2. සඤ්ඤා වර්‍ගය
5. 2. 2. 1.
[පඨමසඤ්ඤා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, භාවිත වූ බහුලීකෘත වූ මේ සංඥාවෝ පස්දෙන (විපාකඵලවිසින්) මහත්ඵල මහානිසංස ඇත්තාහු අමෘතය පිහිට කොට ඇතියාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇතියාහු වෙත්. කවර පස්දෙනෙක යත්:
අසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආදීනවසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, හැම තෙධාතුසන්නිවාසලෝකයෙහි අනභිරත (නො ඇලෙන) සඤ්ඤා යි.
මහණෙනි, මේ සංඥාවෝ පස්දෙන භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිසංස ඇත්තාහු අමෘතය ප්‍රතිෂ්ඨා කොට ඇත්තාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තාහු වෙති.
5. 2. 2. 2.
[දුතියසඤ්ඤා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
12. මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද මේ සංඥාවෝ පස්දෙන මහත්ඵල මහානෘශංස ඇත්තාහු අමෘතයට වන්නාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තාහු වෙත්. කවරපස්දෙනෙක යත්:
අනිච්චසඤ්ඤා ය, අනත්තසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, සකලලෝකයෙහි අනභිරත සඤ්ඤා යි.
මහණෙනි, මේ සංඥාවෝ පස්දෙන භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල හා මහානෘශංස ඇත්තාහු අමෘතයට වන්නාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇතියාහු වෙති.
5. 2. 2. 3.
[පඨමවඩ්ඪි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
13. මහණෙනි, පඤ්චවිධ වෘද්ධියෙකින් වැඩෙන ආර්‍ය්‍යශ්‍රාවක ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙන්නේ ය කායයාගේ සාරය ගන්නා සුල්ලේත්, වරය (උත්තමාර්‍ත්‍ථය) ගන්නා සුලුයේත් වෙයි. කවර පසෙකින යත්:
ශ්‍රද්ධායෙන් වැඩෙයි, ශීලයෙන් වැඩෙයි. ශ්‍රැතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥායෙන් වැඩෙයි.
මහණෙනි, මෙ පඤ්ඤවිධවෘද්ධියෙන් වැඩෙන ආර්‍ය්‍යශ්‍රාවක ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙයි. කායයාගේ සාරය ගන්න සුල්ලේත්, වරය ගන්නා සුල්ලේත් වෙයි.
16. යමෙක් මෙ ලොව්හි ශ්‍රද්ධායෙනුදු ශීලයෙනුදු ප්‍රඥායෙනුදු ත්‍යාගයෙනුදු ශ්‍රැතයෙනුදු වැඩෙන්නේ නම්, විචක්‍ෂණවූ එබඳු එ සත්පුරුෂ මේ ආත්මභාවයෙහි ම තමාගේ (ජීවිත) සාරය ලබාගන්නේ යි.
5. 2. 2. 4.
[දුතියවඩ්ඪි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
14. මහණෙනි, පඤ්චවෘද්ධියෙකින් වැඩෙන ආර්‍ය්‍යශ්‍රාවිකා ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙන්නී ය. (ජීවිතයාගේ) සාරය ගන්නී ද වරය ලබන්නී ද වෙයි. කවර පසෙකින යත්:
ශ්‍රද්ධායෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්‍රැතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥායෙන් වැඩෙයි.
මහණෙනි, මෙ පඤ්චවෘද්ධියෙන් වැඩෙන ආර්‍ය්‍යශ්‍රාවිකා ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙයි. ජීවිතයාගේ සාරය ගන්නී ද වරය ලබන්නී ද වෙයි.
17. යම් ආර්‍ය්‍යශ්‍රාවිකාවක් මෙ ලොව්හි ශ්‍රද්ධායෙනුදු ශීලයෙනුදු ප්‍රඥායෙනුදු ත්‍යාගයෙනුදු ශ්‍රැතයෙනුදු වැඩෙන්නී ද, එබඳු ඒ සිල්වත් උවැසි මෙ අත්බැව්හි ම තමාගේ (ජීවිත) සාරය ගන්නී වෙයි.
5. 2. 2. 5.
[අලංසාකච්ඡ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
15. මහණෙනි, ධර්‍මපසෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරනට සාකච්ඡාවට යුතු වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් ශීලසම්පන්න වෙයි. ශීලසම්පත් කථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි. සමාධිසම්පත්කථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි. ප්‍රඥාසම්පත්කථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි. විමුක්තිසම්පත්කථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳනුයේත් වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි. විමුක්තිඥානදර්‍ශනකථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳනුයේත් වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ සබ්‍රම්සරනට සාකච්ඡාවට යුතු වේ ය යි.
5. 2. 2. 6.
[අලංසාජීව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, ධර්‍මපසෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරනට අලංසාජීව වෙයි. (ප්‍රශ්නපෘච්ඡාවිසර්‍ජනාඛ්‍ය ආජීවයෙන් සමානාජීව ඇති වෙයි.) කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් සිල්සපන් වෙයි. ශීලසම්පත් කථාව පිළිබඳ (අභිසංස්කරණ කරණලද) ප්‍රශ්න විසඳනුයේත් වෙයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි. සමාධිසම්පත්කථාව පිළිබඳ කළ ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි. ප්‍රඥාසම්පත්කථාව පිළිබඳ කළ ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි. විමුක්තිසම්පත්කථාව පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේත් වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි. විමුක්තිඥානදර්‍ශනසම්පත්කථාව පිළිබඳ කළ ප්‍රශ්න විසඳන්නේත් වෙයි.
මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ සබ්‍රම්සරනට අලංසාජීව වෙයි.