, තෙපි ආශ්චර්ය්ය අද්භූත ධර්ම සතෙකින් සමන්විත ය යි භාග්යවතුන් වහන්සේ විසින් ප්රකාශ කරණ ලද්දාව. කවර සතෙකින් යත්: මහණෙනි, හත්ථකආළවක සැදැහැවත් ය, සිල්වත් ය, ලජ්ජී ය, ඔත්තප්පී ය, බහුශ්රුත ය, ත්යාගීය. මහණෙනි, හත්ථක ආළවක පැනවත් ය. ඇවත, තෙපි මේ ආශ්චර්ය්ය අද්භූත ධර්ම සතින් සමන්විත ය යි භාග්යවතුන් වහන්සේ විසින් ප්රකාශ කරන ලද්දාව.
මෙසේ කී කල්හි වහන්ස, හත්ථක ආළවක මට මෙය කී ය: කිම වහන්ස, එහි සුදුවත් හැඳි කිසියම් ගිහියෙක් නොවී ද? ඇවත එහි සුදුවත් හැඳි ගිහියෙක් නො වී ය. එහි සුදුවත් හැඳි කිසි ගිහියෙක් නො වී නම් මැනැවි.
මැනැව මැනැව මහණ. අල්පෙච්ඡ වූ ඒ කුල පුත්ර තෙමේ තමා තුළ කුශලධර්ම ඇති කල්හි මැ මෙරමා විසින් දැනගනු ලැබීමෙහි නො කැමති වෙයි. එහෙයින් මහණ තෙපි හත්ථක ආළවක යම් මේ අල්පේච්ඡතාය යන අටවැනි ආශ්චර්ය්ය අද්භූත ධර්මයෙනු දු සමන්වාගතයහ යි ධරව.
8. 1. 3. 4.
හත්ථකආළවක සඞ්ගහවත්ථු සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ අළව්නුවර අග්ගාළව චෛත්යස්ථානයෙහි වැඩ වසන සේක. ඉක්බිති හත්ථක ආළවක තෙමේ පන්සියයක් පමණ උවසුවන් විසින් පිරිවරන ලදුයේ භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් හත්ථක ආළවක හට භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක: