7. 2. 2. 6.
[සක්කාරගරුකාර සූත්රය]
[සැවැත්නිදාන යි]
17. එකල්හි රහසිගත වු පිළිසලනෙහි ඇලුනු ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්හට මෙබඳු චිත්තපරිවිතර්කයෙක් උපන: “සත්කාර කොට, ගුරුකාර කොට කවරකු ඇසුරු කොට වෙසෙන මහණ අකුසල් දුරු කරන්නේ වේ ද, කුසල් වඩන්නේ වේ දැ” යි.
එක්බිති ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවන්හට තෙල සිත් වී: “මහණෙක් ශාස්තෘන් වහන්සේට සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වාස කරන්නෙ අකුසල දුරු කරන්නේ ය. කුසල් වඩන්නේ ය. මහණෙක් ධර්මය ... මහණෙක් සඞ්ඝයා ... මහණෙක් ශික්ෂාව ... මහණෙක් සමාධිය ... මහණෙක් අප්රමාදය ... මහණෙක් පටිසන්ථාර සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේ ය, කුසල් වඩන්නේ ය”යි.
එක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන්හට මෙබඳු සිතෙක් විය: මේ දහම්හු පරිශුද්ධයහ. පර්ය්යවදාතයහ. ඉදින් මම් ගොස් මෙ දහම් භාග්යවතුන් වහන්සේට සැළකරන්නෙම් නම්, එසේ වත් මාගේ මේ ධර්මයෝ පරිශුද්ධ ද වන්නාහ. පරිශුද්ධ සංස්කෘතතර (ඉතා පිරිසිදුව සකස් කරණ ලද) ද වන්නාහ. යම් පරිදි පුරුෂයෙක් පිරිසුදු වූ පර්ය්යවදාත වූ රන් ආභරණයක් ලබා නම්, ඔහට මෙබඳු සිතෙක් වෙයි: මාගේ මෙ ස්වර්ණ නිෂ්කය ගෙන පරිශුද්ධ ය, පර්ය්යවදාත ය. ඉදින් මම මේ නිෂ්කය ගෙන ගොස් කඹුරනට දක්වන්නෙම් නම් මැනැව. එසේ වත් ම මාගේ මෙ සුවර්ණ නිෂ්කය කඹුරන් අතට ගියේ ඉතා පිරිසුදු හා පරිශුද්ධ සංස්කෘතතර ද වන්නේ ය. එ පරිදි ම මාගේ මේ දහම්හු පරිශුද්ධ වූවාහු පර්ය්යවදාත වූවාහු වෙති. ඉදින් මම මේ දහම් ඉගෙන ගෙන ගොස් භාග්යවතුන් වහන්සේට දක්වම් නම්, එසේවත් ම මාගේ මේ දහම්හු ඉතා නිර්මල ද අතිශයින් පරිශුද්ධ සංස්කෘතතර (ඉතා පිරිසිදුව සකස් කරණ ලද) ද වන්නේ යයි.
ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ සවස්වරුයෙහි පිළිසලනෙන් නැඟී සිටියාහු භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් සාරිපුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ:
“වහන්ස, මෙහි රහසිගත වූ පිළිසලනට ගිය මට මෙබඳු සිතෙක් පහළ වි. “මහණ කවරකු සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වසන්නේ අකුශලය ප්රහාණ කරන්නේ ද? කුසලය වඩන්නේ දැ?යි”, වහන්ස, එ මට මෙබඳු සිතෙක් පාළ විය:
“මහණෙක්, ශාස්තෘන් වහන්සේට සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වසන්නේ අකුශලය ප්රහීණ කරන්නේ ය. කුශලය වඩන්නේ ය. මහණෙක් ධර්මය ... මහණෙක් සඟුන් ... මහණෙක් ශික්ෂාව ... මහණෙක් සමාධිය ... මහණෙක් අප්රමාදය ... මහණෙක් පටිසන්ථාරයට සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වාස කරන්නේ අකුශලය දුරලන්නේ ය, කුසල් වඩන්නේ ය”යි.
වහන්ස, එ මට මෙසිත වීය: මාගේ මෙ දහම්හු පරිශුද්ධයහ. පර්ය්යවදාතයහ. ඉදින් මම් මේ දහම් ගෙණ ගොස් භාග්යවතුන් වහන්සේට සැළ කෙරෙම් නම්, එසේ ඇතිවත් ම මාගේ මෙ ධර්මයෝ ඉතා පිරිසිදු හා පරිශුද්ධ සංස්කෘතතර වන්නාහ”යි.
යම් පරිදි පුරුෂයෙක් පිරිසිදු පර්ය්යවදාත රන්නිකක් ලබා නම්, ඔහට මෙබඳු සිතෙක් වන්නේ ය. මාගේ මේ ස්වර්ණනිෂ්කය පරිශුද්ධ ය, පර්ය්යවදාත ය. ඉදින් මම මේ සුවර්ණනිෂ්කය කඹුරනට දක්වම් නම්, මැනැව. එසේ වත් එ මගේ මේ සුවර්ණනිෂ්කය කඹුරන් අත පත් වූයේ ඉතා පිරිසිදු හා පරිශුද්ධසංස්කෘතතර හා වන්නේ ය”යි. එසේ ම මාගේ මේ ධර්මයෝ පරිශුද්ධ පර්ය්යවදාත වෙති. ඉදින් මම මෙදහම් ගෙණ ගොස් භාග්යවතුන් වහන්සේට සැළකරම් නම්, එසේ වත් ම මෙදහම්හු ඉතා පිරිසිදු හා පරිශුද්ධසංස්කෘතතර වන්නාහ යි.