5. 2. 1. 5.
[මාතාපුත්ත සූත්රය]
5. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර අනේවඩු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩවසන සේක. එකල සැවැත්හි මහණ හා මෙහෙණ හා දෙ මාපුත් කෙනෙක් වස් එළඹියහ.
ඔහු නරතුරු උනුන් දක්නා කැමති වූහ. මවු දු නරතුරු පුතු දක්නා කැමති වූය. පිත් ද නරතුරු මව දක්නා කැමැති විය. ඔවුන්ගේ නරතුරු දැක්මෙන් සංසර්ගයෙක් වී. ස සර්ගය ඇති වත් ම විශ්වාසය විය විශ්වාසය ඇති වත් ම (කම්රා විසින්) බැස ගැන්ම විය. (කම්රා විසින්) බට සිත් ඇති ඔහු ශික්ෂාප්රත්යාඛ්යාන නො කොට දුබල බැව් පාළ නො කොට මෙවුන්දම් සෙවියහ.
එ කල බොහෝ වහන්දෑ භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් එ මහණහු භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළහ: “වහන්ස, මෙ සැවැත්හි මහණ මෙහෙණ දෙමාපුතු කෙනෙක් වස් එළඹියහ ඔහු උනුන් නරතුරු දර්ශනය කැමැති වූහ. මවුදු නරතුරු පුතු දක්නා කැමැත්තී වූය පුත් ද නරතුරු මව දක්නා කැමති විය. නරතුරු දැක්මෙන් ඔවුන්ගේ සංසර්ගයෙක් විය. සසඟ ඇති වත් ම විශ්වාසය විය. විශ්වාසය ඇති වත් ම කම්රායෙන් බැසගැන්ම විය. බැසගත් සිත් ඇති ඔහු ශික්ෂාප්රත්යාඛ්යාන නො කොට දෞර්බල්යය පාළ නො කොට මෙවුන්දම් සෙවියහ’යි.
මහණෙනි, එ මෝඝපුරුෂ “මව පුතු කෙරෙහි රාග විසින් නො ඇලේ, පුත් හෝ මව කෙරෙහි නො ඇලේ ය”යි කිම නො හඟනේ ද?
මහණෙනි, මේ සා රඤ්ජනයට හිත වූ, මේ සා කාමයට හිත වූ, මේ සා මදයට හිත වූ, මේ සා බන්ධනයට හිත වූ, මේ සා කාමමුර්ඡාවට හිත වූ, අනුත්තරයෝගක්ෂේමාධිගමයට මේ සා අන්තරායකර වූ යම් රූපයෙක් ඇත් ද, මහණෙනි, මේ ස්ත්රීරූපය බඳු අන් එක රූපයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි සත්ත්වයෝ ස්ත්රීරූපයෙහි රාගවිසින් ඇලුනාහු ගෙතුනාහු ගිජු වූවාහු මුසපත් වූවාහු බැසගත්තාහු වෙති. ඔහු ස්ත්රීරූප වශානුගත ව දීර්ඝරාත්රයෙහි ශෝක කෙරෙත්.
මහණෙනි, මම අන් එක ද ශබ්දයක් ... එක ද ගන්ධයක් ... එක ද රසයක් ... මේ සා රජනීය වූ, මේ සා කමනීය වූ, මේ සා මදනීය වූ මේ සා බන්ධනීය වූ, මේ සා මූර්ඡාවට හිත වූ, අනුත්තරයෝගක්ෂේමාධිගමයට මේ සා අන්තරායකර වූ යම් ස්පර්ශයෙක් ඇද්ද, මහණෙනි, ස්ත්රීස්පර්ශ බඳු අන් එක ද ස්ප්රෂ්ටව්යයක් මම නො දක්මි. මහණෙනි, ස්ත්රීස්ප්රෂ්ටව්යයෙහි සත්ත්වයෝ රැඳුනාහු ගිජු වූවාහු ගෙතුනාහු මුසපත් වූවාහු බැසගත්තාහු වෙති. ඔහු ස්ත්රීස්ප්රෂ්ටව්යවශයට ගියාහු දීර්ඝරාත්රයෙහි සොස්නාහ.
මහණෙනි, ස්ත්රී යන්නී ද පුරුෂයා සිත ගෙණ සිටුනී ය. සිටියා ද, හුන්නී ද, හෝනී ද, සෙන්නී ද, බණන්නී ද, ගයන්නී ද, හඬන්නී ද, ඉදිමුනී ද, මළා ද, පුරුෂයා සිත් ගෙන සිටුනීය. මහණෙනි, යම් දැයක් සඳහා මොනොවට බණනුයේ “මරු විසින් වටා ලූ මළෙකැ”යි කියා නම් ඒ ස්ත්රිය ම දක්වා කියයි.
1. කඩු ගත් අත් ඇතිහයු හා ද බණන්නේ ය. පිසාචයකු හා ද බණන්නේ ය. යමකු විසින් ඩස්නා ලදුයේ ජීවත් නො වේ ද, එබඳු ඇසිවසකු (සර්පයකු) ද ඝටන්නේ ය.
2. එකලා වූයේ එකලා මාගමක හා නො ම බණන්නේ ය. ඔහු නට සිහි ඇතියහු ප්රේක්ෂිතයෙනුදු (බැල්මෙන් ද) සිනායෙනුදූ බඳනාහ.
3. වැලිදු නො පිළිසන් කොට හැඳීමෙනුදු මොළොක් තෙපුලෙනුදු බඳනාහ. තෙල ස්ත්රීජනයා ඉදිමුනේ හෝ මළේ හෝ ගැටුමට නො නිසි වේ.
4. රූප ය ශබ්ද ය ගන්ධ ය රස ය ස්ප්රෂ්ටව්ය ය යන තෙල මනරම් පස්කම් ගුණයෝ ස්ත්රීරූපයෙහි දක්නා ලැබෙත්.
5. කාමෝඝයෙන් ඇදගණු ලැබූ කාමයන් පිරිසිඳ නො දන්නා වූ ඔවුන්ගේ ස සාරයෙහි කාලය ද ගතිය ද පුනර්භවය ද පෙරටුවන්නාහු ම (නොනවත්නාහුම) වෙති.
6. යම් කෙනෙක් කාමයන් පිරිසිඳ දැන කිසිවකිනුත් බිය නැත්තාහු හැසිරෙත් ද, යම් කෙනෙක් ආස්රවක්ෂය සඞ්ඛ්යාත අර්හත්ත්වයට පත් වූවාහු ද, ලොව්හි ඔහු ම නිවනට ගියාහු වෙති යි.