4. 7. 9.
[බ්යාපන්නචිත්ත සූත්රය]
9. [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...]
තෙමේත් ව්යාපන්න සිත් ඇත්තේ වෙයි. මෙරමාත් ව්යාපාදයෙහි සමාදන් කරවයි. ව්යාපාදයෙහි අනුදන්නේත් වෙයි. ව්යාපාදය පිළිබඳ ගුණ කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදිම නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...]
තෙමේත් ව්යාපාද රහිත සිතැත්තේ වෙයි. මෙරමාත් අව්යාපාදයෙහි සමාදන් කරවයි. අව්යාපාදයෙහි අනුදන්නේත් වෙයි. අව්යාපාදය පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
4. 7. 10.
[මිච්ඡාදිට්ඨි සූත්රය]
10. [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...]
තෙමේත් මිථ්යාදෘෂ්ටි ඇතියේ වෙයි. මෙරමාත් මිථ්යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්යාදෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි. මිථ්යාදෘෂ්ටිය පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...]
තෙමේත් සම්යග්දෘෂ්ටි ඇතියේ වෙයි. මෙරමාත් සම්යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්යග්දෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි. සම්යග්දෘෂ්ටිය පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.]
කර්මපථවර්ගය සත්වැනි යි.
8. රාගපෙය්යාලය
4. 8. 1.
[චතුසතිපට්ඨාන සූත්රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස ධර්මයෝ සතර දෙනෙක් වැඩිය යුතුයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කෙලෙස් තවන වීර්ය්ය ඇතියේ නුවණින් දන්නේ ස්මෘතිමත් වූයේ පඤ්චස්කන්ධලෝකයෙහි අභිධ්යාදොම්නස්ය දුරු කොට කයෙහි කය නුවණින් දක්නේ වෙසෙයි. වේදනායෙහි ... චිත්තයෙහි ... කෙලෙස් තවන වීර්ය්ය ඇතියේ නුවණින් දන්නේ ස්මෘතිමත් වූයේ පඤ්චස්කන්ධලෝකයෙහි අභිධ්යාදෞර්මනස්ය දුරු කොට ධර්මයෙහි ධර්මය නුවණින් දක්නේ වෙසෙයි.
මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස මේ සතර ධර්මයෝ වැඩිය යුත්තාහ.
4. 8. 2.
[චතුසම්මප්පධාන සූත්රය]
2. මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස ධර්මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශල ධර්මයන්ගේ අනුත්පාදය පිණිස ඡන්දය උපදවයි. ව්යායාම කෙරෙයි. වීර්ය්යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. උපන් ලාමක අකුශල ධර්මයන්ගේ ප්රහාණය පිණිස ... නූපන් කුශලධර්මයන්ගේ උත්පාදය පිණිස ... උපන් කුශලධර්මයන්ගේ ස්ථීතිය පිණිස සම්මොෂය නොවනු පිණිස භූයෝභාවය පිණිස වෛපුල්යය පිණිස භාවනායෙන් පරිපූර්ණත්වය පිණිස ඡන්දය දනවයි. ව්යායාම කෙරෙයි. වීර්ය්යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්රධන්වීර්ය්යය කෙරෙයි.
මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස මේ සතර ධර්මයෝ භාවිතව්යයෝ යි.
4. 8. 3.
[චතුරිද්ධිපාද සූත්රය]
3. මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස ධර්මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්දසමාධි පූර්වක ප්රධන්වීර්ය්ය සඞ්ඛ්යාත සංස්කාරයෙන් සමන්වාගත ඍද්ධිපාදය භවයි. වීර්ය්යසමාධිපූර්වක ... චිත්තසමාධිපූර්වක ... විමංසාසමාධිපූර්වක ප්රධන්වීර්ය්ය සඞ්ඛ්යාත සංස්කාරයෙන් සමන්වාගත ඍද්ධිපාදය භවයි:
මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස මේ සතර ධර්මයෝ භාවිතව්යයෝ යි.