2. මහා වර්ගය
7. 2. 2. 1.
[හිරොත්තප්ප සූත්රය]
[සැවැත්නිදාන යි]
12. මහණෙනි, හිරිඔතප් නැතිවත් ම නට හිරිඔතප් ඇතියහුගේ ඉන්ද්රියසංවරය නට උපනිශ්රය ඇතියේ වෙයි. ඉන්ද්රිය සංවරය නැතිවත් ම නට ඉන්ද්රියසංවර ඇතියහුගේ ශීලය හතොපනිඃශ්රය වෙයි. ශීලය නැති වත් ම විපතට පත් සිල් ඇතියහුගේ සම්මා සමාධිය හතොපනිඃශ්රය වෙයි. සම්මාසමාධිය නැතිවත් ම විපතට පත් සම්යක් සමාධි ඇතියහුගේ යථාභූතඥානදර්ශනය හතොපනිඃශ්රය වෙයි. යථාභූතඥානදර්ශනය නැති වත්ම විපතට පත් යථාභූතඥානදර්ශනය ඇතියහුගේ නිබ්බිදාවිරාගය හතොපනිඃශ්රය වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නට නිබ්බිදාවිරාග ඇතියහුගේ විමුක්තිඥාන දර්ශනය (අර්හත්ත්වය) හතොපනිඃශ්රය (ප්රත්ය රහිත) වෙයි.
මහණෙනි, යම් පරිදි වෘක්ෂයෙක් නට ශාඛා පලාස ඇතියේ නම් එහි පිට පොතුදු පිරිපුන් බවට නො යෙයි, සිවි දු බොරු දු හර දු පිරිපුන් බවට නො යෙයි, මහණෙනි, එ පරිදි ම හිරිඔතප් නැතිවත් ම විපන් හිරිඔතප් ඇතියහුගේ ඉන්ද්රියසංවරය හතොපනිඃශ්රය වෙයි ... විමුක්තිඥානදර්ශනය හතොපනිඃශ්රය වෙයි.
මහණෙනි, හිරිඔතප් ඇතිවත් ම හිරිඔතප්සපන්හුගේ ඉන්ද්රියසංවරය උපනිඃශ්රය සම්පන්න වෙයි. ඉන්ද්රියසංවරය ඇතිවත් ම ඉන්ද්රියසංවරසපන්හුගේ ශීලය උපනිඃශ්රයසම්පන්න වෙයි. ශීලය ඇති වත් ම සිල්සපන්හුගේ සම්යක්සමාධිය උපනිඃශ්රයසම්පන්න වෙයි. සම්යක් සමාධිය ඇතිවත් ම සම්යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්ශනය ඇතිවත් ම යථාභූතඥානදර්ශනසම්පන්නයාගේ නිබ්බිදාවිරාගය උපනිඃශ්රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇතිවත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වෙයි.
මහණෙනි, යම් පරිදි ශාඛා - පලාසසම්පන්නවෘක්ෂයෙක් වේ නම් එහි පිට පොතු දු පිරිපුන් බවට යෙයි, සිවි දු බොරු දු හර දු පිරිපුන් බවට යෙයි, මහණෙනි, එපරිදි ම හිරි - ඔතප් ඇතිවත් ම හිරි - ඔතප්සපන්හුගේ ඉන්ද්රියසංවරය උපනිඃශ්රය සම්පන්න වෙයි ... විමුක්තිඥානදර්ශනය උපනිඃශ්රය සම්පන්න වේ යයි.
7. 2. 2. 2.
[සත්තසුරියුග්ගමන සූත්රය]
13. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ විසල්නුවර අම්බපාලි වනයෙහි වැඩ වෙසෙනසේක. එහි දී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමැතූ සේක. ‘වහන්සැ’යි එ මහණහු භාග්යවතුන් වහන්සේ ට පිළිවදන් ඇස් වූහ. භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
මහණෙනි, සංස්කාරයෝ අනිත්යයහ. මහණෙනි, සංස්කාරයෝ අධ්රැවයහ (අස්ථිරහ). මහණෙනි, සංස්කාරයෝ අනාශ්වාසිකයහ (අශාස්වතයහ). මහණෙනි, සර්වසංස්කාරයන්හි නිර්වේදය දැනැවීමට මෙ කරුණ පමණ වේ මැයි. විරාග දැනැවීමට පමණ වේ මැ යි. මිදුමට පමණ වේ මැ යි.
