5. 1. 5. 5.
[පුඤ්ඤාභිසන්ද සූත්රය]
[සැවැත්නිදාන යි]
45. මහණෙනි, සුව එළවන, අග්ර රූපාදි සම්පත් මොනවට ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්ගය පිණිස පවත්නා, ඉෂ්ටබව පිණිස කාන්තබව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා මේ පුණ්යප්රවාහයෝ කුශලප්රවාහයෝ (කුශලොපපත්තීහු) පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, යම් දායකයකුගේ සිවුරු වළඳ කරන මහණෙක් අප්රමාණ අර්හත්ත්වඵලසමාධිය උපයාගෙන වෙසේ ද ඒ දායක හට සුව එළවන, මනා අග්ර රූපාදිසම්පත් දෙන, සුඛවිපාක ඇති, ස්වර්ගය පිණිස පවත්නා, ඉෂ්ටබව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා අප්රමාණ පුණ්යප්රවාහයෙක් කුශලප්රවාහයෙක් වෙයි.
මහණෙනි, යම් දායකයකුගේ පිඬුවා වළඳ කරන මහණෙක් ... වෙහෙර වළඳ කරන මහණෙක් ... මැසි පුටු වළඳ කරන මහණෙක් ... ගිලන්පස බෙහෙසත්පිරිකර වළඳ කරන මහණෙක් අප්රමාණඅර්හත්ත්වඵලසමාධියට එළඹ වෙසේ ද, ඔහට සුව එළවන, ස්වග්රරූපාදිසම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්ගය පිණිස පවත්නා, ඉෂ්ටබව පිණිස කාන්තබව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා අප්රමාණ පුණ්යප්රවාහයෙක් කුශල ප්රවාහයෙක් වෙයි.
මහණෙනි, සුඛය ගෙණ දෙන ස්වග්රසම්පත් පිණිස වැටෙන, සුඛවිපාකාවහ වූ, ස්වර්ගය පිණිස පවත්නා, ඉෂ්ටබව පිණිස කාන්ත බව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා මේ පුණ්යප්රවාහයෝ කුශලප්රවාහයෝ පස් දෙන ය.
මහණෙනි, මේ පඤ්චපුණ්යප්රවාහයෙන් කුශලප්රවාහයෙන් සමන්වාගත ආර්ය්යශ්රාවකයාගේ - “සුව එළවන ස්වග්රරූපාදිසම්පත් ගෙණ දෙන සුඛ විපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා ඉෂ්ටබව පිණිස කාන්තබව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා පුණ්යප්රවාහය කුශලප්රවාහය මෙ තෙක” කියා පුණ්යප්රමාණය ගන්නට සුකර නො වේ. වැලිත් අසඞ්ඛ්යෙය වූ අප්රමේය වූ මහාපුණ්යස්කන්ධයෙක් ම යැ යි ගණනට යෙයි.
මහණෙනි, දියලහ මෙ තෙකැයි හෝ දියලහසිය මෙ තෙකැයි හෝ දියලහදහස් මෙ තෙකැයි හෝ දියලහසුවහස් මෙ තෙකැයි හෝ යම්සේ මහමුහුදෙහි දිය පමණ ගන්නට නො හැකි වේ ද, අසඞ්ඛ්යෙය වූ අප්රමේය වූ මහත් උදකස්කන්ධයෙක් ම යැ යි ගණනට යේ ද, මහණෙනි, එ පරිදි ම මේ පඤ්චපුණ්යප්රවාහයෙන් කුශලප්රවාහයෙන් සමන්වාගත ආර්ය්යශ්රාවකයාගේ - “සුඛ එළවන ස්වග්රරූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා ඉෂ්ටබව පිණිස කාන්තබව පිණිස මන වඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා පුණ්යප්රවාහය කුශලප්රවාහය මෙ තෙක” කියා පින්පමණ ගන්නට සුකර නො වේ. අසඞ්ඛ්යෙය වූ අප්රමේය වූ මහත් පුණ්යස්කන්ධයෙක් ම ය යි ගණනට යෙයි.
50. අපරිමිත වූ බොහොබිහිසුනු අරමුණු ඇති සත්රුවන්ගණට නිවෙස් වූ මහදියකඳ ඇති සයුරුමහදහතළාව කරා නරගණසමූහයා විසින් සෙවුනා ලද බොහෝ කොට ගලන නදීහු යම්සේ වැදගණිද්ද,
51. එ පරිදි ම අන්නපානවස්ත්රදායක වූ ශය්යානිෂද්යාස්තරණදායක වූ පණ්ඩිත මිනිසා කරා පුණ්යධාරාවෝ වැදගණිත්. දිය වහන නදීන් සයුර කරා වැදගන්නාක් සෙයිනි.
5. 1. 5. 6.
[පඤ්චසම්පදා සූත්රය]
[සැවැත්නිදාන යි]
46. මහණෙනි, මේ සම්පත්හු පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
ශ්රද්ධාසම්පත් ය, ශීලසම්පත් ය, ශ්රැතසම්පත් ය, ත්යාගසම්පත් ය, ප්රඥාසම්පත් ය. මහණෙනි, මේ පඤ්චසම්පත්හු යි.
5. 1. 5. 7.
[පඤ්චධන සූත්රය]
[සැවැත්නිදාන යි]
47. මහණෙනි, මේ ධනයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්: ශ්රද්ධාධන ය, ශීලධන ය, ශ්රැතධන ය, ත්යාගධනය, ප්රඥාධන යි.
මහණෙනි, ශ්රද්ධාධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක සැදැහැති වෙයි. තථාගතයන් වහන්සේගේ සම්බෝධිය හදහයි: “මේ මේ කරුණින් ඒ භාග්යවත්හු අර්හත්හ ... දෙවිමිනිස්නට ශාස්තෘයහ. සියුසස් අවබෝධ කළහ. භාග්යවත්හ”කියා යි. මහණෙනි, මේ ශ්රද්ධාධනය යි කියනු ලැබේ.
මහණෙනි, ශීලධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක පණිවායෙන් දුරු වූයේ වෙයි. ... මදපමාදෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ ශීලධනය යි කියනු ලැබේ.
මහණෙනි, ශ්රැතධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක බහුශ්රුත වෙයි ... යම් ඒ දහම්හු ... කේවලපරිපූර්ණ වූ පරිශුද්ධ බ්රහ්මචර්ය්යය ප්රකාශ කෙරෙද්ද, එබඳු දහම්හු ඔහු විසින් ... ප්රඥාවෙන් සුප්රවිදිත වෙති. මහණෙනි, මේ ශ්රැතධනය යි කියනු ලැබේ.