5. 5. 2. 8.
[ද්විතීය අපාසාදික සූත්රය]
[සැවැත්නිදාන යි]
18. මහණෙනි, අප්රාසාදික පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
නො පහන්හු නො පහදනාහ. පහන් වූ ද ඇතැමුන්ගේ අන්යථාත්වය (කළකිරීම) වෙයි. ශාස්තෘ ශාසනය නො කරණ ලද වෙයි. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. ඔහුගේ සිත නො පහදී.
මහණෙනි, අප්රාසාදික පුද්ගලයා කෙරෙහි මේ දොස් පස යි.
මහණෙනි, ප්රාසාදිකයා කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
අප්රසන්නයෝ පහදනාහ. ප්රසන්නයන්ගේ ද භූයෝභාවය වෙයි. ශාස්තෘශාසනය කරණ ලද වෙයි. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. ඔහුගේ සිත පැහැදෙයි.
මහණෙනි, ප්රාසාදිකයා කෙරෙහි මේ අනුසස් පස යි.
5. 5. 2. 9.
[අග්ගි සූත්රය]
[සැවැත්නිදාන යි]
19. මහණෙනි, ගින්නෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
ඇසට අහිත වෙයි. දුර්වර්ණ කරනුයේ වෙයි. දුර්වල කරනුයේ වෙයි. ගණසඞ්ගණිකා වඩනුයේ වෙයි. තිරශ්චීනකථා පිණිස පවත්නේ වේ.
මහණෙනි, අගතියෙහි මේ පස් ආදීනව යි.
5. 5. 2. 10.
[මධුරා සූත්රය]
[සැවැත්නිදාන යි]
20. මහණෙනි, මධුරානගරයෙහි මේ ආදීනව පසෙක. කවර පසෙක යත්:
විෂම වූයේ ය. බොහෝ රජස් ඇතියේ ය. සැඩ ශුනකයන් ඇතියේ ය. ව්යාල යක්ෂයන් ඇතියේ ය. දුර්ලභ පිණ්ඩපාත ඇතියේ ය.
මහණෙනි, මධුරායෙහි මේ පස් ආදීනව යි.
අක්කෝසක වර්ගය දෙවැනි යි.
එහි උද්දානය:
අක්කෝසක සූත්රය, භණ්ඩන සූත්රය, සීල සූත්රය, බහුභාණී සූත්ර ය, අක්ඛන්ති සූත්රදෙක ය, අපාසාදික සූත්ර දෙක ය, අග්ගි සූත්ර ය, මධුරා සූත්රය දැ යි සූත්ර දශයෙකි.