මහණෙනි, සුනෙරපව්රද අයමින් සුවාසූදහසෙක් යොදුන. විතරින් සුවාසූදහසෙක් යොදුන. සුවාසූදහසෙක් යොදුන් මහසයුරෙහි ගැලී සිටියේ ය. සුවාසූදහසෙක් යොදුන් මහමුහුදින් මතුයෙහි නැඟී සිටියේ ය.
මහණෙනි, යම් හෙයකින් බොහෝ වර්ෂයක් බොහෝ වර්ෂදහසක් බොහෝ වර්ෂ සුවහසක් වර්ෂා නො කෙරේ නම් එබඳු සමයෙක් ඇත. මහණෙනි, මේඝය නො වටුත් ම යම්කිසි බීජාගාම භූතාගාම ඖෂධී තෘණ වනස්පතීහු වෙත් නම් උහු වියලෙත්. වෙසෙසින් වියලෙත්. යලි නො වැඩෙත්.
මහණෙනි, මෙසේ සංස්කාරයෝ අනිත්යයහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ ආශ්වාස රහිතයහ. මහණෙනි, සර්වසංස්කාරයන්හි නිර්වේදයට (කළකිරීමට) මෙ පමණැ මැ යි විරාගයට (නො ඇලීමට) මෙ පමණ මැ යි. මිදෙන්නට මෙ පමණ මැ යි.
මහණෙනි, යම් හෙයකින් දිගුකල් ඇවෑමෙන් කිසියම් ම කලෙක දෙවන සූර්ය්යයෙක් පාළ වන්නේ ය. මහණෙනි, දෙවන හිරුහුගේ පාළ වීමෙන් යම් ඒ කුඩා නදීහු ද කුඩා දියවිල්හු ද වෙත් නම්, උහු වියැලෙත්, වෙසෙසින් වියැලෙත්, නො වැඩෙත්.
මහණෙනි,මෙසෙයින් සංස්කාරයෝ අනිසයහ. මෙසෙයින් සංස්කාරයෝ නො තිරයහ. මෙසෙයින් සංස්කාරයෝ අනාශ්වාසිකයහ. මහණෙනි, සර්වසංස්කාරයන්හි නිර්වේදයට මෙය ම ප්රමාණ වෙයි. විරාගයට මෙ මැ පමණ වෙයි. විමෝක්ෂයට මෙ මැ ප්රමාණ වෙයි.
මහණෙනි, දීර්ඝරාත්රයක්හුගේ ඇවෑමෙන් කිසියම් ම කලෙක්හි යම් හෙයකින් තෙවන සූර්ය්යයෙක් පහළ වේ නම් එබඳු සමයෙක් වෙයි. මහණෙනි, තෙවන හිරුහුගේ පාළ වීමෙන් ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභු ය, මහී ය, යන යම් එ මහානදීහු වෙත් නම්, උහු වියැලෙත්, වෙසෙසින් වියැලෙත්, නො වැඩෙත්.
මහණෙනි, සංස්කාරයෝ වෙසෙසින් අනිසයහ. මෙසේ සංස්කාරයෝ නො තිරයහ. මෙසෙයින් සංස්කාරයෝ අස්වැසුම් රහිතයහ. මහණෙනි, සර්වසංස්කාරයන්හි නිර්වේදයට මෙ මැ පමණ වෙයි. විරාගයට මෙ පමණ වෙයි. විමෝක්ෂයට මෙ මැ පමණ වෙයි.
මහණෙනි, දීර්ඝරාත්රයක්හුගේ ඇවෑමෙන් කිසිකලෙක්හි යම් හෙයකින් සතරවන සූර්ය්යයෙක් පාළ වේ නම්, එබඳු සමයෙක් වෙයි. මහණෙනි, සතරවන හිරුහුගේ ප්රාදූර්භාවයෙන් යම් තැනෙකින් මෙ මහානදීහු උපදනාහු නම් එ මහවිල්හු ද, එනම්: අනවතප්ත ය, සිංහප්රපාත ය, රථකාර ය, කර්ණමුණ්ඩ ය, ෂඩ්දන්ත ය, මන්දාකිනී ය යන ඒ මහවිල්හු වියැලෙත් වෙසෙසින් වියැලෙත් නො වැඩෙත්.
මහණෙනි, මෙසෙයින් සංස්කාරයෝ අනිත්යයහ ... මිදෙන්නට මෙ පමණ මැ යි.