5. 2. 1. 10.
[දුතියබුඩ්ඪපබ්බජිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ වෙයි. කවර පසෙකින යත්:
සුවච වූ බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ වෙයි. සුරගෘහීතග්‍රාහී වූයේ (මනාසේ ඉගෙණීම ලබන සුල්ලේ) දුර්‍ලභ ය. ප්‍රදක්‍ෂිණාග්‍රාහී වූයේ (දුන් ඔවා පැදකුණු කොට ගරුකොට ගත්නේ) දුර්‍ලභ ය. ධර්‍මකථික වූයේ දුර්‍ලභ ය. වනධර වූයේ දුර්‍ලභ යි.
මහණෙනි, මේ ධර්‍මපසින් සමන්‍වාගත බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ වේ.
නීවරණවර්‍ගය ප්‍රථම යි.
එහි උද්දානය:
ආවරණ (නීවරණ) සූත්‍ර ය, අකුසලරාසි සූත්‍ර ය, පධානියඞ්ග සූත්‍ර ය, සමය සූත්‍රය, මාතාපුත්ත සූත්‍ර ය, උපජ්ඣාය සූත්‍ර ය, ඨාන සූත්‍ර ය, ලිච්ඡවිකුමාර සූත්‍ර ය, බුඩ්ඪපබ්බජිත සූත්‍ර දෙක ය යි දශයෙකි.
2. සඤ්ඤා වර්‍ගය
5. 2. 2. 1.
[පඨමසඤ්ඤා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, භාවිත වූ බහුලීකෘත වූ මේ සංඥාවෝ පස්දෙන (විපාකඵලවිසින්) මහත්ඵල මහානිසංස ඇත්තාහු අමෘතය පිහිට කොට ඇතියාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇතියාහු වෙත්. කවර පස්දෙනෙක යත්:
අසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආදීනවසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, හැම තෙධාතුසන්නිවාසලෝකයෙහි අනභිරත (නො ඇලෙන) සඤ්ඤා යි.
මහණෙනි, මේ සංඥාවෝ පස්දෙන භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිසංස ඇත්තාහු අමෘතය ප්‍රතිෂ්ඨා කොට ඇත්තාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තාහු වෙති.
5. 2. 2. 2.
[දුතියසඤ්ඤා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
12. මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද මේ සංඥාවෝ පස්දෙන මහත්ඵල මහානෘශංස ඇත්තාහු අමෘතයට වන්නාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තාහු වෙත්. කවරපස්දෙනෙක යත්:
අනිච්චසඤ්ඤා ය, අනත්තසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, සකලලෝකයෙහි අනභිරත සඤ්ඤා යි.
මහණෙනි, මේ සංඥාවෝ පස්දෙන භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල හා මහානෘශංස ඇත්තාහු අමෘතයට වන්නාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇතියාහු වෙති.
5. 2. 2. 3.
[පඨමවඩ්ඪි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
13. මහණෙනි, පඤ්චවිධ වෘද්ධියෙකින් වැඩෙන ආර්‍ය්‍යශ්‍රාවක ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙන්නේ ය කායයාගේ සාරය ගන්නා සුල්ලේත්, වරය (උත්තමාර්‍ත්‍ථය) ගන්නා සුලුයේත් වෙයි. කවර පසෙකින යත්:
ශ්‍රද්ධායෙන් වැඩෙයි, ශීලයෙන් වැඩෙයි. ශ්‍රැතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥායෙන් වැඩෙයි.
මහණෙනි, මෙ පඤ්ඤවිධවෘද්ධියෙන් වැඩෙන ආර්‍ය්‍යශ්‍රාවක ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙයි. කායයාගේ සාරය ගන්න සුල්ලේත්, වරය ගන්නා සුල්ලේත් වෙයි.
16. යමෙක් මෙ ලොව්හි ශ්‍රද්ධායෙනුදු ශීලයෙනුදු ප්‍රඥායෙනුදු ත්‍යාගයෙනුදු ශ්‍රැතයෙනුදු වැඩෙන්නේ නම්, විචක්‍ෂණවූ එබඳු එ සත්පුරුෂ මේ ආත්මභාවයෙහි ම තමාගේ (ජීවිත) සාරය ලබාගන්නේ යි.