5. 5. 4. 8.
[තෘතීය අවණ්ණාරහ සූත්රය]
[සැවැත්නිදාන යි]
38. මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
නො විමසා නො පිවිස අගුණ කියයුත්තහුගේ ගුණ කියා ද, නො විමසා නො පිවිස ගුණ කියයුත්තහුගේ අගුණ කියා ද, ආවාසමච්ඡරිය ඇත්තේ වේ ද, කුලමච්ඡරිය ඇත්තේ වේ ද, ලාභමච්ඡරිය ඇත්තේ වේ ද,
මහණෙනි, මෙ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි.
මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
විමසා පිවිස අගුණ කියයුත්තහුගේ අගුණ කියාද, විමසා, පිවිස ගුණ කියයුත්තහුගේ ගුණ කියා ද, ආවාසමච්ඡරිය ඇත්තේ නො වේ ද, කුලමච්ඡරිය ඇත්තේ නො වේ ද, ලාභමච්ඡරිය ඇත්තේ නො වේ ද,
මහණෙනි, මේ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වේ යයි.
5. 5. 4. 9.
[ප්රථම මච්ඡරිය සූත්රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, මෙ දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
ආවාසමච්ඡරිය ඇත්තේ වෙයි, කුලමච්ඡරිය ඇත්තේ වෙයි , ලාභමච්ඡරිය ඇත්තේ වෙයි, වණ්ණමච්ඡරිය ඇත්තේ වෙයි. ශ්රද්ධාදෙයය නසන්නේ වේ.
මහණෙනි, මෙ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වේ.
මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
ආවාසමච්ඡරිය නැත්තේ වෙයි, කුලමච්ඡරිය නැත්තේ වෙයි, ලාභමච්ඡරිය නැත්තේ වෙයි, වණ්ණමච්ඡරිය නැත්තේ වෙයි, ශ්රද්ධාදෙයය නො නසන්නේ වෙයි.
මහණෙනි, මේ දහම්පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වේ ය යි.
5. 5. 4. 10.
[ද්වීතිය මච්ඡරිය සූත්රය]
[සැවැත්නිදාන යි]
40. මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
ආවාසමච්ඡරිය ඇත්තේ වෙයි, කුලමච්ඡරිය ඇත්තේ වෙයි, ලාභමච්ඡරිය ඇත්තේ වෙයි, වණ්ණමච්ඡරිය ඇත්තේ වෙයි, ධම්මමච්ඡරිය ඇත්තේ වෙයි.
මහණෙනි, මෙ පස්දහමින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වේ.
මහණෙනි, මෙ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
ආවාසමච්ඡරිය නැත්තේ වෙයි. කුලමච්ඡරිය නැත්තේ වෙයි, ලාභමච්ඡරිය නැත්තේ වෙයි, වණ්ණමච්ඡරිය නැත්තේ වෙයි, ධම්මමච්ඡරිය නැත්තේ වේ.
මහණෙනි, මේ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වේ යයි.
ආවාසික වර්ගය සතර වැනි යි.
එහි උද්දානය:
අභාවනීය සූත්ර ය, පිය සූත්ර ය, සෝභන සූත්ර ය, බහූපකාර සූත්ර ය, අනුකම්පක සූත්ර ය, යථාභතං ආදි කොට ඇති අවණ්ණාරභ සූත්ර තුන ය, මච්ඡරිය සූත්ර දෙක යයි සූත්ර දසයෙකි.