4. 4. 5. 7.
[මල්ලිකා සූත්රය]
47. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ අරම්හි වසන සේක. එකල්හි මල්ලිකා දේවි භාග්යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුනු. එකත්පස්ව හුන් මල්ලිකා දේවිය භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළා:
“වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් යම් හෙයෙකින් දුර්වර්ණ හා විරූපිණි හා දක්නට අතිශය ලාමක හා වේ නම්, දිළිඳු වූවා තමා සතු අල්පධනධාන්ය ඇතියා අල්පභෝග ඇතියා අල්පේශාක්ය වූවා ද වේ නම් එයට හේතු කවරේ ය? ප්රත්ය කවරේ ය?
වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් දුර්වර්ණ හා දුරූපිණී හා දක්නට ඉතා ලමු වූවා, ආඪ්ය ද මහත් ධන ඇත්තී ද මහත් භෝග ඇත්තී ද මහේශාක්ය ද වේ නම් එයට හේතු කවරේ ය? ප්රත්ය කවරේ ය?
වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් විශිෂ්ට රූ ඇත්තී දර්ශනීය වූවා දුටුවන් පහදවන්නී උතුම් වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වූවා, දිළිඳු ද වූවා අල්පස්වක වූවා අල්පභෝග වූවා අල්පේශාක්ය ද වූවා නම් එයට හේතු කවරේ ය? ප්රත්ය කවරේ ය?
වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් අභිරූප ඇත්තී දර්ශනීය වූවා ප්රසාද එළවන්නී උත්තම වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වූවා, ආඪ්ය වූවා මහත් ධන හා මහත් භෝග ද ඇත්තී මහේශාක්ය ද වේ නම් එයට හේතු කවරේ ය? ප්රත්ය කවරේ ය?”
මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපායාස බහුල කොට ඇත්තී කිපෙනසුලු වෙයි මඳකුදු කියන ලද්දී ම ගැටෙයි කිපෙයි. ප්රකෘතිය හරණේ යි. තද වෙයි. කෝපයත් ද්වේෂයත් අප්රීතියත් පහළ කෙරෙයි. ඕ මහණකුට බමුණකුට වේවයි අහර පැන් වස්ත්ර යාන මල් ගඳ විලෙවුන් ශය්යා ආවාස ප්රදීපෝපකරණ නො දෙන්නී වෙයි. ඊර්ෂ්යායෙන් යුත් සිත් ඇත්තී වෙයි. මෙරමාගේ ලාභසත්කාර ගුරුකාර මානන වන්දන පූජායෙහි ඊර්ෂ්යා කෙරෙයි. ද්වේෂ කෙරෙයි. ඊර්ෂ්යා බඳියි. ඕ ඉදින් ඉන් ච්යුත වූවා ඉහාත්මභාවයට ඒ නම් ඕ යම් ම තැනෙක උපදී නම් දුර්වර්ණ ද වෙයි. දුරූපිණී ද වෙයි. දක්නට ඉතා ලමු ද වෙයි. අල්පස්වක වූවා අල්පභෝග වූවා අල්පේශාක්ය ද වූවා දිළිඳු ද වෙයි.
මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට ඇත්තී කිපෙනසුලු වෙයි. මඳකුදු කියන ලද්දී ම ලැගෙයි. කිපෙයි. සැහැවි හරියි. කොවින් තද වෙයි. කෝප හා ද්වේෂ හා අප්රත්යය හා පාළ කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි ආහාර වපාන වස්ත්ර යාන මල් ගඳ විලෙවුන් ශය්යා ආවසථ හා ප්රදීපෝපකරණ දෙනු වෙයි. මෙරමාගේ ලාභ සත්කාර ගුරුකාර මානන වන්දන පූජනායෙහි ඊර්ෂ්යායෙන් තොර සිත් ඇත්තී ඊර්ෂ්යා නො කරයි. ද්වේෂ නො කරයි. ඊර්ෂ්යා නො බඳියි. ඉදින් ඕ ඉන් ච්යුත වූවා මෙ අත්බවට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදී නම්, දුර්වර්ණ ද වෙයි. දුරූපිණී ද වෙයි. දක්නට ඉතා ලමු ද වෙයි. මහත් ධන මහා භෝග ඇත්තී ආඪ්ය ද වෙයි. මහේශාක්ය ද වෙයි.
මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට නැත්තී නො කිපෙනසුලු වෙයි. බොහෝ කොට කියන ලද නමුදු නො ලැගෙයි. නො කිපෙයි. සැහැවි නො හරියි. කොවින් තද නො වෙයි. කෝප හා ද්වේෂ හා අප්රත්යය හා පාළ නො කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි අන්නපාන වස්ත්රයාන මාලාගන්ධ විලේපන ශය්යා ආවසථ හා ප්රදීපෝපකරණ නො දෙනු වෙයි. මෙරමාගේ ලාභ සත්කාර ගුරුකාර මානන වන්දන පූජනායෙහි ඉසිමන් ඇත්තී ඊර්ෂ්යා කෙරෙයි. ද්වේෂ කෙරෙයි. ඊර්ෂ්යා බඳියි. ඕ ඉදින් එයින් ච්යුත වූවා මෙ අත්බවට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදිනී නම්, අභිරූප ඇති වෙයි. දර්ශනීය වෙයි. පහදවන්නී වෙයි. උත්තම වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වෙයි. අල්පස්වක වූවා අල්පභෝග වූවා දිළිඳු ද වෙයි. අල්පේශාක්ය ද වෙයි.
මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට නැත්තී නො කිපෙනසුලු වෙයි. බොහෝ කොට කියන ලද ද නො ලැගෙයි. නො කිපෙයි. සැහැවි නො හරියි. කොවින් නො තද වෙයි. කෝප හා ද්වේෂ හා අප්රත්යය හා පාළ නො කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි අන්නපාන වස්ත්ර යාන මාලාගන්ධ විලේපන ශය්යා ආවසථ හා ප්රදීපෙය දෙයි. පරලාභ සත්කාර ගුරුකාර මානන වන්දන පූජනායෙහි ඊර්ෂ්යායෙන් නො වැඩුනු සිත් ඇත්තී ඊර්ෂ්යා නො කරයි. ද්වේෂ නො කරයි. ඊර්ෂ්යා නො බඳියි. ඕ ඉදින් ඉන් ච්යුත වූවා ඉහාත්මභාවයට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදිනී නම්, අභිරූපිණී වෙයි. දර්ශනීය වෙයි. ප්රාසාදිකා වෙයි. උතුම් වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වෙයි. මහත් ධන මහත් භෝග ඇත්තී ආඪ්ය වෙයි. මහේශාක්ය වෙයි.
මල්ලිකාවෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් දුර්වණ ද දුරූපිණී ද දර්ශනයට ඉතා ලමු ද වේ නම්, අල්පස්වක අල්පභෝග වූවා දිළිඳු ද වේ නම්, අල්පේශාක්ය ද වේ නම්, මේ එයට හේතු යි, මේ එයට ප්රත්යයි.
මල්ලිකාවෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් දුර්වණ ද දුරූපිණී ද දර්ශනයට ඉතා ලමු ද වේ නම්, මහත් ධන මහත් භෝග ඇත්තී ආඪ්ය ද වේ නම්, මහේසැකි ද වේ නම්, මේ එයට හේතු යි, මේ එයට ප්රත්යයි.
මල්ලිකාවෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් අභිරූප දර්ශනීය ප්රාසාදිකා වූවා උත්තම වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වේ නම්, අල්පස්වක අල්පභෝග වූවා දිළිඳු ද අල්පේශාක්ය ද වේ නම්, මේ එයට හේතු යි, මේ එයට ප්රත්යයි.