5. 2. 3. 10.
[චතුත්‍ථඅනාගතභය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
30. මහණෙනි, දැන් නූපන් මේ අනාගත භය පස් දෙනෙක් මතුයෙහි උපදනාහ. ඔහු තොප විසින් පිළිවිදිය යුතු වෙති. පිළිවිදත් ඔවුන් ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, අනාගතකාලයෙහි මහණහු සිවුරෙහි කල්‍යාණකාම වෙත්. චීවරයෙහි කල්‍යාණකාම වන ඔහු පාංශුකූලිකත්‍වය හැරපියත්. අරණ්‍යයන් ද වානප්‍රස්ථයන් ද ප්‍රාන්ත සෙනසුන් ද හැරපියත්. ගම් නියම්ගම් රජදහන්හි වැද වාස කරත්. සිවුරු හේතු කොට ද නන් වැදෑරුම් නොමනා අන්‍වෙෂණයට පැමිණෙත්. මහණෙනි, මෙ කල නූපන් මේ ප්‍රථම අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය දුර ලීමට වෑයම් කටයුතු.
තවද මහණෙනි, අනාගතයෙහි භික්‍ෂූහු පිණ්ඩපාතයෙහි කල්‍යාණකාම වෙති. පිණ්ඩපාතයෙහි කල්‍යාණකාම වන ඔහු පිඬු සිඟා යැපෙනසිල් ඇති බව හැර පියා වනයන් ද වානප්‍රස්ථ සෙනසුන් ද ගැඹුරු වල් ද හැර පියත්. ගම් නියම්ගම් රජදහන්හි වැද දිවගින් ප්‍රණීත රස සොයන්නාහු වාස කෙරෙත්. පිඬුවා හේතුයෙනුදු නන් වැදෑරුම් නො නිසි අන්‍වෙෂණයට වැටෙත්. මහණෙනි, මෙ කල නූපන් දෙවන අනාගතභය අනාගතයෙහි උපදනේ ය. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ දුර ලීමට වෑයම් කටයුතු.
තවද මහණෙනි, අනාගතයෙහි භික්‍ෂූහු සෙනසුන්හි කල්‍යාණකාම වෙති. සෙනසුන්හි කල්‍යාණකාම වන ඔහු වෘක්‍ෂමූලිකත්‍වය හැරපියත් වනයන් ද වානප්‍රස්ථයන් ද ප්‍රාන්තසෙනසුන් ද හැරපියත්. ගම් නියම්ගම් රජදහන්හි වැද වාස කෙරෙත්. සෙනසුන් හේතු කොට ද අකෙවිහිත අප්‍රතිරූප අන්‍වෙෂණයට වැටෙත්. මහණෙනි, දැන් නූපන් තුන් වන අනාගතභය මතු උපදනේය. එය තොප විසින් පිළිවිදිය යුතු පිළිවිද ද එය දුර ලීමට වෑයම් කටයුතු.
තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු භික්‍ෂුණීශික්‍ෂමානා ශ්‍රාමණෙරයන් හා සසට ව වෙසෙත්. මහණෙනි, භික්‍ෂුණීශික්‍ෂමානා ශ්‍රාමණෙරයන් හා සසඟ ඇති වත් ම අනභිරත වූවාහු හෝ බඹසර සෙරෙත්. අන්‍යතර වූ හෝ සකිලිටි ඇවතකට පැමිණෙත්. සිකපද හෝ ප්‍රත්‍යාඛ්‍යානය කොට හීනභාවයට වැටෙත්” යන තෙල කැමැති විය යුතු. මහණෙනි, මෙ කල නූපන් මේ සතර වන අනාගතභය මතු ඇති වෙයි. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ දුරලීමට වෑයම් කටයුතු.
තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු ආරාමිකයන් හා ශ්‍රාමණෙරයන් හා සසට ව වසන්නාහ. ආරාමිකශ්‍රාමණෙරයන් හා සංසර්‍ගය ඇති වත් ම අනේකවිහිත වූ සන්නිධිකාරපරිභෝගයෙහි අනුයුක්ත ව වෙසෙති. පොළොව්හිදු (පෘථිවීඛනනයෙහිදු) හරිතයෙහිදු (රුක්වැල් ඈ සිඳුම්හිදු) ඖදාරික නිමිති (හැඟවීම්) පාළ කරත්. මහණෙනි, මෙ කල නූපන් මේ පස් වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ දුරලීමට ව්‍යායාම කටයුතු.
මහණෙනි, මෙ කල්හි නූපන්නාවූ මේ පඤ්ච අනාගතභය මතුයෙහි පාළ වන්නාහ. ඔහු තොප විසින් පිළිවිදිය යුතුවහ. පිළිවිද ද ඔවුන් දුරලීමට ව්‍යායාම කටයුතු ය යි.
අනාගතභය වර්‍ගය තුන් වැනි යි.
එහි උද්දානය:
චේතෝ විමුත්ති සූත්‍ර දෙකෙක, ධම්මවිහාරී සූත්‍ර දෙකෙක, යෝධාජීව සූත්‍ර ද දෙකෙක, අනාගතභය සූත්‍ර සතරෙකැයි දශයෙකි.