4. 7. 8.
[අභිජ්ඣාලු සූත්රය]
8. [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...]
තෙමේත් අභිධ්යා බහුල වෙයි. මෙරමාත් අභිධ්යායෙහි සමාදන් කරවයි. අභිධ්යායෙහි අනුදන්නේත් වෙයි. අභිධ්යාව පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...]
තෙමේත් අභිධ්යා බහුල නොවූයේ වෙයි. මෙරමාත් අභිධ්යායෙහි සමාදන් කරවයි. අනභිධ්යායෙහි අනුදන්නේත් වෙයි. අනභිධ්යාව පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
4. 7. 9.
[බ්යාපන්නචිත්ත සූත්රය]
9. [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...]
තෙමේත් ව්යාපන්න සිත් ඇත්තේ වෙයි. මෙරමාත් ව්යාපාදයෙහි සමාදන් කරවයි. ව්යාපාදයෙහි අනුදන්නේත් වෙයි. ව්යාපාදය පිළිබඳ ගුණ කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදිම නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...]
තෙමේත් ව්යාපාද රහිත සිතැත්තේ වෙයි. මෙරමාත් අව්යාපාදයෙහි සමාදන් කරවයි. අව්යාපාදයෙහි අනුදන්නේත් වෙයි. අව්යාපාදය පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
4. 7. 10.
[මිච්ඡාදිට්ඨි සූත්රය]
10. [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...]
තෙමේත් මිථ්යාදෘෂ්ටි ඇතියේ වෙයි. මෙරමාත් මිථ්යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්යාදෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි. මිථ්යාදෘෂ්ටිය පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...]
තෙමේත් සම්යග්දෘෂ්ටි ඇතියේ වෙයි. මෙරමාත් සම්යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්යග්දෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි. සම්යග්දෘෂ්ටිය පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
කර්මපථවර්ගය සත්වැනි යි.