මහණ, මැනව, මැනව, මහණ තාගේ ප්රඥාගමන මැනව, ප්රතිභානය මැනව, පරිපෘච්ඡාව කලණය. “වහන්ස, කවරක්හු විසින් ලෝකය ගෙණ යනු ලැබේ ද? කවරක්හු විසින් ලෝකය අදනා ලැබේ ද? උපන් කවරක්හුගේ වසයට යේ දැ” යි මහණ තෝ මෙසේ විචාරන්නෙහි නො වේ ද? වහන්ස, එසේ ය.
මහණ, සිත විසින් ලෝකය ගෙණයනු ලැබේ. සිත විසින් අදනා ලැබේ. උපන් චිත්තයාගේ වසයට යෙයි.
‘වහන්ස, මැනවැ’ යි ඒ මහණ භාග්යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන්ව භාග්යවතුන් වහන්සේ වෙතින් මතුයෙහිත් පැණ පිළිවිසී: වහන්ස, ‘බහුශ්රැතය ධර්මධරය, බහුශ්රැතය ධර්මධරය’ යි කියනු ලැබේ. වහන්ස, ‘කෙපමණෙකින් බහුශ්රැතය ධර්මධරය’ යි කියනු ලැබේ ද?
මහණ, මැනව, මැනව, මහණ තාගේ ප්රඥාගමනය මැනව, ප්රතිභානය මැනව, පරිපෘච්ඡාව කල්යාණය. “වහන්ස, බහුශ්රැතය ධර්මධරය, බහුශ්රැතය ධර්මධරය යි කියනු ලැබේ. වහන්ස, කෙප මණෙකින් බහුශ්රැතය ධර්මධරය කියනු ලැබේ” දැ යි මහණ තෝ මෙසේ විචාරන්නෙහි නොවේ ද? වහන්ස, එසේ ය.
මහණ, මා විසින් සුත්ත, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල ය යි බොහෝ දහම්හු දෙසන ලදහ. මහණ, සිවුපැදි ගාථායෙක්හි දු අරුත් දැන පෙළ දැන ධර්මානුධර්මප්රතිපන්නව වෙසේ ද, ‘බහුශ්රැතය, ධර්මධරය’ යි කියන්නට නිසි වෙයි.
වහන්ස, මැනවැ යි ඒ මහණ භාග්යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙණ අනුමෝදන් ව භාග්යවතුන් වහන්සේ අතින් මතුයෙහිත් පැණ පිළිවිසී: ‘වහන්ස, ශ්රැතවත්ය, කෙලෙස් නිඃශේෂයෙන් ම බිඳ ලන නුවණැත්තෙක, ශ්රැතවත්ය, කෙලෙස් නිඃශේෂයෙන් ම බිඳ ලන නුවණැත්තෙකැ’ යි කියනු ලැබේ. වහන්ස, කෙපමණෙකින් ශ්රැතවත් නිර්වේධකප්රඥා ඇත්තේ වේ ද?
මහණ, මැනව, මැනව, මහණ, තාගේ ඥානගතිය මැනව, වටහනු මැනව, පිළිවිසුම් භද්රය. “ශ්රැතවත්ය, නිර්වේධකප්රඥා ඇත්තේය, ශ්රැතවත්ය නිර්වේධකප්රඥා ඇත්තේය” යි කියනු ලැබේ. වහන්ස, කෙපමණෙකින් ශ්රැතවත් නිර්වේධකප්රඥා ඇත්තේ වේ දැ’ යි මහණ, තෝ මෙසේ විචාරන්නෙහි නො වේ ද? වහන්ස, එසේ ය.
මහණ, මෙසස්නෙහි මහණහු විසින් ‘මේ දුකැ’යි අසන ලද්දේ වෙයි. ඔහුගේ මාර්ගප්රඥායෙන් අර්ත්ථය ඔවිද දක්නේ ය. “මේ දුඃඛසමුදය යි” අසන ලද්දේ වෙයි. ඔහුගේ මග නැණිනුදු බිඳලා දකී. “මේ දුඃඛනිරෝධය”යී අසන ලද්දේ වෙයි. ඔහුගේ මගනැණිනුදු අර්ත්ථය බිඳපියා දකියි. “මේ දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාය” යි අසන ලද්දේ වෙයි. ඔහුගේ මග නැණිනුත් අර්ත්ථය විනිවිද දකියි. මහණ මෙසේ ‘ශ්රැතවත් නිර්වේධකප්රඥා ඇත්තේ වේ ය’ යි.
වහන්ස, මැනැවැ යි ඒ මහණ භාග්යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දනා කොට අනුමොව භාග්යවතුන් වහන්සේ අතින් මතුයෙහිත් ප්රශ්න පිළිවිසී: “වහන්ස, පණ්ඩිතය මහාප්රාඥය, පණ්ඩිතය මහාප්රාඥය” යි කියනු ලැබේ. වහන්ස, කිපමණෙකින් පණ්ඩිත මහාප්රාඥ වේ ද?
මහණ, මැනව, මැනව, තාගේ ප්රඥාගතිය භද්රය, ප්රතිභානය භද්රය, පිළිවිසුම් කල්යාණය. මහණ, “පණ්ඩිතය මහාප්රාඥය, පණ්ඩිතය මහාප්රාඥය” යි කියනු ලැබේ. ‘වහන්ස, කිපමණෙකින් පණ්ඩිත මහාප්රාඥ වේ දැ’ යි තෝ මෙසේ අසන්නෙහි නො වේ ද? වහන්ස, එසේ ය.
මහණ, මෙලොව පණ්ඩිත මහාප්රාඥ ආත්මව්යාබාධය පිණිස නොසිත යි. පරව්යාබාධය පිණිස නොසිතයි. උභයව්යාබාධය පිණිස නොසිත යි. සිතන්නේ ද ආත්මහිතය, පරහිතය, උභයහිතය. මෙසේ සර්වලෝකහිතය ම හිතයි. මහණ, මෙසේ පණ්ඩිත මහාප්රාඥ නම් වේ.
4. 4. 4. 7.
ද්වතීයවස්සකාර සූත්රය
37. එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එක්බිති මගධමහාමාත්ර වූ වස්සකාර බමුණු භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් මගධමහාමාත්ර වස්සකාර බමුණු භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: