1. නීවරණ වර්‍ගය
5. 2. 1. 1.
[නීවරණ සූත්‍රය]
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් වූ ආරාමයෙහි වැඩවසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතූ සේක. ‘වහන්සැ’යි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල දහම් වදාළ සේක.
මහණෙනි, (සිත අවුරාගෙණ සිටුනා හෙයින්) ආවරණ වූ (ධ්‍යානාදීනට බාධක වන හෙයින්) නීවරණ වූ, සිත ඔබාගෙණ සිටුනා, විදර්‍ශනාප්‍රඥා දුර්‍වල කරණ මේ කරුණුහු පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, කාමච්ඡන්‍දය ආවරණ ය, නීවරණ ය, චිත්තය මැඬගෙණ සිටුනේ ය, ප්‍රඥාව දුර්‍වල කරන්නේ ය. මහණෙනි, ව්‍යාපාදය ආවරණ ය, නීවරණ ය, චිත්තයාගේ අධ්‍යාරුහ ය, ප්‍රඥාව දුර්‍වල කරන්නේ ය. මහණෙනි, ථීනමිද්ධය ආවරණ ය, නීවරණ ය, චිත්තයාගේ අධ්‍යාරුහ ය, ප්‍රඥාව දුර්‍වල කරන්නේ ය. මහණෙනි, උද්ධච්චකුක්කුච්චය (සිත්හි නොසන්හුන් බව හා කුකුස) ආවරණ ය, නීවරණ ය, චිත්තයාගේ අධ්‍යාරුහ ය, ප්‍රඥාව දුර්‍වල කරන්නේ ය. මහණෙනි, විචිකිච්ඡාව ආවරණ ය, නීවරණ ය, චිත්තයාගේ අධ්‍යාරුහ ය, ප්‍රඥාව දුර්‍වල කරන්නේ ය.
මහණෙනි, මෙ පස් දෙන ආවරණයහ, නීවරණයහ, චිත්තයාගේ අධ්‍යාරුහයහ, ප්‍රඥාව දුර්‍වල කරන්නාහ.
මහණෙනි, ඒ මහණ එකැතින් නීවරණ වූ, සිත මැඬගෙණ සිටුනා, පැණ දුබල කරණ මේ පඤ්චාවරණයන් නො තබා අබල වූ, දුර්‍වල වූ ප්‍රඥායෙන් “ආත්මාර්‍ත්‍ථය වේ ව යි දන්නේ ය, පරාර්‍ත්‍ථය වේ ව යි දන්නේ ය, උභයාර්‍ත්‍ථය වේ ව යි දන්නේ ය, මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍ය භාවකරණයට නිසි ඥානදර්‍ශනවිශේෂයක් වේ ව යි සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ සිදු නො වන්නේ ය.
මහණෙනි, යම් පරිදි පවියෙන් ඇද හැලෙන දුර ගලා බස්නා ශීඝ්‍ර ස්‍රෝතස් ඇති හළයුතු දැ හැරලනසුදු නදියෙක් වේ ද, පුරුෂයෙක් ඒ නදියගේ දෙපස නඞ්ගලමුඛ (නගුලෙන් කළ ඇළි) විවර කරන්නේ ය. මහණෙනි, එසේ වත් ම, නදීමධ්‍යයෙහි ඒ ස්‍රොතස විසිර ගියේ විසුළේ දෙපසට ඇදගන්නා ලදුයේ දුරගමන් නැතියේ වෙයි. ශීඝ්‍රස්‍රෝතස් නැතියේ වෙයි. හර්තව්‍යය ගෙණ යන සුලු නො වෙයි.
මහණෙනි, එ පරිදි ම එකැතින් එ මහණ මේ පඤ්චආවරණයන් නීවරණයන්, චිත්තයාගේ අධ්‍යාරුහයන්, ප්‍රඥාදුර්‍වලකරණයන් නො හැරලා අබල වූ දුබල වූ ප්‍රඥායෙන් ආත්මාර්‍ත්‍ථය වේවයි දන්නේ ය. පරාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, උභයාර්‍ත්‍ථය වේ ව යි දන්නේ ය, මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට නිසි ඥානදර්‍ශනවිශේෂයක් වේවයි සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ ඇති නො වේ.
මහණෙනි, එකැතියෙන් එ මහණ මේ පඤ්ච ආවරණයන් නීවරණයන් චිත්තයාගේ අධ්‍යාරුහයන් ප්‍රඥාදුර්‍වලකරණයන් හැරපියා බලවත් ප්‍රඥායෙන් ආත්මාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, පරාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, උභයාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනවිශේෂයක් වේවයි සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ ඇති වේ.
මහණෙනි, යම් පරිදි පවියෙන් ඇද හැලෙන දුර ගලා බස්නා ශීඝ්‍රස්‍රෝතස් ඇති හරනට නිසි දෑ හැරලන සුලු නදියෙක් වේ නම්, පුරුෂයෙක් එ නදියගේ නඞ්ගලමුඛ (නඟුලෙන් කළ ඇළි) වසන්නේ ය. මහණෙනි, එසේ වත් ම නදීමධ්‍යයෙහි ඒ ස්‍රොතස නො විසිර ගියේ නො විසුළේ දෙපසට නො ඇදගන්නා ලදුයේ දුරගමන් ඇතියේ ද ශීඝ්‍රස්‍රෝතස් ඇතියේ ද හර්තව්‍යය හරණ සුලු ද වෙයි. මහණෙනි, එ පරිදි ම එකැතියෙන් එ මහණ ආවරණ වූ නීවරණ වු, සිත මඬනා, පැණ දුබල කරණ මේ පඤ්ච ධර්‍මයන් හැරපියා බලවත් ප්‍රඥායෙන් ආත්මාර්‍ත්‍ථ වේවයි දන්නේ ය, පරාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, උභයාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි වූ ආර්‍ය්‍යභාවකරණයට නිසි ඥානදර්‍ශන විශේෂය වේවයි සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වන්නේ ය.
5. 2. 1. 2.
[අකුසලරාසි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, ‘අකුශලරාශිය’යි කියනුයෙක් මොනොවට කියනුයේ මේ පඤ්චනීවරණයන් කියන්නේ ය. මහණෙනි, මේ නීවරණපස නම් මේ හුදු අකුශලරාශි ම වෙයි. කවර පස් දෙනෙක යත්:
කාමච්ඡන්‍දනීවරණ ය, ව්‍යාපාදනීවරණ ය, ථීනමිද්ධනීවරණ ය, උද්ධච්චකුක්කුච්චනීවරණ ය, විචිකිච්ඡානීවරණ යි.
මහණෙනි, අකුශලරාශි ය යි කියනුයෙක් මොනොවට කියනුයේ මේ පඤ්චනීවරණයන් කියන්නේ ය. මහණෙනි, මේ පඤ්චනීවරණ නම් තෙල හුදු අකුශලරාශි ම වෙයි.